Wednesday 6th of July 2022

English Tamil
Advertiesment


ජාතික ආරක්ෂාව විකුණන් කන්නන්ගේ දැන ගැනීම පිණිසයි 


2022-03-18 13211

 

වෙලාවක් කලාවක් නොමැතිව T-56 උලුක් කර ගෙන සිටීම ජාතික ආරක්ෂාව නොවේ 

 

ජාතික ආරක්ෂාව ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද..?

 

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු ද..?

 

 

(දේශප්‍රිය නානායක්කාර)

 

National Security Versus Global Security. Here Lies The Attraction In Global Security.

"What Is Best For All"

ගෝලීය මානව පවුලේ ඕනෑම ජාතියක දේශපාලන, ආර්ථික සහ සමාජ-සංස්කෘතික ජීවිතයට සියලු පුරවැසියන්ගේ සමාන සහභාගීත්වය සේම ගෞරවාන්විතව ජීවත් වීමේ නිදහස යනු ජාතික ආරක්ෂාවේ පළමු පියවරය යනු පොදු මානව සංහතියේම පිළි ගැනිමට ලක්වී ඇති බලවත් කාරණයෙකි.

සැබැවින්මැ ජාතික ආරක්ෂාව යනු ආර්ථික බලය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය, බල ප්‍රක්ෂේපණය සහ දේශපාලන බලය භාවිතා කරමින් රාජ්‍යයේ පැවැත්ම පවත්වා ගැනීමයි. 17-18 සහ19 යන සියවස්වල දි හමුදා ප්‍රහාරවලින් ආරක්ෂාවීමක් ලෙස මුලින් සංකල්පනය කරන ලද ජාතික ආරක්ෂාව අද්‍යතනව මහා විශාල පරාසයක් සිසාරා විහිදි ඇත. ඒ අනුව,

(01) හමුදා ආරක්ෂාව.

(02) ආර්ථික ආරක්ෂාව.

(03) ස්වදේශිය සම්පත් ආරක්ෂාව.

(04) දේශසීමා ආරක්ෂාව.

(05) ජන විකාශ ආරක්ෂාව.

(06) ආපදා ආරක්ෂාව.

(07 ) බල ශක්ති ආරක්ෂාව.

(08) භූ මූලෝපායික ආරක්ෂාව.

(09) තොරතුරු ආරක්ෂාව.

(10) ආහාර සුරක්ෂිතතාව.

(11) සෞඛ්‍ය ආරක්ෂාව.

(12) ජනවාර්ගික ආරක්ෂාව.

(13) පාරිසරික ආරක්ෂාව.

(14) යටිතල පහසුම් ආරක්ෂාව.

(15) සයිබර් ආරක්ෂාව. 

(16) මාර්ග තදබදය පිළිබඳ වසංගතවේදය නොහොත් මාර්ග අනතුරුවලින් ආරක්ෂාව.

(17) අන්තර්ජාතික අපරාධවලින් ආරක්ෂාව.

(18) ජීව විද්‍යාත්මක තර්ජනවලින් ආරක්ෂාව නොහොත් ජෛව ත්‍රස්තවාදී තර්ජනවලින් ආරක්ෂාව.

(19) වසංගත තර්ජනවලින් ආරක්ෂාව සහ විවිධාකාර මහජන සෞඛ්‍ය තර්ජනවලින් ජාතිය ආරක්ෂාව යන්න ජාතික ආරක්ෂාවේ දී ඉතා තීරණාත්මකය. 

තව දුරටත් අවධානය යොමු කිරිමේදී පෘතුවියේ සිට චන්ද්‍රිකාවලට පහර දිම, (Attacking Satellites From The Earth) අභ්‍යවකාශ යුද්ධ, (Scope Of Space Warfare) භුමියේ සිට කෙරෙන අභ්‍යවකාශ යුද්ධ, (Ground To Space Warfare) චන්ද්‍රිකාවලට පහර දෙන චන්ද්‍රිකා, (Satellites Attacking Satellites) අභ්‍යවකාශයේ සිට භූමිය දක්වා වූ යුද්ධ, (Space To-Ground Warfare) සේම පෘථිවිය මත පදනම් වූ ඉලක්කවලට චන්ද්‍රිකා මගින් පහර දීම වැනි අභ්‍යවකාශයේ සිට ගොඩබිම දක්වා වූ යුද්ධවලින් ආරක්ෂා වීම දක්වා ජාතික ආරක්ෂාව පුළුල් වි ඇත. 

මහාචාර්ය සැමුවෙල් මකින්ඩාගේ  (Samuel M. Makinda) ජාතික ආරක්ෂාව පිළිබඳ අර්ථ දැක්වීම වනුයේ "සමාජයේ සම්මතයන්, රීති, ආයතන සහ සාරධර්ම ආරක්ෂා කිරීම" යන්නය.

 


 

Advertiesment