ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී එම ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඔහුට එක්තරා බලවත් විදේශ රටකින් ඩොලර් මිලියන 40 කට ආසන්න මුදලක් හොර රහසේ ලැබී තිබිණු අතර එම මුදල ඔහු සිය පුත්‍රයා වන දහම් සිරිසේන මහතාගේ මාමණ්ඩියට අයත් "Elcardo Industries (Pvt) Ltd" සමාගමේ ගිණුමට බැර කිරීමට පියවර ගෙන තිබිණ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලකට අනුව මහින්ද රාජපක්ෂ රජය එම ජනාධිපතිවරණ ව්‍යාපාරය සමයේදීම එම ඩොලර් මිලියන ගණන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගනු ලැබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිදුවීම ගැන කොටුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත එම විදේශීය මුදල් තොගය මහා බැංකුවට භාර දීී ඇත.
ජනාධිපතිවරණ ව්‍යාපාරය අස්සේ සිය ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයාට එල්ල වූ මේ චෝදනා සහ මේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විශාල වශයෙන් කලබල වූ අතර අදාළ විදේශීය මුදල් තොගය මහ බැංකුවට භාර දීමෙන් පසු එහි වගකීම ශ්‍රී ලංකා මහා බැංකුවට සහ එහි අධිපතිවරයාට පැවරිණ.
කෙසේ නමුත් 2015 ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වූ අතර ජනාධිපති ලෙස ඔහු සිදු කළ ප්‍රථම මැදිහත්වීම වූයේ ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරාස්වාමි මහතා පත් කර ගැනීමට උත්සාහ කිරීමය. එහෙත් ඒ සඳහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉඩ නොලැබුණු අතර අගමැතිවරයාගේ බලවත් ඉල්ලීම සහ මැදිහත් වීම මත ඊට පත් කෙරුණේ අර්ජුන මහේන්ද්‍රන් මහතාය.
එම පත් කිරීමට කිසිදු විරෝධයක් නොදැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළේ, මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාව කොළඹ, "පැජට්" පාරේ පිහිටි ජනාධිපති නිල නිවසට කැඳවා ඔහුට උපදෙස් දී ඇත්තේ මහා බැංකුව භාරයේ තිබෙන විදේශීය රටකින් තමාට ලැබුණ ඇමරිකානු ඩොලර් තොගය තව දුරටත් රඳවා තබා නොගෙන වහාම එම මුදල Elcardo Industries (Pvt) Ltd සමාගමේ හිමිකරුට නැවත භාර දෙන ලෙසය.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ එම ඉල්ලීමට අර්ජුන මහේන්ද්‍රන් මහා බැංකු අධිපතිවරයා එකඟ වී නොමැති අතර ඔහු එම විදේශීය මුදල් තොගයට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරුණු විමසා ඇත. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහා බැංකු අධිපතිවරයාට උපදෙස් දී ඇත්තේ එම විදේශ මුදල් තොගය අධිකරණය සන්තකයේ පවතින දේපොළක් වන බැවින් සියලු කටයුතු නිතියානුකූලව සිදු කරන ලෙසටය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් විරසක වූයේ මේ සිද්ධියත් සමග වන අතර අවසානයේ දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් පහ කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවා දින 52ක් ආණ්ඩුව පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කළේ ද මෙම මුදල් ආරවුල මතය.
ඊට සමගාමීව මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව අල්ලා ගෙන යහ පාලන ආණ්ඩුවට, අගමැති රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක සහ අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන්ට එළවා එළවා පහර දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසානයේ දී මහා බැංකු අධිපතිවරයා ලෙස සිය ඔඩොක්කු කුක්කෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කර ගනු ලැබීය.
ඔහු 2015 වසරේ සිට 2016 අතර කාලයේ මහා බැංකු අධිපති වරයා ලෙස කටයුතු කළ අතර ඒ වකවානුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මාර්ගයෙන් අදාළ විදේශීය මුදල් තොගය නිදහස් කර ගැනීමට ක්‍රියා කර ඇති බවට මේ වන විට තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ.
හිටපු මුදල් අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක රවී කරුණානායක මහතා කොළඹ දී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සාක්කි-සාධක ඇතිව අභියෝග කර සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් වන නමුත් ඔහු එහිදී කියා සිටියේ සිද්ධියට අදාළ තොරතුරු දැනට හෙළිදරව් නොකරන අතර හැකි නම් මේ සම්බන්ධයෙන් විවාදයකට එන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කරන බවය.
Lanka Newsweek © 2025