මෑත කාලීනව සිදු කෙරුණු ව්‍යවස්ථාමය සංශෝධන අවසනාවන්ත ලෙස ශ්‍රී ලාංකේය ධජය අපකිර්තිමත් පත් කිරිමට හේතු වි ඇත. බිඳෙන සුළු අසාර්ථක රාජ්‍යයක් ඇති වන්නේ දේශපාලන දැනුම නොමැති ජන සමාජයකද..?
අසාර්ථක රාජ්‍යයක් (A Failed State) යනු ස්වෛරී ආණ්ඩුවක මූලික කොන්දේසි සහ වගකීම් තවදුරටත් නිසි ලෙස ක්‍රියාත්මක නොවන නොහොත් රාජ්‍යකරණය පාලනයෙන් අත් හැරුණු මට්ටමට විසිරී ගිය දේශපාලන ආයතනයකි. ස්ථාවර රාජ්‍යයක් සඳහා රජයට පොදු සඵලතාවය සහ නීත්‍යානුකූලභාවය යන දෙකම අත්‍යවශ්‍ය වේ. අනෙක් අතට ජාතියක් දුර්වල වී එහි ජීවන තත්ත්ත්වය පහත වැටුණු විට, උක්ත තත්ත්ත්වය සමස්ත රාජ්‍ය බිඳවැ ටීමේ ක්‍රියාවලිය පිළිබඳ බලගතු සංඥාවකි.
අද්‍යතන ශ්‍රී ලාංකේය ජන සමාජය ගෝලීය ජන සමාජය ඉදිරියේ ඉතාමත්ම බරපතළ ලෙස අපහසුතාවයට සහ ලැජ්ජාවට පත් වී ඇත්තේ අපට උරුම මහා ඓතිහාසික ඉතිහාසයටද, ධීර වීර සිංහලයාගේ අභිමානයටද මහත් අපකිර්තියක් අත් පත් කර දෙමිනි. අද වන විට දින 700-800ක් වැනි කෙටි කාළයකදී සුළු පිරිසක් ලෝක මට්ටමේ ධනපති ලැයිස්තුවට ඇතුළු වී ඇති බව නොයෙක් ජනමාධ්‍ය වාර්තා කරද්දී, ශ්‍රී ලංකා මාතාවගේ අසාහය දූ පුතුන් 92,000 ක් අපේ රට අත් හැර විදේශ ගත වී ඇති බවද ජනමාධ්‍ය වාර්තා කර ඇත.
ඕනෑම ජන සමාජයක සාමාජිකයන් විවිධාකාර වූ කම්පන නොහොත් පුදුමය, ව්‍යාකූලත්වය, අවිනිශ්චිතභාවය සහ ව්‍යාකූලත්වයට මුහුණ දී ඇත් නම් එම රාජ්‍යය බිඳෙන සුළු රාජ්‍යයක් හෝ දුර්වල රාජ්‍යයක් වශයෙන් දේශපාලනිකව අර්ථ දැක්වේ. එවන් රටක් යනු දුර්වල රාජ්‍ය ධාරිතාවකින් හෝ දුර්වල රාජ්‍ය නීත්‍යානුකූලභාවයකින් සංලක්ෂිත රටකි යන්න නුතන මානව සංහතියේ පිළිගැනිමයි.
බිඳෙන සුළු තත්ත්වයන් දුර්වල තත්ත්වයන් ලෙසද හැඳින් විය හැකිය. බිඳෙන සුළු රාජ්‍යයන් සිය ජන සමාජයේ පුරවැසියන්ගේ ප්‍රධාන අවශ්‍යතා සම්පූර්ණයෙන් සපුරාලීමට අසමත් වීම බොහෝ විට දර්ශනය වීම ගෝලීය අත්දැකිමය. දේශපාලන දරිද්‍රතාවයන් (The Politics of Poverty) දුර්වල රාජ්‍යකරණයේ ත්රීකෝණයක් බවට පත්වේ යනුද සත්‍යයකී. එම ත්‍රිකෝණය නම්,
(01) ආරක්ෂක පරතරය-Security Vulnerability.
(02) ධාරිතාව පරතරය-Capability Shortfalls
(03) නීත්‍යානුකූල පරතරය-Legitimacy Gap.
ග්‍රීක රෝම සම්භවයක් සහිත රාජාණ්ඩුකරණයට වසර 2000 කට වඩා ඉතිහාසයක් ඇති අතර එම ඉතිහාසය මානව සංහතියේ ප්රගමනය අනුව කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. එම කාල වකවානු නම්,
(01) පුරාණ ඉතිහාසය (ක්‍රි.පූ. 6,000 - ක්‍රි.ව. 650)
(02) පශ්චාත් සම්භාව්‍ය ඉතිහාසය (500 සිට1500 දක්වා)
(03) නූතන ඉතිහාසය (1500 සිට වර්තමානය දක්වා)
ආණ්ඩුකරනණ ඉතිහාසය විමසීමේදී මානව සංහතිය නොයෙක් විවිධාකාර විප්ලව, ගැටුම්, අවි ගැටුම්, සිවිල් ගැටුම් සේම මහා යුද්ධ පසු කර අද්‍යතන රාජ්‍යකරණය දක්වා පැමිණ ඇත. 21 වන සියවස මානව සංහතියේ සියලුම අංශවල අද්විතිය දියුණුව අත්පත් කර ගන්නා යුගයයි. නමුත් අපේ රටේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වි ඇත.
අදට වසර සිය දහසකට පුර්වයේ රුවන්වැලි මහා සෑය ගොඩනැඟු සිංහලයාගේ දෛනික ජීවිතය අද අන්ත අසරණ තත්ත්වයට පත් වී ඇත්තේ දේශපාලන දැනුම (Political Knowledge) සේම දේශපාලන සාක්ෂරතාවය (Political Literacy) දුර්වල වී පුද්ගලාභීවාදනය (Personality Cult) සහ වන්දනාමානය නොහොත් "ලබ්ධීන්" (Cult Politics) සරණ යාමෙනි යනු උණුසුම් සත්‍යයකි. අනෙක් අතට සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ලෝකයට පිටු පෑවොත් අපට තව තවත් අසාර්ථක රාජ්‍යයේ පීඩාවන්ට මුහුණ දීමට සිදු වනු ඇත
විද්‍යාත්මක රාජ්‍යකරණ සංකල්ප බටහිර උගුල් යැයි රැවටී පුද්ගලාභීවාදනය, අසාමාන්‍ය ආගමික, ජාතික, අධ්‍යාත්මික හෝ දාර්ශනික විශ්වාසයන් මගින් හෝ විශේෂිත පෞරුෂයක්, වස්තුවක් හෝ ඉලක්කයක් කෙරෙහි ඇති පොදු උනන්දුව හේතුවෙන් අද සිංහලයා ප්‍රධාන ශ්‍රී ලාංකේය ජාතිය අන්ත අසරණ තත්ත්වය ට පත් වී ඇත.
මේ තත්ත්වයට ඇති එකම විසඳුම ඡන්දය ප්‍රකාශ කිරිමට අවශ්‍ය විද්‍යාත්මක දැනුම ජනතාව වෙත ගෙන යාමය. බිඳෙන සුළු සහ අස්ථාවර රාජ්‍යය වෙනුවට ස්ථාවර සාර්ථක "සමත් රාජ්‍යකරණය" සඳහා දේශපාලන දැනුම පදනම් වූ ප්රාජාතාන්ත්රික සමාජයක් වෙනුවෙන් සියලු ජාතින් ඒකරාශි විය යුතු අවස්ථාව මේ වන විට අපට අභිමුඛ වී ඇත.
Lanka Newsweek © 2024