ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ නව මුල්‍ය පහසුකම් ලබා දීමට සූදානමක් නොමැති බව ලෝක බැංකුව අවධාරණය කර සිටියි.
අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මුදල් නොමැතිව සිටින ශ්‍රී ලංකාවට නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් නව මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් කර නොමැති බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
"ශ්‍රී ලංකාව සඳහා දැනටමත් අනුමත කර ඇති ව්‍යපෘතිවල සම්පත් යොදා ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා ගෙවීමට, දිළිඳු ජනතාවට, අවදානමට ලක් වූ පවුල්වලට, ගොවියන්ට සහ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමට සේම අවදානමට ලක් වූ පවුල්වල පාසල් දරුවන්ට ආහාර සැපයීමට ලෝක බැංකුව කටයුතු කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකමය ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සුදුසු ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට ලෝක බැංකුව සහාය ලබා දෙයි.
කෙසේ නමුත් ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන ණය ලබා දීමට සැලසුම් කර ඇති බවට පළ වූ මෑත කාලීන මාධ්‍ය වාර්තා නිවැරදි නොවේ."
Lanka Newsweek © 2022