Monday 7th of October 2024

English Tamil
Advertiesment


E-කෘෂිකර්මයෙන් රට ගොඩනගා ලොව ජය ගනිමු 


2022-03-20 14337

 

නවීන විද්‍යා තාක්ෂණ දැනුමෙන් තොර සංවර්ධනය සිහිනයකි

 

ජනයාගේ විද්‍යාත්මක සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම රජයේ වගකීමකි  

 

Plants, The Dominating Group Of Organisms On Our Planet

 

 

(දේශප්‍රිය නානායක්කාර)

 

නව්‍ය තක්ෂණයෙන්, ඩිජිටල් කරණයයෙන් සහ කෘතිම බුද්ධියෙන් නවීකරණය වන "ඊ කෘෂිකර්මාන්තය" හෙවත් "e-Agriculture" මානව සංහතියේ අනාගතය තිරසර කරනු ඇත. "ඊ-කෘෂිකර්මය" යනු ධීවර, වන වගා සහ පශු සම්පත් ඇතුළු කෘෂිකර්මාන්තය කෙරෙහි මූලික අවධානයක් යොමු කරමින් ඩිජිටල් තක්ෂණය ඇතුළු තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයන් (ICTs) භාවිතා කිරීමට නව්‍ය ක්‍රම සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරිම වේ.

"ඊ කෘෂිකර්මය" සහ කෘෂි ආර්ථික සංවර්ධනයේ දී අභ්‍යවකාශයේ ප්‍රතිලාභ (Benefits of Space) තීරණාත්මකය. කෘෂිකර්මාන්තය පෘතුවි ග්‍රහ ලෝකයේ ජීවත් වන සමස්ත මානව සංහතියේ ආහාර සැපයුම් ජාලයද නොහොත් ලෝකයේ ආහාර සැපයුමේ පදනමද වේ යනු නිවැරදිය. අභ්‍යවකාශය පදනම් කර ගත් තාක්ෂණයට (Space-Based Technology) පාංශු තත්ත්‍වය, (Soil Conditions) ජලය ලබා ගැනීමේ හැකියාව, (Water Availability) බෝග අධීක්‍ෂණය, (Crop Monitoring) තීව්‍ර කාලගුණික අන්ත, (Weather Extremes) ස්වාභාවික දේශගුණික චක්‍රයේ දීර්ඝ වියළි කාල පරිච්ඡේද, (Prolonged Dry Period In The Natural Climate Cycle) පෘථිවියේ සේම වායුගෝලයේ ජලයේ අඛණ්ඩ චලනය (Movement Of Water Within The Earth And Atmosphere) සහ දේශගුණික විපර්යාස (Climate Change) ආදී බෝහෝ කරුණු පිළිබඳ ඉතාමත් නිවැරදී දත්ත කාර්‍යක්ෂමැව සම්ප්‍රේෂණය නොහොත් විසුරුවා හැරිය හැකිය. 

අනෙක් අතට ලෝකයේ ගොවී ජනයාට සේම ග්‍රහ ලෝක ජන ගහනයේ සමස්ත ආහාර සුරක්ෂිතතාවයට පමණක් නොව දේශගුණික අන්ත සහ විපර්‍යාස හේතුවෙන් උද්ගතවන වියදම් අධික "ව්‍යසනකාරි අභියෝග" පිළිබඳ නිවැරදි තියුණු දත්ත අභ්‍යවකාශය පදනම් කර ගත් තාක්ෂණයට නියෝජනය කළ හැකිය. ඒ අනුව උක්ත "ව්‍යසනකාරී අභියෝග" කළමනාකරණය කළ හැකිය.

සිය නිෂ්පාදනය සහ ලාභදායිත්වය එකවර ඉහළ නැංවීම සඳහා අභ්‍යවකාශය පදනම් කර ගත් තාක්‍ෂණය (Space-Based Technology) ගොවීන්ට, කෘෂි විද්‍යාඥයින්ට, ආහාර නිෂ්පාදකයින්ට සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඉතාමත්ම වැදගත්වේ. ලෝකයේ ගොවීන් වෙනස් වන දේශගුණයට අනුවර්තනය වීමට විද්‍යා තාක්ෂණික දැනුමෙන් ද, නව්‍ය උපාංගවලින් ද, විවිධාකාර වු කාර්‍යක්ෂම යන්ත්‍ර සුත්‍ර සහ උපකරණ භාවිතයෙන් ද තරඟ කරති. ඒ හේතුවෙන් ඔවුහූ නිරන්තරයෙන් ජයග්‍රහණ සමරති. ඒ කෙසේ නමුත් ශ්‍රී ලාංකේය අපි අවිද්‍යාත්මක චින්තනය සහ සාවද්‍ය දත්ත සමගින් නිරන්තරයෙන් බොරු වපුරන්නෙමු.

දුරස්ථ සංවේදක චන්ද්‍රිකා (Remote Sensing Satellites) මගින් වායුගෝලීය පීඩනයේ තත්ත්වය, පසේ තත්ත්වය, ජලයේ තත්ත්වය, සුළගේ තත්ත්වය, නියඟයේ තත්ත්වය සහ බෝග සංවර්ධනයේ තත්ත්වය ආදිය නිරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය විවිධ ප්‍රධාන දත්ත සපයනු ඇත. නිදසුනක් වශයෙන්, චන්ද්‍රිකා තාක්ෂණය පාරිසරික නිරීක්ෂණ, (Environmental Monitoring) කාල ගුණ නිරික්ෂණ, (Meteorology) සිතියම් විද්‍යාව, (Cartography) නොහොත් වර්ෂාපතන තක්සේරු කිරීම්, සුළඟ, හිරු එළිය, ඩිජිටල් සැපයුම් සංවිධානය (Digital Logistics) සහ ප්‍රාප්‍යත්ව තාක්ෂණයන් (Traceability Technologies) මගින් ග්‍රහණය වන විවිධාකාර තීරණාත්මක දත්ත ලබා ගැනීම ආදිය සේම ගොවීන්ට තම භෝග සඳහා අවශ්‍ය වන කාලය සහ වාරි ජල ප්‍රමාණය සැලසුම් කිරීමට වඩා ඵලදායි ලෙස ප්‍රයෝජනවත්  වේ.
 
විශ්ලේෂණ කලාපයක කෘෂිකාර්මික නිමැවුම කල් තියා පුරෝකථනය කිරීමට සහ වෙළඳ පොළ දත්ත, ප්‍රවාහන දත්ත, ගබඩා කිරිමේ දත්ත ආදී බහු ආංශික තියුණු කරුණු රාශියක් මෙකි තාක්ෂණය හේතුවෙන් ගොවි ජනයාට ලැබෙනු ඇත. අනෙක් අතට වෙළෙඳ පොළට සේම පාරිභෝගිකයින්ට විශ්වාසදායක තොරතුරු සපයන අතරම කෘෂි ආහාර සැපයුම් දාමයන් විධිමත් කිරීමේ හැකියාවද වඩාත්ම කාර්‍ය්ක්ෂමක වනු ඇත.

කෘෂිකාර්මික නිෂ්පාදනයේ දී කාලගුණය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත. වඩාත් දරුණු ගං වතුර සහ නියඟය නිෂ්පාදනයට බාධා කරන අතර පසෙහි ගුණාත්මක භාවය ඛාදනය කරමින් බෝග වර්ධනය, සංවර්ධනය සහ අස්වැන්න කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කරනු ලබයි. පළිබෝධ සහ රෝග ඇති වීම පිළිබඳව වගේම ජල අවශ්‍යතා මත සහ පොහොර අවශ්‍යතා මත ප්‍රශස්ත බෝග වර්ධනය, සංවර්ධනය සහ අස්වැන්න පසු අස්වනු තාක්ෂණය සඳහා කාලගුණික සාධක හේතු වන්නා සේම විවිධාකාර රෝග සහ පළිබෝධකයන්ගේ අවදානම ඉහළ නැංවීමේ උෂ්ණත්වය සහ වර්ෂාපතන රටා වෙනස් විමටද කාලගුණික අන්ත සහ දේශගුණික විපර්ර්‍යාස බලපෑම් ඇති කරනු ලබයි. 

නව්‍ය බීජ තාක්ෂණය, නව්‍ය ජල තාක්ෂණය, නව්‍ය පොහොර තාක්ෂණය, කෘතිම ප්‍රභාසංස්ලේෂණය, (Artificial Photosynthesis) ශාඛ ව්‍යුහය (Plant Structure) පත්‍ර පුටිකාවන්හී සිදුරුවල ජ්‍යාමිතික ගුණය (Geometrical Properties Of The Stoma Pores) ශාකයන්හී මුල් පද්ධතියේ  කලාප ත්‍රිත්වයේ ක්‍රියාවලිය, (The Meristematic Zone, The Zone Of Elongation, And The Zone Of Differentiation.) සර්වව්‍යාපී ස්ව්‍යංක්‍රීයණ තාක්ෂණය, (Pervasive Automation)  රේඩියෝ සංඛ්‍යාත හඳුනා ගැනීමේ තාක්ෂණය සහ (Radio-Frequency Identification-RFID Technology) සිරස් වගාවට අදාළ (Vertical Farming) තාක්ෂණය වැනි තවත් අභියෝග තිරසරව අතික්‍රමණය කළ හැක්කේ විද්‍යා තාක්ෂණික ආයෝජනය මගින්ම පමණි. 

දිරාපත්වීම හෝ කුණුවීම (Decomposition) යනු මිය ගිය කාබනික ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ්, ජලය, සරල කාබෝහයිඩ්‍රේට් සහ ඛනිජ ලවණ වැනි සරල කාබනික හෝ අකාබනික ද්‍රව්‍යවලට කැඩීමේ ක්‍රියාවලියයි. එමෙන්ම දිරාපත් කරන්නන් (Decomposers) පිළිබඳවද දැනුම අත්‍යාවශ්‍යය. ශාකයක මලක පිරිමි පරාගයේ සිට ගැහැණු කලංකය වෙත පරාග මාරු කිරීමේ ක්‍රියාව නොහොත් පරාග පෝෂණයට (Pollination) ආදාළ කෘමීන් (මී මැස්සන්, බඹරුන්, සලබයන්, සමනලුන්, මැස්සන්, කුරුමිණියන්) වඩාත් සුලභ පරාග වාහකයන් වේ. අනෙක් අතට කුරුල්ලන්, කටුස්සන් සහ ක්ෂීරපායින් වැනි පෘෂ්ඨවංශීන් විශේෂ 1,500 ක් පමණ පරාග කාරකයන් ලෙස සේවය කරනු ලබයි. දිරාපත් කරන්නන් සේම පරාග පෝෂණය කරන්නන් පිළිබඳ විද්‍යාත්මක දැනුම කෘෂිර්මාන්තයේදී සාර්ථක අස්වැන්නක් සඳහා අත්‍යාවශ්‍යය. එමෙන්ම පරාග පෝෂණය ඇණහිටිම (Pollinator Decline) පිළිබඳ අවබෝධයද තීරණාත්මක ය.

කෘෂිකාර්මික පිරිවැය අඩු කර කාලය කළමනාකරණය කර ගැනීම, ආදායම් වර්ධනය කර ගැනීම, සාර්ථකත්වය වැඩි දියුණු කර ගැනීම, සම්පත් භාවිතයේ කාර්‍ය්ක්ෂමතාවය වැඩි දියුණු කර ගැනීම, අදාළ  කඩිසරකම වේගවත්ව අභ්‍යාස කිරිම, භාණ්ඩ සැපයුම් දාමයේ දෘශ්‍යතාව නිවැරැදිව දැන ගැනිම, විවිධාකාරයෙන් වු මූලාශ්‍ර තහවුරු කර තරඟකාරී දත්ත ලබා ගැනීම, දැනුම ලබා ගැනිම, අවට පරිසර පද්ධතියට එල්ල වන අහිතකර බලපෑම් අවම කර ගැනීම, දේශීය භූගත ජලයට රසායනික ද්‍රව්‍ය  ගලායාම අවම කර ගැනීම, ගංඟාවලට රසායනික ද්‍රව්‍ය ගලායාම අවම කර ගැනීම, ශ්‍රමික ශ්‍රමයට ඇති ඉල්ලුම අඩු කර ගැනීම, ප්‍රතිපත්ති සම්පාදනයේ අවදානම අවම කර ගැනිම සේම ව්‍යාපාර-ගොවිපල යන්ත්‍රෝපකරණ ස්වයංක්‍රීයකරණය මඟින් යෙදවුම් සියුම් ලෙස සකස් කිරීම ආදිය සඳහා අවශ්‍ය තාක්ෂණය සහ උපදෙස් ලබා දෙන ආයතන රාශියක් ගෝලීයව  ක්‍රියාත්මකය.

උදාහරණයක් වශයෙන් ආචාර්ය James Crawford විසින් ආරම්භ කරන ලද කැලිෆෝනියාවේ ක්‍රියාත්මක වන කක්ෂීය තීක්ෂ්ණ බුද්ධිය යන අදහස ද්වනිත වන The Orbital Insight ආයතනය කීර්තිමත් භූගෝලීය විශ්ලේෂණ සමාගමකි. එම සමාගම මිනිස් ක්‍රියාකාරකම් රාශියක් අධ්‍යයනය කිරීම සඳහා ජංගම දුරකථන සහ භූ ස්ථානගත දත්ත ඇතුළත් චන්ද්‍රිකා, ඩ්‍රෝන්, බැලූන් සහ මිනිසුන් රහිත ගුවන් වාහන මගින් රූප විශ්ලේෂණය කරන අතර නොයෙක් දත්ත හරහා විවිධාකාර ව්‍යාපාර සහ කෘෂි කේෂ්ත්‍රයේ උපාය මාර්ගික අවබෝධයන් ලබා දෙනු ලබයි.

ගෝලීය දේශපාලන ආර්ථිකය, ( Intergenerational Political Economy) අන්තර් ජාතික ධනපති පංතිය, (Transnational Capitalist Class) නාගරික කරණය, (Urbanization) දේශගුණික විපර්‍යාස, (Climate change) සහ ජනගහන වර්ධනය(Population growth) හමුවේ ආර්ථික සංවර්ධනය යනු තීව්‍ර ඉලක්කයකි. අභ්‍යවකාශයේ ප්‍රතිලාභ අත්පත් කර ගැනිමෙහිලා චන්ද්‍රිකා තාක්ෂණය ඉතාමත් තීර්ණාත්මකය යනු නිවැරදිය. ශ්‍රී ලාංකේය කෘෂි කර්මාන්තය විද්‍යාත්මකව තියුණු කාර්යක්ෂමතාවයෙන් සපිරි දියුණුවක් කරා මෙහෙයවීමට චන්ද්‍රිකා තක්‍ෂණය තීරණාත්මකය. 
 
රාජ්‍ය මැදිහත්වීමෙන් තාක්ෂණික දියුණුව ජන ගත කිරීම අත්‍යවශ්‍යය. අද්‍යතනව අපේ රටේ අපතේ යන ආර්ථික සම්පත් සහ සැසඳීමේ දී ඊට වඩා පහසුවෙන් සහ ලාභදායි ව අභ්‍යවකාශය පදනම් වු තාක්ෂණය ලබා ගත හැකිය. ජන සමාජයකට ආණ්ඩුවක් අවශ්‍යය වනුයේ මෙවැනි ප්‍රතිපත්තිමය විද්‍යා තාක්ෂණික නව්‍යකරණයන් අභ්‍යාස කිරීම සඳහාය.

එක්සත් ජාතීන්ගේ බාහිර අභ්‍යවකාශ වස්තු දර්ශකයට (United Nations' Outer Space Objects Index.) අනුව 2021 සැප්තැම්බර් වන විට සමස්තයක් වශයෙන් LEO හී (A low Earth Orbit is An Earth-Centered Orbit Near The Planet,) සක්‍රීය චන්ද්‍රිකා 7,500 ක් පමණ ඇති බව සඳහන්‍ ය. චන්ද්‍රිකා බොහෝ අරමුණු සඳහා භාවිතා වන අතර සාමාන්‍ය වර්ග අතරට හමුදා සහ සිවිල් පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා, (Military And Civilian Earth Observation Satellites),සන්නිවේදන චන්ද්‍රිකා, (Communications Satellites) නාවික චන්ද්‍රිකා, (Navigation Satellites) කාලගුණ චන්ද්‍රිකා, (Weather Satellites) සහ අභ්‍යවකාශ දුරේක්ෂ, (Space Telescopes) ඇතුළත් වේ. අභ්‍යවකාශ මධ්‍යස්ථාන, (Space Stations) සහ කක්ෂයේ නොහොත් පරික්‍රම පථයේ (Orbit) ඇති මානව අභ්‍යවකාශ යානා ද (Human Spacecraft) චන්ද්‍රිකා වේ.

ඕනෑම රටක-ජාතියක පුළුල් කරන ලද විද්‍යාත්මක සහ තාක්ෂණික ක්‍රියාකාරකම් සේම වැඩි දියුණු කරන ලද ශ්‍රම බලකායේ හැකියාවන්, නව්‍ය දැනුම, තාක්‍ෂණය නිර්මාණය කිරීම, විද්‍යාත්මක ළමා අධ්‍යාපනය, විද්‍යාත්මක පෝෂණය සහ නිතිය පදනම් වු පාලනය මගින් ජාතික ආර්ථික සංවර්ධනයට ප්‍රතිලාභ ලබා දෙනු ඇත යනු දියුණු ජාතින්ගේ දේශපාලන ප්‍රතිපත්තින්‍ ය.

ගෝලීය මානව පවුලේ කුමන හෝ ජාතියකට නව්‍යතම විද්‍යා තක්ෂ්ණය භාවිතා කිරිමේ ප්‍රතිපත්තිමය චක්‍රයක් (A Policy Cycle) නොමැතිව ආර්ථික සංවර්ධනය සහ ආර්ථික සාමය ඇති කර ගැනිම යනු තීව්‍ර අභියෝගයක් පමණ්ක් නොව ජාතික තර්ජනයකි. කරුණා කර ජන සමාජයේ විද්‍යාත්මක සාක්ෂරතාවය (Scientific literacy) වැඩි දියුණු කීරිම සඳහා ඔබගේ දායක්ත්වය අභ්‍යාස කරනු මැනවි. විද්‍යා තාක්ෂණික දැනුම නොමැති දේශපාලන ප්‍රතිපත්තියකට සමාජ ආර්ථික දියුණුව යනු සිහිනයකි. අනාගතය බෙදා හැරිමට (Delivering Tomorrow) වගකීමෙන් ජීවත් වීම (Responsible Living) අත්‍යවශ්‍යය.

Scientific literacy means that a person can ask, find, or determine answers to questions derived from curiosity about everyday experiences. It means that a person has the ability to describe, explain, and predict natural phenomena.

 

 

Advertiesment