Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


මිනිස්සු ගෙවන්නේ රජෙක් තෝරපු වන්දියයි 


2022-03-18 14326

 

රජා තේරුවේ කැළණියේ නාග වස්තුව අහලයි 

 

ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි නොකළ වරදට මිනිස්සුන්ට ලැබී තිබෙන දඬුවම වැඩියි 

 

දැනුම බෙදා ගැනීමෙන් තොර හෙටක් නැහැ 

 

 

(Malcolm Sang)

 

නිවාඩු දවසක උදේ කෝපි එකයි-පත්තරෙයි එක්ක දවස පටන් ගන්න අපි හැමෝම කැමතියි. එහෙත් ලැබෙන විවේකයත් පෝලිම්වලට ගෙවල දැම්මම කෝ මිනිස්සුන්ට වෙලාවක්. තමාගේ ඡන්දය හරියට පාවිච්චි නොකළ වරදට මේ තරම් දඬුවම් විදින්න සිදු වීම අසාධාරණයි කියල හිතෙනව නම් ඒක හරි. 

මෙතන තියෙන්නෙ දැනුමේ සහ බුද්ධියේ අඩුවක්...ගඟක් පලා ගෙන නාගයෙක් ආ කතාවක් අහල රජෙක් තෝරපු වන්දියයි මිනිස්සු අද ගෙවන්නෙ. ජාතිය-ආගම-පාට-පක්ෂය නොවෙයි වැදගත්...දැනුමයි වැදගත්. 

බඩ ගින්නෙ ඉන්න මිනිස්සුන්ට මොන දැනුමද මහත්තයා..? අපට එහෙම අහන්න පුළුවන්...අල්ලට සිඟාවත් කවිය අපිට ඇහුණේ ඒ නිසයි. අකුරු උගනිව් ඉදිරි වැඩ තකා කීවෙ අකුරු හෝ විභාගවලට නොවේ. දැනුමටයි.

මේ දැනුම ලැබුණා නම් මිනිස්සු තෝරන්නෙ රජෙක් නොවේ...ජාති මාමකයෙක් නොවේ...අප්පච්චි කෙනෙක් හෝ නැන්දම්මෙක් නොවේ. තීරණ ගන්න පුළුවන් මනුස්සයෙක් හෝ බුද්ධිමතෙක්. එහෙම කෙනෙක් හිටියද කියන එක වෙනම ප්‍රශ්නයක්. එවැන්නෙක් නොසිටියා නම් නිර්මාණය කර ගැනීමත් මේ සමාජයේම වගකීමක්. 

එක අවස්ථාවක ජනමාධ්‍යවේදියෝ යොහානි ද සිල්වාගෙන් ඇහුවෙ "ඊළඟ සිංදුව මොකද්ද කියල නොවේ...ඔබ දේශපාලනයට එනව කියලයි. මෙතනින් පැහැදිලි වෙනව ශ්‍රී ලංකාවෙ සමාජය කොයි තරම් ගරා වැටිලද...ජරා ජීර්ණය වෙලාද කියලා. ගස් වටේ නටපු අංගනාවන්, කසිප්පු මුදලාලිලා සහ උපාධි ගත්ත මෝඩ රාලලා පාර්ලිමේන්තුවට යවපු එකේ ප්‍රථිපල තමයි අද අපි දකින්නෙ. 

ඒ ගරා වැටීම තෙල් නැවක් හෝ හාල් නැවක් එනතුරු කට බලිය ගෙන බලා ගෙන ඉන්න මට්ටමකට වැටිල. මෙන්න මේ නිසයි දැනුම අපිට වැදගත්...දැනුම බෙදා ගැනීමෙන් තොර හෙටක් අපිට නැහැ. ඒ මට හිතෙන හැටි. "There is no tomorrow without sharing Knowledge"

 

 

Advertiesment