දේශපාලන සාක්ෂරතාව යනු ජන සමාජයකට සහ රජයකට සහභාගී වීමට පුරවැසියන්ට අවශ්‍ය යැයි සැලකෙන දැනුම් සමූහයකි. රජය ක්‍රියා කරන ආකාරය සහ සමාජය මුහුණ දෙන වැදගත් ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් සේම විවිධ දෘෂ්ටි කෝණයන් ඇගයීම සඳහා වන විවේචනාත්මක චින්තන කුසලතා ද දේශපාලන සාක්ෂරතාව නියෝජනය කරනු ලබයි.
ශ්‍රී ලාංකේය දේශපාලනයේ දක්නට ලැබෙන තිව්ර අභියෝගයක් වී ඇත්තේ අවංකත්වය, සමාජකාමි කැපවීම නොහොත් පොදු යහපත (Common Good) වෙනුවෙන් වන ආකල්ප, අවංකත්වය, කැපවිම සේම විද්‍යා තාක්ෂණික දැනුම නොමැති පුද්ගලයන් මහ ජන නියෝජිතයන් වශයෙන් තේරී පත්වීම සහ එවැනි පුද්ගලයන් රාජ්‍ය සේවයේ වැදගත් ඉහළ තීරණාත්මක දේශපාලන තනතුරු දැරීමය.
(01) පාර්ලිමේන්තුවේදී දේශපාලනඥයින්ට පාර්ලිමේන්තුව නොමඟ යැවීමට ඇති ඉඩ නෛතිකව වැළැක්විය යුතුය.
(02) ඔවුන් මහ ජනතාවගේ නියෝජනයේ සේවකයින් වන අතර මහ ජන මුදල්වලින් නඩත්තුවේ. ඔවුන් ජන සමාජයේ දියුණුවට සේම ජන ජීවිතයේ කඩා වැටිමට ඍජුවම වග කිව යුතුය. ඒ සඳහා වු වගකීම සහ වගවීම පිළිබඳ නෛතික උපකරණ හඳුන්වා දිය යුතුය.
(03) අනෙක් අතට මහ ජන මුදල්වලින් ඔවුන්ට දීමනාවක් සහ වසර 5 සම්පුර්ණ කළ අයට විශ්‍රාමික වැටුපක්ද ලබා දී ඇති අතර අමතර තවත් වරප්‍රසාද සහ දීමනාවන්ටද හිමිකම් ලබා ඇත.
(04) ඒ අනුව ජනයා අවබෝධ කර ගත යුත්තෙ මහජන අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින මොවුන්ට මහ ජනතාව නොමඟ යැවීමට ඉඩ නොතැබිය යුතු බවයි.
ඒ අනුව මැතිවරණ ප්‍රචාරණය නෛතික නියාමනයට අනුව සිදු කිරිමට කටයුතු කළ යුතුය. එමෙන්ම ජාතික ප්රචාරක නීති හිතාමතාම උල්ලංඝනය කිරීම පිළිබඳව දැඩී නෛතික අවධානයක් යොමු කළ යුතුය. දේශපාලන ප්‍රකාශවල නිරවද්‍යතාවයද නීතිය මගින් නියාමනය කළ යුතුය. නීතිය මහ ජන විවාදයේ ගුණාත්මක භාවයට බලපෑම් කළ යුතුය. දේශපාලන ප්රචාරක ව්‍යාපාරවලදී අසත්‍ය ප්‍රකාශ භාවිතා කිරීම නැවැත්වීමට පුද්ගලික වගකීම (Personal Liability) ප්‍රබල දිරි ගැන්වීමකි.
(05) ජනයා නොමඟ යවන ජන සමාජය රැවටිමට කටයුතු කරන දේශපාලනඥයින්ට දඩුවම් කිරිමට නෛතික උපකරණ හඳුන්වාදිය යුතුය.
2010 දී සිය විරුද්ධවාදියාගේ පෞද්ගලික හැසිරීම සහ චරිතය ගැන බොරු කීම නිසා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවෙන් නෙරපා හරින ලද ඕල්ඩ්හැම් සහ සැඩ්ල්වර්ත් හී මහ ජන නියෝජිත (Oldham East and Saddleworth) පිලිප් ජේම්ස් වූලස් (Philip James Woolas) මන්ත්‍රීවරයාගේ සිද්ධියේදී වගේ මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේදී මෙවැනි නෛතික සහ සාම්ප්‍රදායික දේශපාලන පරිපාලන සිරිත් චාරිත්‍ර පිළිබඳ අවධානය වැදගත්මය.
(06) දේශපාලනඥයින්ගේ සහ දේශපාලන පක්ෂවල මැතිවරණ පොරොන්දු නිත්‍යානුකූලව ක්‍රියාත්මක කළ හැකි විය යුතුය.
(07) මැතිවරණ සමයේදී ම හෝ මැතිවරණට පෙර මැතිවරණ පොරොන්දු සහ ප්‍රකාශන විධිමත්ව විමසිමට විධිමත් කාර්‍ය්ක්ෂමව ක්‍රමයක් ස්ථාපිත කිරිමෙන් මැතිවරණ පොරොන්දු සහ ප්රකාශනවලට නෛතික තත්ත්වයක් ලැබෙනු ඇත.
(08) දේශපාලනඥයින්ට සත්‍ය පැවසීමට සහ ඒවා පිළිපැදීමට බල කිරිම සඳහා අත්‍යාවශ්‍ය නෛතික උපකරණ සහ බල ගැන්විමේ නෛතික ක්‍රියාපටිපාටි නීතිය (Procedural Law) නව්‍යකරණය කළ යුතුය.
(09) ඕනෑම ජන සමාජයක තිරසර දියුණුව සඳහා සාමූහික ක්‍රියාකාරකම් නොහොත් පොදු යහපත ද, (Common Good) දේශපාලනයේ සහ රාජ්‍ය සේවයේ ක්‍රියාකාරී ඵලදායී සහභාගීත්වය ද තීරණාත්මකය.
(10) මහා බල කළමණාකරණයේ සමාජ ගොඩනැගීමක් යනු, මහ ජන නියෝජිතයන්ගේ ද, විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ ද, තීරණයන්හී ජාතික වටිනාකම් පිළිබඳව ඇගයීමේ ස්වාධීන ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම-වගවීම පිළිබඳ නෛතික සම්ප්‍රදායන් නිර්මාණය කිරීම වෙනුවෙන් වන මහා සමාජයේ පිබිදීමයි.
ඒ සඳහා මානව හිමිකම් යටතේ සක්‍රිය ජාත්‍යන්තර උපකරණ වන,
(01) තොරතුරු දැන ගැනිමේ නිදහස (Freedom of Information)
(02) ඇසුරු කිරිමේ නිදහස (Freedom of association)
(03) සමාජ ප්‍රගතිය සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය. (The United Nations Declaration on Social Progress and Development)
උක්ත ප්‍රකාශය මූලික වශයෙන් ඉහළ ජීවන මට්ටම්, පූර්ණ රැකියා, ආර්ථිකය, සමාජ ප්‍රගතිය සහ සංවර්ධනයේ කොන්දේසි ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත.
(04) විද්‍යාව සහ විද්‍යාත්මක දැනුම භාවිතය පිළිබඳ ප්‍රකාශය. (Declaration on Science and the Use of Scientific Knowledge.)
(05) නීතිය බලාත්මක කරන නිලධාරීන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය. (Code of Conduct for Law Enforcement Officials)
ආදී තවත් අතීශය තීරණාත්මක ජාත්‍යන්තර නෛතික උපකරණයන්හී වටිනාකම් පිළිබඳව අවධානය ද අතීශය තීරණාත්මකය. වඩාත් උසස් අධ්‍යාපනයක් ලැබූ අවංක දේශපාලනඥයින්ගේ දේශපාලන සමාජ භාවිතාව සාමාන්‍යයෙන් වඩාත් ප්රජාතාන්ත්රියව සහ අනාගතවාදි බවට තරමක් සාක්ෂි අපට ඇත.
යහපත් අදහස් ප්‍රමාණවත් නොවේ. යහපත්ව ක්‍රියාත්මක වීමද ප්‍රමාණවත් නොවේ යනු සත්‍යයක්මය. ඒ මක්නිසාදයත්..!
සමස්ත ජන සමාජය නව්‍ය යහපත් සිතුවිලි අනුව පොදු යහපත වෙනුවෙන් ද ක්‍රියාත්මක වීම ශ්‍රී ලාංකේය ජාතියේ අනාගතයට අතීශය තීරණාත්මක වන හෙයිනි.
අප නිදහස් කියා අප හිතුවට අපේ නිදහස පාර්ශවිකය. සීමිතය. අපි වෙනත් පුද්ගලයින් සහ සංවිධාන මත යැපෙන අතර එබැවින් අපගේ බලය සීමිතය. ඕනෑම රටක පුරවැසියන්ගේ ජීවිතයේ විවිධාකාර වටිනාකම් සුරක්ෂිත වනුයේ ජාතික ආරක්ෂාව සාර්ථකව ක්‍රියාත්මක වන්නේ නම් පමණී. ජාතික ආරක්ෂාව යනු හමුදා ආරක්ෂාව පමණක් නොවේ.
අද්‍යතනව ශ්‍රී ලාංකේය ජන සමාජයේ දෛනික පැවැත්ම ජාතික වශයෙන් විසල් අනතුරකට පත් වී ඇත්තේ නූගත් වාචාල කථිකයන්ගේ රණ ඝෝෂාවන්ට බහුතර ජනයා රැවටීම හේතුවෙනි. එසේ හෙයින් කරුණාකර ඔබේ දු දරුවන්ගේ අනාගතය ඔබේ කතිරය මත ලියවී ඇති බව අමතක නොකරනු මැනවී. ජාතීමාමකයන්ට, දේශමාමකයින්ට සහ සැබෑ නායකයන්ට දූෂණ වංචා චෝදනා තිබිය නොහැක. "Once A Thief Always A Thief"
Lanka Newsweek © 2024