Wednesday 6th of July 2022

English Tamil
Advertiesment


එලෝන් මස්ක්ගේ FI Phone-Paracetamol සහ අපේ නීතිය..!


2022-03-09 6308

 

සියල්ල වෙනස් වෙලා-රටේ නීතිය වෙනස් වෙලා නැහැ 

 

රන්ජන් රාමනායක හිර ගෙදර සිට ලියයි 

 

මට ඉතින් හිතන්න ඕනෑ තරම් වෙලාව තියෙනවා...මොකෝ ඉතින් මේ හිර ගෙදර බිත්ති අතරට කොටු වෙච්චි මම පෝළිමේ ඉන්නයෑ බූලියක් අතේ තියාගෙන...ඉතින් මේ Mobile Phone එකයි නීතියයි ගැන සමීකරණයක් ලියැ වුණා. මෙහෙමනේ...රටක් ශිෂ්ට සම්පන්න සමාජයක් ඇතිව පවත්වා ගෙන යන්නට නම් මිනිස්සු හැම වෙලාවෙම හැමදේම ගැන "Update" වෙන්න ඕනෑ. යාවත්කාලීන වෙන්න ඕනෑ. 

මේ හිර බත් කන මමත් උඹලා හැමෝමත් "Update" වෙන්නෙ නැත්තන් නිකන්ම නිකන් ඇවිදින මළ මිනී වගේ. සමහරුන්ට හොදම "Mobile Phone" එකක් තියෙනවා. හැම "Social Media" එකකම ඉන්නවා. හැබැයි ලෝකේ ගැන "Updated"නෑ. ඉතිහාසය ගැන ඒ කියන්නෙ අපේ "Foundation"  එක ගැන දන්නෙත් නෑ. 

කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා. බුද්ධිමත් වෙනවා. සමහරු මෝඩ වෙනවා. මෝඩයෝ නායකයෝ වෙනවා. නායකයෝ මෝඩයෝ වෙනවා. මානව අවශ්‍යතා වෙනස් වෙනවා. සරලව කිව්වොත් මිනිස්සුන්ගෙ මූලික අයිතිවාසිකම් විචලනය වෙනවා. අද දවසේ මං වගේ සිර ගත නොවී එළියෙ ඉන්න මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතාවන් ආහාර, ඇදුම්, නිවාස නෙමෙයි. ලයිට්-ගෑස්-ඩීසල්...

අන්න ඒ දෛනික විචලනයත් එක්ක මිනිස්සුන්ගෙ ක්‍රියා කලාපයනුත් වෙනස් වෙනවා. 1970 දශකයේ පෝලිමේ හිටපු මිනිස්සුන්ගෙ ප්‍රතිචාර අද ඉන්න අයට වඩා වෙනස්. සෑම දේකදීම මිනිස්සුන්ගෙ ප්‍රතිචාර සහ ක්‍රියා කලාපයන් නිරන්තර වෙනස් වීමකට ලක් වෙනවා.

එතකොට වැරදි කරන මිනිස්සු වැරදි කරන ස්වාභාවයනුත් වෙනස් වෙනවා. 1995 හොරකමේ ගියපු ක්‍රමයට නෙමෙයි 2022 යන්නෙ. 1985 අවුරුද්දෙ වගේ නෙමෙයි අද කොමිස් ගහන්නෙ. මේ ඔක්කොම වෙනස් වුණත් රටේ නීතිය වෙනස් වෙන්නෙ නෑ...

රටක යහ පැවැත්මට මනා නීති පද්ධතියක් අවශ්‍යයි වගේම නීති රීති "Update" වෙන්නත් ඕනෑ. අපචාරයේ යෙදීම සදහා අදටත් ඉතා සුළු මුදලක් දඩ ගහන්නෙ. ඒක ඒ නීතිය සම්මත් වුණ කාලයේ ලොකු මුදලක්. නමුත් අද අපචාර ක්‍රියා නිසා ඒ කාලයට වඩා දරුණු සමාජ හිංසනයන් සිදු වෙනවා.

ගල්කිස්සේ මහා ජාවාරමක් පිළිබදවත් සමාජයේ හෙළිදරව් වුණේ මෑතකදියි. සමහර දඩුවම් හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගෙයි. සංකීර්ණ සමාජයක දී නීතිය පවා අභියෝගයකට ලක් නොවිය යුතුයි. ඒ සදහා නව නීති ප්‍රතිසංස්කරණ  අත්‍යාවශ්‍යයි. 

අනෙක තමයි ඔළුවෙ කැක්කුමට "Paracetamol"  පෙත්තක් "Pharmacy" එකෙන් ගන්නවා වගේ තමන්ට සිද්ධ වෙන සරල අකටයුත්තක් වෙනුවෙන් නීතියෙන් තියෙන පිළිසරණ ගැනත් හැමෝටම මූලික නමුත් විධිමත් අධ්‍යාපනයක් ඕනෑමයි. නීතිය හැමෝම දන්න නිසා තමන් වැරදි නොකරන විනය ගරුක සමාජයක් බිහි වීමට ඒක මහගු පිටිවහලක්. අද මිනිස්සු නීතියට බය නොවී වැරදි කරන්නේ නීතියේ රිංගන්න සිදුරු තියෙන නිසාම නෙමෙයි. උන් නීතිය ගැන ඉගෙන ගන්නේ උන්ට නීතිය ක්‍රියාත්මක උනාට පස්සෙ නිසයි. 

මම මුලින්ම පාවිච්චි කළේ ගඩොල් භාගයක් සයිස් "Hand Phone" එකක්...ඉන් පස්සෙ "Analog Phone" එකක්. අද වෙන කොට "Phone" එකෙන් මොනවද කරන්න බැරි. මීළගට එන්න තියෙන්නේ "Elon Muskගේ" සමාගමෙන් හදන "FI Phone" නමින් නම් කරලා තියෙන "Phone" එක. ඒක නම් "Phone එකක් නෙමෙයි දෙයියෙක්..! 

එතකොට රටේ නීති පද්ධතිය..??? පරණ "Roman Dutch" ප්‍රතිශක්තිකරණයමයි. එංගලන්තෙත් නීති වෙනස් වෙලා. එයාලට "Roman Dutch law" එකේ ගොඩාක් තැන් ප්‍රායෝගිකව අධ්‍යයනය කරන්න පුළුවන් මෙහෙ...ජපානයේ වාර්ෂික අය වැය වගේ වාර්ෂිකව නීති ද වෙනස් කරනවා. 

අනේ...මාත් ජපානේ ඉපදුනා නම් අද මම ආතල් එකේ ඉන්නවා ගෙදරට වෙලා...මම එනකොට ඉන්න හිතෙන රටක් තිබියන් කියලා ප්‍රාර්ථනා කරනවා..! ලයිට්-වතුර නැති කන්න නැති රටකට මට එන්න නොලැබේවා..! මගේ ආදරණීය ජනතාව දුක් වින්දා ඇති. අනේ දෙවියනි නුඹලාට අහිංසක දරු පැටවුන්ට කුසගිනි නොදැනේවා...!!!!!

-රන්ජන් රාමනායක-
Advertiesment