සිය රටේ පොදු යහපත වෙනුවෙන් අවංකව කටයුතු කළ හෝ කරන පුද්ගලයන්ට ගරු නොකරන සමාජය තවමත් දූෂිත දේශපාලන ක්රමයේ වහලුන් ලෙස ජීවත් වෙයි. බොරු, ප්‍රචාර සහ ව්‍යාජ පුවත් අද්‍යතන යුගයට අභියෝගයකි.වංකකම අපේ ජන සමාජය සිසාරා පිළිකාවක් සේ පැතිරී ඇත. ශ්‍රී ලාංකේය ජන සමාජය රැවටීම මැතිවරණ දේශපාලනයේ මූලික අභිප්‍රාය වී ඇත. එහි ප්‍රතිවිපාක විසින් මහජන කතිකාව, ජනමාධ්‍ය, ව්‍යාපාර, සාහිත්‍යය, ශාස්ත්‍රීය සහ ජන සමාජයේ හර පද්ධතීන් සේම වටිනා ගුණ දහම් සියල්ල බෙලහීන කිරිමට සමත් වී ඇත.
එහි ප්‍රතිඵල මැතිවරණ ජය්රහණයයේ ස්වභාවයට වඩා ගැඹුරුය. ජන සමාජය රැවටීම අද්‍යතන දේශපාලන ක්රමයේ ජීවය බවට පත්ව ඇත යනු පරම සත්‍යකි. රැවටීම නොහොත් වංචා කිරීම සාමාන්‍යයෙන් විස්තර කරන්නේ අසාධාරණ වාසි ලබා ගැනීම සඳහා නීති රීති යටපත් කිරීමට සැලසුම් කර අභ්‍යාස කරන විවිධ ක්‍රියා ලෙස ය.
නුසුදුසු නිර්ණායක භාවිතා කරමින් පුද්ගලයන්ට මනාප ලබා දෙන ඕනෑම අවස්ථාවක අල්ලස්, (Bribery) ගජ මිතුරුකම් (Cronyism) සහ ඥාති සංග්‍රහය (Nepotism) කඩිනමින් අභ්‍යාස වේ. මේ තත්ත්වයට පත් වන ඕනෑම ජන සමාජයක ඊළඟ අවස්ථාව වනුයේ දේශපාලන දූෂණයයි.
දේශපාලන දූෂණය (Political Corruption) යනු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ බලතල සේම ජාල සම්බන්ධතා නීත්‍යානුකූල නොවන පුද්ගලික ලාභ සඳහා භාවිතා කිරීමයි. දේශපාලන දූෂණයේ දී අල්ලස් ගැනීම, (Bribery) පොළඹවා ගැනිමට තැත් කිරීම, (Lobbying) කප්පම් ගැනීම නොහොත් ත්රාසාද්ග්රහණය, (Extortion) ගජ මිතුරු වාදය (Cronyism) ඥාති සංග්‍රහය, (Nepotism) ප්රාන්තීයතාව නොහොත් ප්රාදේශීකවාදයේ අනුග්‍රහය සහ (Parochialism) විශේෂාධාරය (Patronage) ආදිය බෝහෝ අවස්ථාවල අභ්‍යාස වේ යනු නිවැරැදිය.
සෑම විටම දූෂණ චක්‍රය උක්ත ක්‍රියාකාරකම්වලට සීමා නොවී මත්ද්‍රව්‍ය ජාවාරම, (Drug Trafficking) මුදල් විශුද්ධිකරණය, (Money Laundering) සහ මිනිස් ජාවාරම (Human Trafficking) වැනි අපරාධ ව්‍යවසායන් සඳහා පහසුකම් සපයන බව ගෝලීය අත්දැකිම් වී ඇත. එමෙන්ම දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම (Repression of Political Opponents) සහ සාමාන්‍ය පොලිස් ම්ලේච්ඡත්වය (Police Brutality) වැනි වෙනත් අරමුණු සඳහා ආණ්ඩු බලය අනිසි ලෙස භාවිතා කිරීම ද දේශපාලන දූෂණයක් ලෙස ගෝලීයව අර්ථ දැක්වේ.
උක්ත සියල්ලම හොඳින් ක්‍රියාත්මක වීමට නම් ව්‍යාජ දේශානුරාගය, ව්‍යාජ ජාතිකත්වය, ඓතිහාසික ඉතිහාසය, ආගමික සිරිත්-විරිත්-චාරිත්‍ර ආදිය ආගමික තැරව්කරුවන් සමගින් සැළසුම් සහිතව විචිත්‍රවත් ව අභ්‍යාස කළ යුතුය. ජන සමාජය රැවටීම සඳහා මෙවැනි වංචා සහගත ක්‍රියා සහ සාවද්‍ය තොරතුරු තීරණාත්මකව අතීශය වැදගත්ය.
උක්ත සියලු ක්‍රියාදාමයන් ප්රජාතන්ත්ර වාදයට එරෙහිව අභ්‍යාස කර වන මිනිස් සංහතියේ ගුණාත්මක පැවැත්මට එරෙහි ක්‍රියාවලියන්ය. අනෙක් අතට ප්රජාතන්ත්රවාදී ක්‍රියාවල්, මානව හිමිකම් සහ ජාතියේ අනාගතය පිළිබඳ වැරදි තොරතුරුවල බලපෑම විශාල අයුරින් ජන සමාජය පිරිහිමට හේතු වනු ඇත.
ශ්‍රී ලාංකේය ජන සමාජය සිසාරා සාවද්‍ය තොරතුරු පැතිර වීමෙන් ජනයා රැවටීමේ දේශපාලන උත්සාහය විවිධාකාරයෙන් වු ශිල්පීය ක්‍රම මත පදනම්ව වඩාත් සංකීර්ණ සංසිද්ධියක් දක්වා ව්‍යාප්ත වී ඇත. සාවද්‍ය තොරතුරු මානව හිමිකම්වලට සහ හොඳ තත්ත්වයේ ප්රජාතන්ත්රවාදයේ බොහෝ අංශවල සියලුම වටිනාකම් අඟුල් දැම්මට තරම් බලවත් වනු ඇත.
මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදී පසුබෑම්වලට අනුබද්ධව වඩාත් තීව්ර සාවද්‍ය තොරතුරු රැළි අපේ ජන සමාජය සිසාරා සැළසුම් සහිතව මුදා හැර ඇති බව හොඳින් දර්ශනය වේ. අන්තර් ජාලය හරහා ව්‍යාජ තොරතුරු ජනගත කිරීම සඳහා "Internet Bot" තක්ෂණය යොදා ගැනේ. අන්තර්ජාල ව්‍යාපෘති සදහා මේ තාක්ෂණය හෙවත් "රොබෝවරු" සෑම අතින්ම අද්වීතියය. "Internet Bot" නැත හොත් පරිගණක රෝබෝවරයෙක් යනු යම් පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයේ යම් නිශ්චිත අවශ්‍යතාවයක් මුල් කර ගෙන ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක කරවනු ලබන පරිගණක මෘදුකාංගයකි.
විධිමත් නීති-රෙගුලාසි, ආයතනික ක්‍රියාමාර්ග සහ සිවිල් සමාජ ක්‍රියාමාර්ග ඇතුළුව බහු මට්ටම්වලදී වැරදි තොරතුරු යනු ගුණාත්මක සියල්ල සඳහා ඵලදායී ප්‍රතිචාර නොලැබිමට හේතු වන තීව්ර සමාජ අර්බුදයකි. වැරදි තොරතුරු සමාජ ගත කිරිමෙන් මහජන මතය හැසිර වීමට සහ සමාජ-දේශපාලන ආයතන ඛාදනය කිරීමටත්, එමඟින් ප්රජාතන්ත්රවාදය දුර්වල කිරීමටත් කටයුතු කළ හැකිය. මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්තිවලට සාවද්‍ය තොරතුරු යනු විසල් අභියෝගයකි.
සෝවියට් සාවද්‍ය තොරතුරුවලට එරෙහිව ජනාධිපති රොනල්ඩ් රේගන්1980 ගණන්වල පිහිටු වන ලද එක් අර්ධ කාලීන අන්තර් ආයතන කමිටුවක් (Active Measures Working Group) එහි මෙහෙවර ඵලදායි ලෙස ඉටු කරන ලද බව ප්රාමාණිකව උගත් දේශපාලඥයන් බහුතරයක් දන්නා කරුණකි.
ඒ අයුරින් ශ්‍රී ලාංකේය අනාගතය වෙනුවෙන් සාවද්‍ය තොරතුරුවලට එරෙහිව ජනයා නැඟි සිටිය යුතුය. ඒ සඳහා සිවිල් ජනයා ඒකරාශි විය යුතුමය. 21 වන සියවසේ ආරක්ෂක පරිසරයේ විවිධාකාර තොරතුරු ජාතික බලයේ ප්‍රධාන මෙවලමක් බවට පත්ව ඇත යනු ද නිවැරැදිය.
භූ දේශපාලනික සිදුවීම් සහ මානව හැසිරීම් කෙරෙහි බලපෑම වඩා හොඳින් අවබෝධ කර ගැනීමට, ආරක්ෂාව පවත්වා ගැනීමට සේම වඩා හොඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සත්‍ය තොරතුරු ප්‍රචාරණය ඉතා වැදගත් වේ.
Lanka Newsweek © 2024