කොරෝනා වසංගතයත් සමඟ සන්නිවේදනයේ නිම්වළලු පුළුල් විය. සන්නිවේදනයේ වෙනස්ම අත්දැකීම් ලබන්නට මේ නිසා කිසිදු භේදයකින් තොරව සැමටම සිදු විය. හුදු දුරකථන ඇමතුමකින් ඔබ්බට ගොස් මාර්ගගත ක්‍රමය ඔස්සේ කාර්යාලයීය වැඩ කටයුතු කිරීම, අධ්‍යාපනය ලබාදීම සහ ලැබීම, සාකච්ඡා සේම සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම යනාදියෙන් එම තත්ත්වය හොඳින්ම තහවුරු කර ගත හැකිය.
එහෙත් මේ සියල්ල සාර්ථකව කර ගැනීමට "Data" පහසුකම් අත්‍යවශ්‍ය සාධකය වුවත් බොහෝ දෙනාට ඒ වෙනුවෙන් වැඩි වියදමක් දරන්නට සිදු වීම සහ සංඥා පහසුකම් නොමැතිවීම යනාදිය හේතුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදු විය. අන්තර්ජාල පහසුකම් සහ ජංගම දුරකථන සබඳතා වෙනුවෙන් මෙලෙස විශාල පිරිවැයක් දරන්නට වීම හේතුවෙන් එක්තරා ආකාරයකට මානසික පීඩනයක් ගෙන දෙන සාධකයක් බවට ද පත්ව තිබුණි.
දිනකට "Recharge" කිරීම් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් භාවිතා වන බව සමීක්ෂණ මගින් අනාවරණය වීමෙන්ම මේ කාරණයේ බරපතළකම වටහා ගන්නට පුළුවන. අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව වැඩි වීම සහ "Recharge" කිරීමේ වාර ගණන වැඩිවීමත් සමඟ "Recharge Card" අලෙවිය ද ශීග්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. ඒ වගේම විවිධ අන්තර් ජාල "Package" විවිධ වටිනාකම්වලින් සහ විවිධ නාමවලින් වෙළෙඳ පොළට පැමිණ තිබේ.
මේ සියලු කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් සහ දිනෙන් දින උග්‍ර වන "Reload" උගුලෙන් පාරිභෝගිකයන් මුදා ගැනීම අරමුණු කර ගනිමින් "Airtel" සමාගම "4G Freedom Packs" නමින් සුවිශේෂී හඳුන්වාදීමක් කර ඇත්තේ සන්නිවේදන ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. මෙම නව හඳුන්වාදීමත් සමග පාරිභෝගිකයන්ට කිසිදු බිඳවැ ටීමකින් සහ බාධාවකින් තොරව කොන්දේසි විරහිතව මාසයක් පුරාවට ප්‍රමාණවත් සේම අමතර "Data" පහසුකම් සහ ඇමතුම් ප්‍රතිලාභ ද ලබාන්නට පුළුවන.
"Airtel" නව පැකේජය දූ දරුවන්ට සේම ගුරුවරුන්ටත් අතිශය වාසිදායකය. දූ දරුවන්ට පැවරුම් යැවීමේදී "Zoom" ඔස්සේ ඉගැන්වීම් කටයුතු කිරීමේදී "Data" වැය වීම අධිකය. ඇතැම් විට ඉගැන්වීම් කෙරෙන අතරතුර "Data" අවසන් වී බොහෝ දුෂ්කරතාවලට පත් වන්නට දූ දරුවන්ට සේම ගුරුවරුන්ටත් සිදු විය හැකිය. එසේ නොවේ නම් වේගය අඩුවී විවිධ දුෂ්කරතා මතු විය හැකිය. සාමාන්‍ය ඇමතුමක් ලබා ගැනීම පවා ගැටලුවක් වන තරමටම මුදල් අවසන් වීම ඇති කරන්නේ දැඩි අපහසුතාවකි. එහෙත් "Airtel" හඳුන්වා දී ඇති වාසිදායක සහ ලාභදායක "Package" නිසා පාරිභෝගිකයන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් අපහසුවකින් තොරව අත්විඳීමේ අවස්ථාව උදාවී තිබේ. "Airtel 4G Freedom Packs" සම්බන්ධයෙන් සිය අත්දැකීම පැහැදිලි කළ පෞද්ගලික ආයතනයක සේවය කරන ඩී.ජී.එම්. කුමරසිරි මහතා පැවසුවේ මෙවැන්නකි.
"කොරෝනා වසංගතයත් සමඟ අපට නිවසේ සිට සේවය කරන්න වුණා. මුල් කාලයේ විවිධ ගැටලු මතු වූ නිසා දුරකථන සම්බන්ධතා කීපයක් ගෙන රාජකාරි කටයුතු කරන්න උත්සාහ කළා. බොහෝ වෙලාවට "Signal" ප්‍රශ්න ආවා. එක දිගට වැඩ කර ගෙන යන්න බැහැ. සාමාන්‍ය "Data Card" එකක් දැම්මාම පැය දෙකෙන් තුනෙන් ඒක අවසන් වෙනවා. සමහර වෙලාවට "Data Limit' කරනවා. ඒ දවස්වල අන්තර්ජාලය තිත්ත වෙලා සිටියා. පසුව "Airtel" අලුත් "Package" එක ගැන දැන ගෙන ඊටත් මාරුවී බැලුවා. ඒ අනුව මේ වන විට මුලින් වගේ කිසි ප්‍රශ්නයක් නැතුව අන්තර්ජාලය භාවිතයෙන් කාර්යාලයේ වැඩ කටයුතු ඉතා පහසුවෙන් කර ගෙන යනවා. ඇත්තටම මනසට හරිම නිදහසක් දැන් දැනෙනවා.
"Airtel" හී මෙම නවතම "Package" එක පාරිභෝගික අවශ්‍යතා මැනවින් අධ්‍යනය කර ඊට ගැළපෙන ආකාරයට හඳුන්වා දී තිබේ. නිවසේ සිට වැඩ කිරීම, මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලැබීමට සහ සමාජ මාධ්‍ය භාවිතයට ආදී ඕනෑම අන්තර්ජාල අවශ්‍යතාවයක දී අධිවේගී දෛනික "Data" ලබාදීම "Freedom Packs" හි සුවිශේෂී ලක්ෂණයකි.
"Airtel Freedom Packs" හී තිබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මෙම "Packages" ඔස්සේ ලබා දී ඇති නියමිත කාලය ඉක්මවා වෙනත් ජාලවලට ලබා ගන්නා ඇමතුම් සඳහා සියයට 66කින් පමණ බදු අඩු කර තිබීමය. එමෙන්ම "Airtel" විසින් හඳුන්වා දෙනු ලැබ ඇති සුවිශේෂී "Data Package" හී පවතින "Data" භාවිතය ඉක්මවා අමතර "Data" යම් කෙනකු බලාපොරොත්තු වන්නේ නම් ආකර්ෂණීය මිලකට "Data Top Up Card" ද හඳුන්වා දී තිබීම නිසා කිසිදු අපහසුවකින් තොරව පාරිභෝගිකයන්ට සිය අන්තර්ජාල අවශ්‍යතා සපුරා ගන්නට පුළුවන. එසේම භාවිත නොකළ "Data" ඊළඟ බිල්පත් දක්වා ගෙන යාමේ පහසුකම් පසු ගෙවුම් පාරිභෝගිකයන්ට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දී ඇත්තේ "Airtel" ය.
දැනට පවත්නා ආර්ථීක ගැටලු සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයන්ට සුවිශේෂී වාසි ලබා දෙන අලුත්ම පෙර ගෙවුම් "Weekly Pack" එකක් හඳුන්වා දීමට ද Airtel" කටයුතු කර තිබේ. ඒ යටතේ රුපියල් 179, 118, 59, 999, 599, 399, 199, 98, 58 යනාදී වශයෙන් ඇමතුම් සහ "Data" පහසුකම් ඉතා පහසුවෙන් කාණ්ඩ කීපයක් යටතේ පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කර තිබේ. මේ "Package" මගින් "Airtel" හඳුන්වා දී ඇති අනෙක් "Package"වලින් සේම සුවිශේෂී ප්‍රතිලාභ ලබන්නට පුළුවන. පෞද්ගලික ආයතනයක සේවය කරන විශ්ව ජී. ගමගේ මෙම නව හඳුන්වාදීමට මාරුවී එහි අත්දැකීම් ලබන කෙනෙකි. මේ ඔහුගේ කතාවය.
"එකවර මාසයකට වැඩි මුදලක් වැය කරන්න හැකියාවක් නැති කෙනකුට රුපියල් 179 කට "Airtel" හඳුන්වා දී තිබෙන "Weekly Pack" එක අතිශයින්ම වාසි සහගතයි. මේ මගින් අනෙක් "Packages"වලින් ලබා දෙන වාසි සියල්ලම ලබා ගන්න පුළුවන්. 4G තාක්ෂණය අනුව ක්‍රියාත්මක මේ "Package" එකෙන් දිනකට GB එක බැගින් සතියකට 7GB ප්‍රමාණයක් ලබා දෙනවා. සමාජ මාධ්‍ය සතියක් පුරා අසීමිතව පාවිච්චි කිරීමේ සුවිශේෂී ප්‍රතිලාභයත් මීට අයත් වනවා. ඊට අමතරව අනෙක් ජාලවලට ඇමතුම් ගැනීමට විනාඩි 75 ක් හිමිවීම අතිශයින්ම වාසි සහගතයි. සතියකට රුපියල් 179 ක් වියදම් කළාම මේ සියලු ප්‍රතිලාභ සතිය පුරාම පහසුවෙන් ලබන්න පුළුවන්. ඇත්තටම සෑහෙන ඉතිරියක්."
මාර්ගගත ක්‍රමය ඔස්සේ පෞද්ගලික සරසවියක සිය උපාධි පාඨමාලාව හදාරන සිසුවකු වන මලිත් නිමේෂ් කීවේ මෙවන් කතාවකි. "කොරෝනා වසංගතයත් සමඟ අපට මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබන්න සිදු වුණා. ඒත් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට අධික පිරිවැයක් දරන්න සිදු වුණා. ඒ වගේම දේශන අතරතුර ඇති වන සංඥා ප්‍රශ්න නිසා සම්බන්ධතාව බිඳ වැටීම, කඩින් කඩ විවිධ ශබ්ද සහ ගැටලු මතු වීම ආදිය නිසා බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වුණා. පසුව යහළුවන් කීපදෙනකුගෙන් දැන ගත් ආකාරයට "Airtel" හී මාසෙටම රුපියල් 599 "Freedom Pack" එකට මාරු වුණා. ඒ නිසා මට දැන් වියදම් වෙන්නේ මාසෙටම රුපියල් 599 ක් පමණයි. මාසෙට GB 30 ක් 4G Data ඕන වෙලාවක ලැබෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය සීමා රහිතව අත්විඳින්නත් සීමා රහිතව ඇමතුම් ලබා ගන්නත් පුළුවන්. "Airtel 599 Freedom Package" එක නිසා කැමැති ආකාරයට අන්තර්ජාලය භාවිත කිරීමේ පහසුව ලැබුණා."
Lanka Newsweek © 2025