දේශපාලන සාක්ෂරතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු අධ්‍යාපනය රටේ තිරසර දියුණුවට සහ පොහොසත් අනාගතයකට තීරණාත්මකය. ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් මෙම කාරණය ගැන මුලින්ම සාකච්ඡා කළ බැවින්, සිවිල් අධ්‍යාපනය පාලන තන්ත්‍රයට සාපේක්ෂ බව පැහැදිලිය. ගුණාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා ප්‍රජාතාන්ත්‍රීය ජීවන කුසලතා (Democratic Life Skill) සපිරි පුරවැසියන් අවශ්‍යය.
දේශපාලන නියෝජනය සහ සෘජු සහභාගීත්වය අතර ඇති කළ යුතු සමතුලිතතාවය කුමක්ද..? ආත්මාර්ථකාමිත්වය සහ මහ ජන ආත්මය අතර ද, අයිතිවාසිකම් සහ වගකීම් අතර ද, නිදහස සහ සමානාත්මතාවය අතර ද, තර්කානුකූල සාකච්ඡා සහ උද්යෝගිමත් බලමුලු ගැන්වීම අතර ද, සිවිල් කතිකාවේ සහ ක්‍රියාවේ ලෞකික සහ ඇදහිල්ලේ පදනම් අතර ද, එකමුතුකම සහ විවිධත්වය අතර ද, සිවිල් පක්ෂපාතිත්වය සහ සිවිල් විසංවාදය අතර ද මෙම න්‍යායික විවාදයන්ට ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් අධ්‍යාපනයේ අන්තර්ගතය සහ හැසිරීම සඳහා ඇඟවුම් සහ විසල් බලපෑම් ඇත.
ඒ අනුව උදාහරණයක් ලෙස පංති කාමර උපදෙස් සහ ප්‍රජා-පාදක අත්දැකීම් අතර ස්ථාපිත කළ යුතු සම්බන්ධතාවය යනු සමාජකාමි මිනිසුන්ගෙන් පොහොසත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදයේ උල්පත සර්ව ජන ඡන්ද බලයයි. ජාතිය, ආගම, භාෂාව, වර්ගය, කුලය, අධ්‍යාපනය, දේපළ හිමිකම, උපත, උපන් ස්ථානය, ස්ත්‍රී පුරුෂ භාවය ආදී කිසිඳු වෙනස්කමකින් තොරව පාලන බලයට හවුල් වීමේ අයිතිය සහ තමන්ගේ නියෝජිතයින් පත් කර ගැනීමට ඇති අයිතිය සර්වජන ඡන්ද බලයයි. උක්ත බලය දැනුමෙන් නිවැරැදිව සවි බල ගැන්වීමෙන් තොරව රටක් තිරසරව සංවර්ධනය කළ නොහැකිය. The Basic Function of Parliament is to Make Laws
දේශපාලනඥයින්, දේශපාලන සාක්ෂරතාවය සහ දේශපාලන නුගත්කම ආදී මේ සියල්ල භයානකය. ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක වීමට දේශපාලකයන් අතර අවංකභාවය සහ නිර්ව්‍යාජ චර්යාව (Candor) මූලික වේ. "Nothing in the World is Harder than Candor, and Nothing is Easier than Flattery"
පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ ජනතාව පමණක් නොව දේශපාලන පක්ෂ, මත වාද, රාජ්‍ය, ව්‍යාපාර, වෘත්තීය සමිති, පාරිසරික ව්‍යාපාර සහ ප්‍රතිපත්තිමය චක්‍රයන් ආදී සමස්තයයි. අද්‍යතනව ශ්‍රී ලාංකේය මහජන නියෝජිතයන් වරප්‍රසාද රාශියක් භුක්ති විඳිමින් ඇත්තේ පොදු මහ ජනයාගේ මුදල්වලිනි. සමහර අවස්ථාවලදී සිය ජන්ම ජාතකත්වය (Native) ඉක්මවා යන බලයක් ඔවුන්ට ලැබි ඇති බව දර්ශනය වේ.
අපහාස කිරීමේ චෝදනාව යටතේ අපහසුතාවයට පත් නොවී මිනිසුන්ට අපහාස කිරීමට හෝ අපහාස කිරීමට ඉඩ සලසමින් පාර්ලිමේන්තුවේදී කතා කරන ඔවුන්ගේ වචන කිසිඳු ආකාරයකින් නීතිමය ක්‍රියාවලියේදී ඔවුන්ට එරෙහිව භාවිතා කළ නොහැකි හෙයින් විසල් බලයක් ඔවුන්ට ලැබි ඇත යනු නෛතික සත්‍යකි.
සමාජීය, ආර්ථිකමය සහ බලයෙන් සාරවත් රටේ වැදගත්ම රැකියාවක් ඔවුන්ට පැවරී ඇතත්, ඔවුන් සේවය කළ යුතු මහ ජනතාව නොමඟ යවන හෝ රැවටුව හොත් ඔවුන් කිසිදු අයුරකින් කිසිම අවස්ථාවකට සිද්ධියකට වග කිව යුතු නොවේ. මෙම තත්ත්වය අනුව 21 වන සිය වසේදීත් පොදු ජනතාව යනු රාජ්‍යකරණයේ යකඩ සපත්තුවට පෑ ගෙන මිරිකෙන දුක් විඳින අසරණ රට වැසියන් යනු පරම සත්‍යයකි.
නමුත් පොදු ජනයාට අසීමිත බලයක් ඇති බව අමතක නොකළ යුතු වනුයේ සර්වජන ඡන්ද බලය ඔවුන් සතු හෙයිනි. ජන සමාජයේ බහුතරයට බහු ආංශිකව පිළි ගත හැකි ප්‍රමිතීන්ට වඩා පහත වැටෙන මහ ජන නියෝජිතයන් හික්ම වීමේ පහසුම ක්‍රමය වනුයේ ඔවුන්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම ය.
මක්නිසාදයත්..! තාවකාලිකව ලැබෙන දේශපාලන බලය පෞද්ගලික වාසිය වෙනුවෙන් ක්‍රියාත්මක කර රටේ අනාගතය වනසන, ජන සමාජයට වග නොකියන ජාවාරම් කාරයන් නැවත නැවතත් මහ ජන ඡන්ද බලයෙන් පාර්ලිමේන්තුවට,පළාත් සභාවට සහ පළාත් පාලන ආයතනවලට පත් කර එවීම ඒ ඒ මැතිවරණ ආසනවල සහ පොදුවේ ඒ ඒ දිස්ත්‍රික්කයේ බහුතර ජනතාවගේ දේශපාලන නූගත්කම හෙළිදරව් වීමකි.
ඒ ඒ දිස්ත්‍රික්කයේ ජනතාවගේ දේශපාලන නූගත්කම හේතුවෙන් බලයට පැමිනෙණ මහ ජන නියෝජිතයන්ගේ අවකල් ක්‍රියාවන් සහ විවිධාකාරයෙන් සවි බල කරණය වන දූෂණ වංචාවල බලපෑම සමස්ත ශ්‍රී ලාංකේය ජාතියේම අනාගතයට විසල් අභියොගයකි. ආපසු හැර විය නොහැකි සුවිශාල අනතුරකි.
උක්ත අභියෝගය සහ සුවිශාල අනතුර බිලි ගනුයේ රටේ දූ දරුවන්ගේ අනාගතයයි. මිනිසාගේ විනාශයේ තීව්‍ර ආයුධය දේශපාලන නූගත්කමයි.(The worst illiterate is the political illiterates) මහ ජන සාක්ෂරතාව සඳහා වන පොදු ව්‍යාපාර මැතිවරණ දිනා ගන්නා නූගත් බලකාමී ව්‍යාජ ජාතික වාදීන්ගේ උදහසට ලක්වීම ස්වභාවිකය.
දේශපාලන නූගත්කම හේතුවෙන් ශ්‍රී ලාංකේය ජන සමාජයේ ජන්දය දීමේ අවබෝධය ව්‍යාජ ජාතික සහ ආගමික පොරොන්දු භූමීයේ අයිතිය වැනි තීරණාත්මක කරුණු ඉලක්ක කර ගනිමින් අභ්‍යාස කරන මැතිවරණ පොරොන්දු හේතුවෙන් පිරීහි ඇත. උක්ත ව්‍යාජ දේශපාලන මතවාදවල බලපෑමට හසු වන ශ්‍රී ලාංකේය බහුතර ජනයාගේ ඡන්ද බලය හේතුවෙන් රටේ අනාගතය පිරිහිමට ලක් වි ඇත්තේ එක් වරක් පමණක් නොවේ.
ඒ හේතුවෙන් දියුණු රටවල පිළි ගැනිමට ලක් වී ඇති ගෝලීය සම්මතයන් සහ ප්‍රමිතින් සේම නායකත්වයේ වටිනාකම් සහ දාර්ශනික දේශපාලන සහභාගීත්වය, අපේ ජන සමාජයට තවමත් අභියෝගයකි. දේශපාලන සාක්ෂරතාවයේ නොදියුණුකම හේතුවෙන් අපේ රටේ වර්ථමානය පමණක් නොව අනාගතය ද බරපතළ ලෙස පහළ මට්ටමකට පත් වී ඇත.
දේශපාලන තනතුරුවල දුර්වල ලෙස ක්‍රියා කරන අයගේ පැවැත්මට ජන සමාජයේ දේශපාලන නුගත්කම (Political Illiterate) හේතු වි ඇති බව පිළි ගෙන දේශපාලන සාක්ෂරතාව (Political Literacy) වර්ධනය කිරිමට අවශ්‍ය කටයුතු කළ යුතුය. දේශපාලන සාක්ෂරතාව යනු සමාජයක රජයකට සහභාගී වීමට පුරවැසියන්ට අවශ්‍ය යැයි සැලකෙන දැනුම් සමූහයකි. රජය ක්‍රියා කරන ආකාරය සහ සමාජය මුහුණ දෙන වැදගත් ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් වගේම විවිධ දෘෂ්ටි කෝණයන් ඇගයීම සඳහා විවේචනාත්මක චින්තන කුසලතා ද දේශපාලන සාක්ෂරතාව නියෝජනය කරනු ලබයි.
"ශ්‍රී ලාංකේය දේශපාලනයේ දක්නට ලැබෙන තිව්‍ර අභියෝගයක් වී ඇත්තේ අවංකත්වය, සමාජකාමි කැපවීම, නව්‍ය ආකල්ප, විද්‍යා තක්ෂණික දැනුම නොමැති පුද්ගලයන් මහ ජන නියෝජිතයන් වශයෙන් තේරී පත්වීම සහ වැදගත් ඉහළ තීරණාත්මක දේශපාලන තනතුරු දැරීමය."
සාමාන්‍යයෙන්, අද්‍යතන පාර්ලිමේන්තුවකට කාර්යයන් තුනක් ඇත. ඡන්දදායකයන් නියෝජනය කිරීම, නීති සම්පාදනය කිරීම සේම විභාග සහ විමසීම් හරහා රජය අධීක්ෂණය කිරීම ඒ කරුණු තුනය. උක්ත කරුණු ත්‍රිත්වය මත රටේ තිරසර අනාගතය රැඳි ඇත.
(01) පාර්ලිමේන්තුවේදී මහ ජන නියෝජිතයන් (මන්ත්‍රීවරුන්) පාර්ලිමේන්තුව නොමඟ යැවීමට ඇති ඉඩ නෛතිකව වැළැක්විය යුතුය. පාර්ලිමේන්තුව නොමඟ යෑමෙන් රට අනන්තයට පිරිහෙනු ඇත.
(02) අනෙක් අතට ඔවුන් මහ ජනතාවගේ සේවකයින් වන අතර මහ ජන මුදල්වලින් නඩත්තුවේ.
(03) එමෙන්ම මහ ජන මුදල්වලින් ඔවුන්ට දීමනාවක් සහ වසර පහ සම්පුර්ණ කළ අයට විශ්‍රාමික වැටුපක්ද ලබා දී ඇත. ඊට අමතර තවත් වරප්‍රසාද සහ දීමනාවන්ටද හිමිකම් ලබා ඇත.
(04) ඒ අනුව ජනයා අවබෝධ කර ගත යුත්තේ මහ ජන අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින මොවුන්ට මහ ජනතාව නොමඟ යැවීමට ඉඩ නොතැබිය යුතු බවයි.
(05) ජනයා නොමඟ යවන ජන සමාජය රැවටිමට කටයුතු කරන දේශපාලනඥයින්ට දඩුවම් කිරිමට නෛතික උපකරණ හඳුන්වා දිය යුතු බව දියුණු ජන සමාජයන් හී අවධානයට ලක් වී ඇත.
(06) දේශපාලනඥයින්ගේ මැතිවරණ පොරොන්දු නිත්‍යානුකූලව ක්‍රියාත්මක කළ හැකි විය යුතුය.
(07) මැතිවරණ සමයේදී ම මැතිවරණට පෙර මැතිවරණ පොරොන්දු සහ ප්‍රකාශන විධිමත්ව අධ්‍යනයට විධිමත් කාර්‍ය්ක්ෂම ක්‍රමයක් ස්ථාපිත කිරිමෙන් මැතිවරණ පොරොන්දු සහ ප්‍රකාශනවලට නෛතික තත්ත්වයක් ලැබෙනු ඇත.
(08) දේශපාලනඥයින්ට සත්‍ය පැවසීමට සහ ඒවා පිළි පැදීමට බල කිරිමට අත්‍යාවශ්‍ය නෛතික උපකරණ සහ බල ගැන්විමේ නෛතික ක්‍රියාපටිපාටි නීතිය (Procedural Law) නව්‍යකරණය කළ යුතුය.
(09) මහා බල කළමනාකරණයේ සමාජ ගොඩනැගීමක් යනු මහ ජන නියෝජිතයන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම සහ වගවීම පිළිබඳ නීතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් මහා සමාජයේ පිබිදීමයි.
(10) උපතින් නොව කුසලතාවෙන් සපිරි ඉහළම හැකියාවන් නොහොත් අවංකභාවය, යෝග්‍යතාව, වාස්තවිකත්වය සහ කුසලතාව මත පත් කිරීමේ මූලික වටිනාකම් සහිත දේශපාලනික වශයෙන් උනන්දුවක් නැති සහ ස්ථිර රාජ්‍ය සේවාවක් වෙනුවෙන්ද ජන සමාජයේ අවධානය යොමු විය යුතුමය.
වඩාත් උසස් අධ්‍යාපනයක් ලැබූ අවංක දේශපාලනඥයින්ගේ දේශපාලන සමාජ භාවිතාව සාමාන්‍යයෙන් වඩාත් ප්‍රජාතාන්ත්‍රියව සහ අනාගතවාදි බවට තරමක් සාක්ෂි අපට ඇත. ප්‍රජාතාන්ත්‍රික ජීවන කුසලතා සපිරි සාමාජකාමි ජන සමාජයක් සේම අවංකභාවය සහ නිර්ව්‍යාජ චර්යාව සපිරි මහ ජන නියෝජනය යනු ඕනෑම රටක වටිනාතම සමාජ වටිනාකම් යනු නිවැරැදි ය. ශ්‍රී ලාංකේය දරුවන්ගේ අනාගතය ඔබේ කතිරය මත ලියවී ඇති බව අමතක නොකරනු මැනවි..!
Lanka Newsweek © 2024