Friday 4th of October 2024

English Tamil
Advertiesment


ආණ්ඩුව ගත වූ මාස 25 ට කෝටි 149,905ක් අච්චු ගහලා 


2022-01-28 14322

 

මහ බැංකු ඉතිහාසයේ අච්චු ගැසූ මුළු මුදල වගේ 20 ගුණයක් මාස 25 ට අච්චු ගහලා

 

2022 ජනවාරියේ පමණක් කෝටි 15,704 ක් අච්චු ගහලා  

 
(රජිත් කිර්ති තෙන්නකෝන්)

 

 

වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව මේ දක්වා රුපියල් කෝටි 149,905 ක මුදලක් අච්චු ගැසීම නිසා එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය සියලුම භාණ්ඩ සහ සේවා මිල ගණන් ඇදහිය නොහැකි අන්දමින් ඉහළ යමින් තිබේ. මේ හේතුවෙන් ජනතාව අන්ත අසරණ වී සිටින අතර ආණ්ඩුව මේ වසරේ ගතවූ දින 25 ට පමණක් රුපියල් කෝටි 15,704 ක් අච්චු ගසා ඇත.  

2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා (2021 වසරේ දී) පමණක් ආණ්ඩුව රුපියල් කෝටි 67,833 ක් (බිලියන 678.33) මුද්‍රණය කර ඇති අතර ඊට 2021 දෙසැම්බර් 31 දින අච්චු ගැසූ ලක්ෂ 66,500 ද ඇතුළත් ය. අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපති ලෙස පත්වීමෙන් පසුව පමණක් රුපියල් කෝටි 28,942 ක් මුද්‍රණය කර ඇත.

අජිත් නිවාඩ්ක බ්රාල් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ධූරයට පත් වන විට මහ බැංකුවේ රජයේ සුරැකුම්පත්වල මුහුණත අගය රුපියල් බිලියන 1284.37 ක් විය. අද වන විට එම අගය රුපියල් බිලියන 1574.79 කි. වත්මන් ආණ්ඩුව බලයට පත් වූ දා සිට (2020 ජනවාරි) අද දක්වා රුපියල් කෝටි 149,905 ක් (රුපියල් බිලියන 1,499.05) අච්චු ගසා ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත්වල (2022 ජනවාරි 25 දිනට) මුහුණත අගය රුපියල් බිලියන 1,573.79 දක්වා ඉහළ ගොස් ඇත.

භාණ්ඩාගාර ලේකම්වරයාගේ අවශ්‍යතාව මත, මහා බැංකු අධිපතිවරයා මුදල් අච්චු ගැසීම සිදු කරයි.  ශ්‍රී ලංකා මහා බැංකුව ස්ථාපනය කිරීමෙන් පසුව වත්මන් ආණ්ඩුව බලයට පත් වන තෙක් අච්චු ගසා තිබූණේ රුපියල් කෝටි 7474 ක් පමණී. සරළව පවසන්නේ නම්, මහා බැංකුව ඇරඹි දා සිට 2020 දක්වා අච්චු ගසා ඇති මුළු මුදල වගේ 20 ගුණයක මුදල් ප්‍රමාණයක් ගත වූ මාස 25 ඇතුළත දී ආණ්ඩුව අච්චු ගසා ඇත.

සල්ලි අච්චු ගැසීම පාලනයකින් තොරව සිදු වන බව සක් සුදක් සේ පැහැදිලියි. 1950 සිට මේ දක්වා මහා බැංකු අධිපතිවරුන් දාහතර දෙනෙකු යටතේ අච්චු ගැසූ මුදල වගේ 20 ගුණයක් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් සහ අජිත් නිවාඩ් කබ්රාල් යන මහා බැංකු අධිපතිවරුන් යටතේ අච්චු ගසා තිබෙන බව කිව යුතුය. ඒ කියන්නේ සර් ජෝන් කොතලාවල, එස්.ඩබ්ලියු.ආර්බ.ඩී ණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, සිරිමා බණ්ඩාරනායක, ජේ.ආර්.ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන නායකයින්ගේ පාලනයන් යටතේ අච්චු ගැසූ මුළු මුදල වගේ 20 ගුණයක් වත්මන් ආණ්ඩුව යටතේ අච්චු ගසා තිබෙන බවය.

මුදල් අච්චු ගැසීම නිසා ශ්‍රී ලංකාව ලෝකයේ උද්ධමනය වැඩිම රාජ්‍යයන් අතරට එකතු වී ඇති අතර මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයින්ගේ උපදෙස් නොතකා හරිමින් භාණ්ඩාකාර ලේකම්වරයා සහ මහා බැංකු අධිපතිවරයා ඒකාධිපතියන් වගේ හිතුවක්කාරී ලෙස මුදල් අච්චු ගැසීම සිදු කරමින් සිටින බව කිව යුතුය. 

 

(රජිත් කිර්ති තෙන්නකෝන්)
-දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර- 
Advertiesment