Monday 7th of October 2024

English Tamil
Advertiesment


කෝටි එක්ලක්ෂ පනස් හය දහසක් අච්චු ගහලා 


2022-03-20 14331

 

රට අනාථයි-ආර්ථිකය ඉවරෙටම ඉවරයි 

 

 

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ දී මේ වන විට පමණක් රුපියල් මිලියන පහළොස් ලක්ෂ හැට නව දහසක් හෙවත් රුපියල් කෝටි 156,929ක් (මිලියන 1,569,290) අච්චු ගසා තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ සහ උපාය මාර්ගික උපදේශයන් නොතකා හරිමින් ශ්‍රී ලංකා මහ බැංකුව රටත්, ආර්ථිකයත් කාබාසිනියා කරමින් උද්ධමනය අහස උසට නංවන මුදල් අච්චු ගැසීමක දිගටම නිරත වෙමින් සිටියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව මේ දක්වා වූ කාලය ඇතුළත අච්චු ගැසූ මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500 සීමාව ඉක්වමා ගොස් ඇත. 

2022 මාර්තු පළමු වැනිදා සිට මාර්තු 16 වැනිදා දක්වා මුද්‍රණය කර ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 132.66ක් වන අතර 2022 මාර්තු මස 18 වැනිදා මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුව රහසිගතව තබා ගෙන සිටියි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම අරමුදලේ නියෝජිතයා සමග සාකච්ඡා කරන අතරේ එනම්, 2022 මාර්තු 14 වැනිදා අච්චු ගසා ඇති මුදල් ප්‍රමාණය බිලියන 83 ක් වේ. 

2020 ජනවාරි ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා අච්චු ගසා ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1569.29 ක් හෙවත් රුපියල් මිලියන 1,596,290කි. එනම් රුපියල් කෝටි රුපියල් කෝටි 156,929කි. මුදල් අච්චු ගැසීමෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බව කියා සිටින අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට පත්වීමෙන් පසුව රුපියල් බිලියන 359.66 ක් අච්චු ගසා ඇත. ඩොලර් සහ ඉන්ධන අර්බුදයට අමතරව රට අභ්‍යන්තරයේ රුපියල් අර්බුදයක් ද ඇති වීමට මුලික හේතුව වී තිබෙන්නේ ද රජයේ මෙම මුදල් අච්චු ගැසීමයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට නම් මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රමුඛ මුදල් මණ්ඩලය සිදු කරන අත්තනෝමතික මුදල් අච්චු ගැසීම නවතා දැමිය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශයකි. ඒ සඳහා 1949 අංක 58 දරන මුල්‍ය නීති පනත සංශෝධනය කිරීම සඳහා මුදල් මණ්ඩලයේ සාමාජිකවත්වයෙන් භාණ්ඩාගාර ලේකම් ඉවත් කර, එම ධූරය වෘත්තිකයින් අතට පත් කළ යුතු බවට අවස්ථා ගණනාවක දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට උපදෙස් ලබා දී ඇත. එසේ තිබිය දී, මහ බැංකුව මෙසේ අඛණ්ඩව මුදල් අච්චු ගසන්නේ, "යන යකා කොරහත් බිඳ ගෙනම පලයන්" කියා විය යුතුය. 
 
කිසිදු සීමාවකින් තොරව මුදල් අච්චු ගැසීම නිසා ඩොලර් අර්බුදයක් පමණක් නොව, රට අභ්‍යන්තරයේ භාණ්ඩ මිල ඉහළ යාම දරා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත. කාබනික වගා සංකල්පයක් හදුන්වාදීමෙන් රටේ කෘෂි නිෂ්පාදනය මුළුමනින්ම පාහේ විනාශ වී ඇති අතර, එළවළු පළතුරු, බිත්තර, ඇතුළු දේශීයව නිෂ්පාදනය කරන ආහාර වර්ගවල මිල අනෙකුත් භාණ්ඩවලට වඩා ඉහළ යාමට හේතු වී තිබෙන්නේ කෘෂි නිෂ්පාදන බිඳ වැටීමය. 

 
 
 
-රජිත් කීර්ති තෙන්නකෝන්-
විධායක අධ්‍යක්ෂ 
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය 
Advertiesment