මානව සංහතියේ අතීත, වර්තමාන සහ අනාගත ඉතිහාසයේත් ක්‍රියාත්මක නොනැවති අභ්‍යාස වන මහා විප්ලවය නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක වන අධිෂ්ඨානශීලී විප්ලවීය අරගලයයි. නිදහස යනු මානව සංහතියේත් ජෛව සංහතියේත් වටිනාතම බලාපොරොත්තුවයි.
ආශ්‍රය කිරීමේ නිදහස, විශ්වාස කිරීමේ නිදහස, කතා කිරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස, ජනමාධ්‍ය නිදහස, ජීවිතයේ කෙනෙකුගේ තත්ත්වය තෝරා ගැනීමේ නිදහස, අධ්‍යයන නිදහස, කලාත්මක නිදහස, බුද්ධිමය නිදහස, විද්‍යාත්මක නිදහස, ආර්ථික නිදහස, ආගමික නිදහස, දේශපාලන නිදහස, සිවිල් නිදහස සහ පොදුවේ නිදහස වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය 1946 සැප්තැම්බර් 06 වැනිදා ආරම්භ වී ඇත.
ශ්‍රී ලාංකික ඔබ අප සැමගේ ජීවිතයන්හි උක්ත නිදහස් වටිනාකම් සුරක්ෂණයට පමණක් නොව තව දුරටත් තහවුරු කිරීම සඳහා එක්සත් පක්ෂය වසර 56 ක් නොනැනවති ක්‍රියාත්මක වී ඇත. සමස්ථ ශ්‍රී ලාංකේය ජාතියම එක්සත් කරමින් "ජාතික නිදහස" දිනා දීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් කිරීම එක්සත් ජාතික පක්ෂයේ මුල්ම ජයග්‍රහණයකි.
එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෲ මහාමාන්‍යය ඩී.ඇස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ මෙහෙයවිමෙන් සහ අප්රහිත කැපවිමෙන් ජාතික නිදහස සාක්ෂාත්කර ගැනීම ශ්‍රී ලාංකේය ජාතියම ලත් විජයග්‍රහණයකි යනු සියලු දනන් පිළි ගන්නා සත්‍යයකි. උදාර මිනිස් අභිලාෂයන් වෙනුවෙන් දේශපාලනයේ නියුතු එක්සත් ජාතික පක්ෂය, ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී සංගමයේ සාමාජිකත්වය දරන විශ්වදේශිය පක්ෂයකි. ජර්මනියේ මියුනිච් හි මූලස්ථානය පිහිටා ඇති විවිධ රටවල් හැට තුනකින් පූර්ණ සහ ආශ්රිත සාමාජිකයින් හැත්තෑ තුන් දෙනෙකුගෙන් උක්ත සංවිධානය ක්‍රියාත්මක වේ.
යුරෝපීය ප්රජාතන්ත්රවාදී සංගමය, (EDU) කැරිබියානු ප්රජාතන්ත්රවාදී සංගමය, (CDU) ආසියා පැසිෆික් ප්රජාතන්ත්රවාදී සංගමය, (APDU) අප්‍රිකානු ප්රජාතන්ත්රවාදී සංගමය, ලතින් ඇමරිකානු පක්ෂ සංගමය, කැරිබියානු ප්රජාතන්ත්රවාදී සංගමය, යුරෝපීය මහ ජන පක්ෂය, යුරෝපීය කොන්සර්වේටිව් පක්ෂය, යුරෝපීය ප්රතිසංස්කරණවාදී පක්ෂය, ජාත්‍යන්තර තරුණ ප්රජාතන්ත්රවාදී සංගමයට අනුබද්ධ තරුණ අංශය සහ ජාත්‍යන්තර කාන්තා ප්රජාතන්ත්රවාදී සංගමයට අනුබද්ධ කාන්තා අංශය ද මෙම සංගමය සමග සංවිධාන ගත වී ඇත.
ලෝක ප්රජාතන්ත්රවාදී සංගමයේ සාමාජිකත්වය දරන ආසියා පැසිෆික් ප්රජාතන්ත්රවාදී සංගමයේ වත්මන් සභාපතිවරයා වනුයේ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පක්ෂයේ නායක සහ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහයන් ය.
ආසියා පැසිෆික් ප්රජාතන්ත්රවාදි සංගමයේ සාමාජිකත්වය දරන රටවල් සහ ඒ ඒ රටවල දේශපාලන පක්ෂ 15 වනුයේ ඔස්ට්‍රෙලියාවේ Liberal Party, බංගලිදේශයේ Nationalist Party, කැනඩාවේ Conservative Party, තායිවානයේ Kuomintang party, චිලී රටේ National Renewal Party, එල් සැල්වදෝරයේ Nationalist Republican Allian Party, ඉන්දියාවේ Bharatiya Janata Party, ඉන්දුනිසියාවේ National Awakening Party, දකුණු කොරියාවේ People Power Party, මාලදිවයිනේ Democratic Party, මොන්ගෝලියාවේ Democratic Party, නේපාලයේ Rastriya Prajatantra Party, නවසීලන්තයේ National Party, ශ්‍රී ලංකාවේ United National Party සහ ඇමරිකාවේ Republican Party ආදියයි.
ඒ අනුව ජාත්‍යන්තර දේශපාලනයේදී එකසත් ජාතික පක්ෂය විශ්ව දේශිය පක්ෂයක් වශයෙන් ගෝලීයව පිළි ගැනිමට ලක් වී ඇති කිර්තිමත් පක්ෂයකි. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහයන් ද ලෝකයම පිළි ගත් ලෝකයේම ගෞරවයට පාත්රව ඇති සිංහල ජාතියේ විශ්ව සංකේතය දිනා ඇති ශ්‍රී ලාංකේය දේශපාලනඥයෙකු බව ලෝකයාම පිළි ගන්නා කාරණයකි යනු සත්‍යයකි.
The Mont Pelerin Society (මොන්ට් පෙලරින් සංවිධානය) යනු ආර්ථික විද්‍යාඥ්යින්, දාර්ශනිකයන්, ඉතිහාසඥයින්, ගෝලීයව පිළි ගැනිමට ලක් වු බුද්ධිමතුන් සහ ව්‍යාපාරික නායකයින්ගෙන් සැදුම්ලත් ජාත්‍යන්තර සංවිධානයකි. මෙම සංවිධානය ජපානය, ඩෙන්මාර්කය, ස්විඩනය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව, පේරු, ගෝතමාලාව,මොන්ට්නිග්රෝ, ස්විඩනය, ඔස්ට්‍රියාව, ඉන්දියාව, ස්පාඤ්ඤය, හංගේරියා, ඉතාලිය, ප්‍රංශය සහ උරුගුවේ ආදී නොයෙක් රටවල් නියෝජනය කරන වර්තමානය පමණක් නොව අනාගතයද විද්‍යාත්මකව පුරෝකතනය කළ හැකි උගතුන් සහ බුද්ධිමතුන් දහස් ගණනක් ඒකරාශි වන බලවත් සංවිධානයකි.
මොන්ට් පෙලරින් සංවිධානයයේ ප්රමුඛ තනතුරුවලට පත්වූ විශිෂ්ඨයන් අතර බටහිර ජර්මනියේ චාන්සලර් ලුඩ්විග් අර්හාර්ඩ්, (Ludwig Erhard ) ඉතාලියේ ජනාධිපති ලුයිගි අයිනාඩි, (Luigi Einaudi ) ෆෙඩරල් සංචිත මණ්ඩලයේ සභාපති ආතර් එෆ්. බර්න්ස් (Arthur F. Burns) සහ රාජ්‍ය ලේකම් ජෝර්ජ් ෂුල්ට්ස් (George Shultz) ද වූහ.
සම කාලීන ප්රමුඛ, උගත් සහ බුද්ධිමත් ලෝකයේ පිළි ගැනිමට ලක් වු දේශපාලන චරිත අතර, චෙක් ජන රජයේ හිටපු ජනාධිපති වොක්ලව් ක්ලවුස් (Václav Klaus) සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, (Ranil Wickremasinghe) එක්සත් රාජධානියේ හිටපු චාන්සලර් ශ්‍රීමත් ජෙෆ්රි හෝව්, (Sir Geoffrey Howe) හිටපු ඉතාලි විදේශ සහ ආරක්ෂක අමාත්‍ය ඇන්ටෝනියෝ මාටිනෝ, (Antonio Martino) චිලී මුදල් ඇමති කාලෝස් සීසෙරස් (Carlos Cáceres) සහ නවසීලන්තයේ හිටපු මුදල් ඇමති රූත් රිචඩ්සන් (Ruth Richardson) යන අය ප්‍රධානය. දියුණු ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයන් මෙම සංවිධානයේ සාමාජිකත්වය දරමින් ඇත.
ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ ජාත්‍යන්තර සංවිධානවල පිළි ගැනිමට ලක් වු කොළඹ විශ්ව විද්‍යාලයෙන් බිහි කළ කීර්තිමත් පමණක් නොව ගෞර්වයට පාත්‍ර වූ බුද්ධිමත් උගත් ලෝ පතල දේශපාලනඥයෙකි රනිල් වික්‍රමසිංහ යනු නිවැරදිය. කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය. ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය සය වරක් ඉසිලූ එකම පුද්ගලයා වනුයේ රනිල් වික්‍රමසිංහ මහතා ය.
ගෝලීයව පිළි ගැනිමට ලක් වු කීර්තිමත් උගත් දේශපාලනඥයෙකු වශයෙන් ආර්ථිකය, අධ්‍යාපනය සහ මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සඳහා රනිල් වික්‍රමසිංහයන් කළ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලය (Deakin University in Australia) 2017 පෙබරවාරි 14 වැනිදා ඔහු වෙත ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමා ඇත.
සමස්ත ලෝකයේම පිළි ගැනිමට ලක් වු ස්වදේශිය උගතෙකු සහ ගෝලීය මට්ටමේ ප්‍රාමාණික බුද්ධිමතෙකු වන රනිල් වික්රමසිංහයන්ට විකල්පයක් යනු තවමත් අපහැදිලි කාරණයකි. රනිල් වික්‍රමසිංහයන්ගේ දේශපාලන කැපවිම (Political Commitment) සහ වෘත්තීයමය කැපවීම (Professional Commitment) සැබැවින්ම අනාගතය වෙනුවෙනි යනු සත්‍යක්මය.
මැක්සිම් ගෝර්කී මෙසේ ප්‍රකාශ කර ඇත. නරක මිනිසුන් නිසා හැම විටම හොඳ මිනිස්සු දුක් විදති. තාඩන පීඩනවලට ගොදුරු වෙති. හොඳ මිනිසුන්ට වඩා නරක මිනිසුන් තමන් දක්ෂයෝ යැයි ඔප්පු කිරිමට නොකරන දෙයක් නැත. නරක මිනිස්සු ඉක්මනට දියුණු වෙති. එහෙත් අන්තිමේ දී හැම විටම බලාපොරොත්තු නොවු දෙයක් සිදුවි නරක මිනිසුන් පැරදි හොඳ මිනිස්සු ජය ගනිති. නායකයෙකුගේ පළමු වගකීම වන්නේ යථාර්ථය නිර්වචනය කිරීමයි. නායකත්වය යනු දර්ශනය යථාර්ථයට පරිවර්තනය කිරීමේ හැකියාවයි.
True leaders are statues, whether it rains or it shines, they never bend their necks to look backwards..! They never run away from Challenges. Successful leaders see the opportunities in every difficulty rather than the difficulty in every opportunity.
Lanka Newsweek © 2024