Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් කියන්නේ ඇයි..?


2022-04-10 14336

 

රටේ උද්ගත වී ඇති තත්ත්වයට හේතුව රාජ්‍යයේ අසාර්ථකත්වයයි 

 

තරුණ නැගිටීම ඒ නිසයි 

 

 
(දේශප්‍රිය නානායක්කාර)

 

"The Worst Evils Which Mankind Has Ever Had To Endure Were Inflicted By Bad Governments"

-Ludwig von Mises-

කාල් එමිල් මැක්සිමිලියන් වෙබර් ගේ (Maximilian Karl Emil Weber) දේශපාලන න්‍යායන්ට අනුව, රාජ්‍යයක් යනු එහි දේශසීමාවල භෞතික බලය නීත්‍යානුකූලව භාවිතා කිරීමේ ඒකාධිකාරයක් පවත්වා ගෙන යාම ලෙස අර්ථ දැක්වේ.

1990 දශකයේ දී රාජ්‍ය අසාර්ථකත්වය (State Failure) යන සංකල්පය නිර්‍මාණය කළ දා සිට ආරක්‍ෂාව සහ සංවර්ධන අභියෝග පොදුවේ රාජ්‍ය අසාර්ථකත්වය ට හේතු වී ඇත. මහාචාර්ය රොබට් අර්වින් රොට්බර්ග්ට (Robert Irwin Rotberg) අනුව රාජ්‍යයන් අසාර්ථක යැයි සැලකෙන්නේ, අභ්‍යන්තර ප්‍රචණ්ඩත්වයෙන් ජන සමාජය හිරි හැරයට පත් වන විට  සහ සිය වැසියන්ට ධනාත්මක සේවාවන් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීම නැවැත්වූ විට ය.

අසාර්ථක රාජ්‍යක් මැනීමේ අනෙකුත් දර්ශක අතර කොල්ලකාරී රජයන් භූමිය කොල්ල කෑම, අපරාධ ප්‍රචණ්ඩත්වය සහ රණ ශූරයන්ගේ නැගීම, වෛද්‍ය පහසුකම් නොමැති වීම, අධ්‍යාපන සේවාවන් නොමැතිකම සහ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පහත වැටීම ප්‍රධානය.

එමෙන්ම රොබට් අර්වින් රොට්බර්ග්ට අනුව රාජ්‍ය අසාර්ථක වීමේ රෝග ලක්‍ෂණවලට සහශ්‍ර සංවර්ධන ඉලක්ක (Millennium Development Goal’s) අත්හැරීම, ළදරුවන්ගේ මරණ අනුපාතය වැඩි වීම, AIDS ආසාදනය වැඩි වීම සහ අධ්‍යාපන අයිතීන් සේම පහසුකම් නොමැති වීම ද ඇතුළත් වේ.

අසාර්ථක රාජ්‍යයක් යනු ස්වෛරී ආණ්ඩුවක මූලික කොන්දේසි සහ වගකීම් තව දුරටත් නිසි ලෙස ක්‍රියාත්මක නොවන මට්ටමට විසිරී ගිය දේශපාලන ආයතනයකි. ස්ථාවර රාජ්‍යයක් සඳහා රජයට සඵලතාවය(Fffectiveness) සහ නීත්‍යානුකූලභාවය යන දෙකම තීරණාත්මකවම අත්‍යාවශ්‍යය. පහත සඳහන් ලක්ෂණ අසාර්ථක රාජ්‍යයක තත්ත්වයන් සංලක්ෂිත කරනු ලබයි.

(01) භූමියේ පාලනය නැතිවීම හෝ භෞතික බලය නීත්‍යානුකූලව භාවිතා කිරීමේ ඒකාධිකාරය දුර්වල වීම හෝ අහිමි වීම.
 
(02) සාමූහික තීරණ ගැනීමේ නීත්‍යානුකූල බලය ඛාදනය වීම.
 
(03) ජන සමාජයේ මහ ජන සේවාවන් සැපයීමට නොහැකි වීම.
 
(04) ජාත්‍යන්තර ප්‍රජාවේ පූර්ණ සාමාජිකයෙකු ලෙස අනෙකුත් රාජ්‍යයන් සමඟ සාර්ථකව අන්තර් ක්‍රියා කිරීමට නොහැකි වීම යනු ප්‍රධානය.

අනෙක් අතට සමාජය සිසාරා අවිධිමත් දේශපාලන නළුවන්ගේ මතුවීම අසාර්ථක රාජ්‍යයන්වල සම්පූර්ණයෙන්ම පාලනයක් නොමැතිව දෛනිකව ක්‍රියාත්මක වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අසාර්ථක රාජ්‍යයන්වල උද්‍යෝගිමත් උද්ඝෝෂණයන්, සිවිල් ව්‍යාකූලත්වය, සිවිල් කැළඹීම, සිවිල් නොසන්සුන්තාව සහ සමාජ නොසන්සුන්තාව (Civil unrest, Or Social unrest) අභ්‍යාස වනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් අසාර්ථක රාජ්‍යයන්වල ප්‍රචණ්ඩත්වය ස්වචාරියය. (Idiosyncratic)

 

 


 

Advertiesment