Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


පවුල් සාරධර්ම සහ දේශපාලනය 


2022-02-14 14332

 

The Politics of Family Values

 

මානව සමාජයේ වැදගත්ම ප්‍රාථමික ඒකකය පවුලයි

 

පවුල කුඩා රාජ්‍යයකී

 
(දේශප්‍රිය නානායක්කාර)

 

 

"No family is perfect...We argue, We fight. We even stop talking to each other at times. but in the end. Family is Family...The love will always be there"

 

මානව සමාජයේ තිබෙන වැදගත්ම ප්‍රාථමික ඒකකය පවුලයි. සැබැවින්ම පවුල කුඩා රාජ්‍යයකී. පවුල යනු දිගු කාලීන සබඳතා, විවිධාකාර වූ රැකවරණය සහ නොයෙක් විධ භෞතික සේම අධ්‍යාත්මික සංවර්ධනය සඳහා ජෛව සමාජය විසින් ක්‍රමිකව ගොඩනඟා ගත් සුවිශේෂී වු සුවදායක ප්‍රීතිමත් රාජ්‍යයකි. පවුල යනු නිදහසේ පරීක්ෂණයයි. මක්නිසාද යත් නිදහස් මිනිසා තමා වෙනුවෙන් සහ තමා විසින්ම සාදන එකම දෙය පවුල වන බැවිනි.

පවුල යනු විවිධාකාර වූ ප්‍රේමයේ පාසලක් වන අතර සංස්කෘතික සහ සදාචාරාත්මක සේම දේශපාලන සමාජීයකරණයට අදාළ බොහෝ විෂයන්ද මෙහිදී මානව වාදී ව අධ්‍යනය කිරිමට අවශ්‍ය තරම් අවස්ථා ඇති අතර ඊට අදාළ දේශපාලන නායකත්වය ජන සමාජයට ලබා දීමට කටයුතු කිරීම ජන මනස පුබුදුවා ලන යහපත් සමාජීය ව්‍යායාමයක් වනු ඇත. 

සැබැවින්ම පවුල නැමැති කුඩා රාජ්‍ය මානව සංහතියේ සුන්දරත්වය සහ මිනිස් ජීවිතවල වටිනාකම්වල ප්‍රභවයයි. උක්ත ප්‍රභවයන් දීප්‍තීමත් වී මහා සමාජය ආලෝකමත් වනුයේ දේශපාලන දැක්ම මානවිකරණයට අදාළව අභ්‍යාස කිරීමෙනි. දේශපාලනය, පවුල කේන්ද්‍රියව විවිධාකාරයෙන් ක්‍රියාත්මක කළ යුත්තේ ශ්‍රී ලාංකේය ගම් 36,822ක ග්‍රාම සේවා වසම් 14022 ඇතුළත ගෘහ ඒකක 5,207,740ක මිලියන 21,559,479ක් ජීවත වන හෙයිනි.

පවුල් රාජ්‍යයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ නව්‍ය එහෙත් වඩා හොඳ සහ නිදහස් අනාගත පරපුරක් ගොඬනැගිමයී. උක්ත ස්වභාවික ක්‍රියාවලිය ගෝලිකරණය අතික්‍රමණය කිරීමට හැකි අයුරින් නව්‍යකරණය කිරීම ද දේශපාලන යුතුකමක් වශයෙන් අර්ථ දැක්වීමට අප කටයුතු කළ යුතුය. ආත්මීය සහ සාමාජීය සාරධර්මවලින් වගේම මානවිකරණයේ උත්තරීතර ධර්මතා සහ වඩා සුපිළිපන්වු නොයෙක් විධ යහපත් චාරිත්‍රවලින් පොහොසත් රට වැසියන් බිහි කිරීම පවුල් රාජ්‍යයේ පරම වගකීමක් බව දේශපාලනිකව සාකච්ඡා කළ යුතුය. 

උක්ත වගකීම වඩා සාරවත්ව ජාතික මට්ටමින් ක්‍රියාත්මක වීම දේශපාලනයේ ස්ථිර අරමුණක් බව ස්ථාවර කළ යුතුය. පොදුවේ දේශපාලන දැක්ම පවුලේ සාරධර්ම පිළිබඳ ගැඹුරු අර්ථ දැක්වීමකින් පොහොසත් කළ යුතුය. දේශපාලන සමාජීයකරණය (Political Socialization) පවුලේ සාරධර්ම පිළිබඳ සාකච්ඡාවෙන් ආරම්භ කීරීම වඩා ප්‍රතිඵලදායක වනුයේ වර්ථමානයට වඩා අනාගතයටය යන්න සත්‍යයක්මය ය.

Advertiesment