සියලුම ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලියට අත්‍යාවශ්‍ය වන ජලය ජීවයට අත්‍යවශ්‍ය වේ. ග්‍රහ ලෝකයේ සිටින බොහෝ මිනිසුන් ජලයට දක්වන්නේ මහත් වු ඇල්මකී. ජලය යනු ග්‍රහලෝකයේ සමස්ත ජෛව පද්ධතියේ ජීවයයි. ජලය නොමැතිව ජීවිතයක් නැත.
ඛණිජ ජලයේ (Mineralized Water) මැග්නීසියම් සහ කැල්සියම් අඩංගු වී ඇත. උක්ත මැග්නීසියම් සහ කැල්සියම් ඔබේ මාංශ පේශී සහ අස්ථි ශක්තිමත්ව තබා ගැනීමට උපකාරී වේ. ස්නායු පද්ධතියේ කොටසක් ලෙස, ඔබේ මොළයට පොටෑසියම් ද අවශ්‍යවේ. ජලයේ පොටෑසියම් ද අඩංගු අතර එම පොටෑසියම් ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වයට උපකාරී වේ. පොටෑසියම් හී විවිධ සෛල සහ ස්නායු ක්‍රියා කාරකම් සක්‍රීය කරන කුඩා විද්‍යුත් ආරෝපණයක් ඇති බැවින් එම විද්‍යුත් ආරෝපණය සමහර විට විද්‍යුත් "ශ්ලථ්යය" (Electrolyte) ලෙස හැඳින්වේ. ඉලෙක්ට්‍රොලයිට් යනු ශරීරයේ බොහෝ ප්‍රධාන ක්‍රියාකාරකම් සඳහා අත්‍යවශ්‍ය වන සෝඩියම්, කැල්සියම් සහ පොටෑසියම් වැනි අත්‍යවශ්‍ය ඛනිජ වේ.
ඔබේ ශරීරයේ ජල ප්‍රමාණය සමතුලිත කරන්න. ඔබේ සිරුරේ අම්ල-පාදක (pH) මට්ටම සමතුලිත කරන්න. ඔබේ සෛලවලට පෝෂ්‍ය පදාර්ථ ගෙන යාමට, ඔබේ සෛලවලින් අපද්‍රව්‍ය ඉවත් කිරීමට, ඔබේ ස්නායු, මාංශ පේශී, හෘදය සහ මොළය අවශ්‍ය ආකාරයට ක්‍රියා කරන බවට වග බලා ගැනීම සඳහා සෝඩියම්, කැල්සියම්, පොටෑසියම්, ක්ලෝරයිඩ්, පොස්පේට් සහ මැග්නීසියම් යන සියල්ලම විද්‍යුත් ශ්ලථ්යය ලෙස ක්‍රියාත්මක වේ.
උක්ත තීරණාත්මක ශාරීරික අවශ්‍යතා වෙනුවෙන් පිරිසිදු ජලය යනු තීරණාත්මක සාධකයකී. ඔබට කොපමණ ජලය අවශ්‍ය ද..? සෑම දිනකම ඔබේ හුස්ම, දහඩිය, මුත්‍රා සහ මළපහ කිරීම හරහා ඔබට ජලය අහිමි වේ. ඔබේ ශරීරය නිසි ලෙස ක්‍රියාත්මක වීමට නම්, ඔබ ජලය අඩංගු පාන වර්ග සහ ආහාර පරිභෝජනය කිරීමෙන් ශරීරයේ ජල සැපයුම නැවත පිර විය යුතුය.
එසේ නම් සෞම්‍ය දේශගුණයක ජීවත්වන සාමාන්‍ය නිරෝගී වැඩිහිටියෙකුට කොපමණ තරල ප්‍රමාණයක් අවශ්‍යද..? එක්සත් ජනපදයේ ජාතික විද්‍යා ඉංජිනේරු සහ වෛද්‍ය විද්‍යා ඇකඩමිය විසින් දෛනික තරල පරිභෝජනය තීරණය කර ඇත්තේ පිරිමින් සඳහා දිනකට දියර කෝප්ප 15.5 (ලීටර් 3.7) පමණ සහ කාන්තාවන් සඳහා දිනකට දියර කෝප්ප 11.5 (ලීටර් 2.7) පමණය. මෙම නිර්දේශ ජල ප්‍රමාණය අනෙකුත් බීම සහ ආහාර තරලවලින් ද සැපයෙනු ඇත. ජල තත්ත්ව වර්ගීකරණ පද්ධතිය (The Water Quality Classification System) විසින් විවිධ කාණ්ඩ හතරකින් නිර්වචනය කර ඇත, එනම්, "ඉතා හොඳයි," "හොඳ", "පිළි ගත හැකි" සහ "නුසුදුසු" වශයෙනි.
ශ්‍රී ලංකාවේ ජල මූලාශ්රවල පැවැත්ම තහවුරු කිරීම සඳහා සියලුම ජල මූලාශ්‍ර සහ ඒවායේ රක්ෂිත ප්‍රදේශ සහ ක්ෂණික ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම ජාතික වගකීමකි. ජල මූලාශ්‍ර සහ ඒවායේ මූලාශ්‍ර ප්‍රදේශ ඒවායේ පිහිටීම හෝ හිමිකාරිත්වයේ ස්වභාවය සැලකිල්ලට නොගෙන ඒවා ආරක්ෂා කරමින් සංරක්ෂණය කිරිම ජාතික වගකීමකි. අනෙක් අතට හිමිකාරිත්වයේ ස්වභාවය මත පදනම්ව සංරක්ෂණ උපාය මාර්ග සහ යාන්ත්‍රණ සකස් කිරිමට රාජ්‍යකරණයට තිරසර දැක්මක් තිබිය යුතුය.
ජල මූලාශ්රවල තිරසාර බව සහතික කිරීම සඳහා ජල පෝෂක, මූලාශ්‍ර ප්‍රදේශ සහ රක්ෂිතවල දායකත්වය ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. ඉහත සඳහන් කළ මූලාශ්‍ර ආරක්ෂා කිරීම මතුපිට ජල මූලාශ්‍ර සහ භූගත ජලධර යන දෙකෙහිම තිරසාරභාවය සඳහා මූලික අවශ්‍යතාවයකි. එමෙන්ම රට වටේ මුහුද පිහිටා ඇති නිසා මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් වෙරළාසන්න ප්‍රදේශවල භූගත ජලයේ ලවණතාව ඉහළ යාම සහ වෙරළාසන්න ප්‍රදේශවල පානීය ජලය දූෂණය වීම වැනි අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, අනෙකුත් දේශගුණික විපර්යාස සහ ස්වභාවික විපත් හේතුවෙන් ජල මූලාශ්‍රවලට හානි සිදු වන බවද පිළි ගෙන කටයුතු කළ යුතුය. ජලයට සහ ජල මුලාශ්රවලට පීඩාකාරි ජන ක්‍රියාකාරකම් සහ විද්‍යාත්මක සැළසුම් නොතකා බල වියරුවෙන් ක්‍රියාත්මක කරන නොයෙකුත් ඉඳිකිරීම් හේතුවෙන් ශ්‍රී ලාංකේය "ජල සම්පත" විසල් නිමක් නොමැති තර්ජනයන්ට අභිමුඛව ඇත.
විවිධාකාරයෙන් අභ්‍යාස වන ජලසම්පතට එරෙහි නොයෙක් මානව ක්‍රියාකාරකම් ස්ථිර ලෙස වැළැක්වීමට නව්‍ය නෛතික පදධතියක් අත්‍යාවශ්‍යය. ජාතියේ ජල මූලාශ්‍ර ආශ්රිත ප්‍රදේශ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පවතින නීති සහ නීතිවල අවශ්‍ය සංශෝධන හඳුනා ගෙන නව නීති හඳුන්වා දීම රාජ්‍යකරණයට අත්නොහැරිය හැකි වගකීමකී.
සිවිල් අදහස් සේම සාම්ප්‍රදායික ජාතික සහ ආගමික වචනවලින් රාජ්‍යකරණය (The Governance) ජයග්‍රහණය කරා මෙහෙ විය නොහැකිය. බහුතර ජනයාගේ ජීවිත ගොඬනැගිම සඳහා රජයේ සහ සමාජයේ සදාචාරාත්මක ප්රමිතීන් සහ නෛතික නව්‍යකරණය වැඩිදියුණු කළ යුතුය. ජල මුලාශ්‍ර සිඳෙන තුරු ජලයේ වටිනාකම ඔබ නොදනී. ජලය සුරකින්න..! එවිට ජලය ඔබව සුරකිනු ඇත..!
Lanka Newsweek © 2024