Monday 7th of October 2024

English Tamil
Advertiesment


ජනවාරියේ සිට රටම අඳුරේ..!


2021-12-26 14327

 

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදු වන ලකුණු..! 

 

නොදන්වා විදුලිය කප්පාදු කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් 

 

විනාඩි 45ක් රට පුරා නොදන්ව විදුලිය කප්පාදු කරනවා  

 

 
(පාඨලී චම්පික රණවක)

 

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් තොගය දැනට තිබෙන තත්ත්වය අනුව ප්‍රමාණවත් වන්නේ 2022 ජනවාරි මස මැද දක්වා පමණි. ඒ අනුව 2021 දෙසැම්බර් 10 වැනිදා පිරිපහදුවේ කටයුතු ආරම්භ කළ ද, විදුලි බලය නිෂ්පාදනය සඳහා පැවැති තොගය මෙට්‍රික් ටොන් 16000 ක් පමණක් වූ අතර, දිනකට විදුලි බල උත්පාදනය සඳහා නිකුත් කෙරෙන තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 කට සීමා කර තිබිණ.

ඒ ආකාරයෙන් පිරිපහදු තෙල් භාවිතා කළ ද එම තෙල් ප්‍රමාණවත් වන්නේ දින 25 කට පමණක් වන අතර, විදුලි බල උත්පාදනය කිරීම උදෙසා භාවිත කිරීමට අමතරව පවතින්නේ පිරිපහදු තෙල් මෙට්‍රික් ටොන් 12,500 ක ප්‍රමාණයක් පමණි.

මේ අතර විදුලි බල මණ්ඩලය සතුව ඔවුන්ගේ ගබඩාවල පවතින තෙල් තොග ප්‍රමාණය මෙට්‍රික් ටොන් 21,200 ක් පමණි. තෙල් තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරි මාසය ඇතුළත දී සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිශ්චිතවම වසා දැමීමට සිදු වනු ඇති අතර, මෙම තත්ත්වය මත විදුලිය නිෂ්පාදනය සඳහා පිරිපහදු තෙල්  නිකුත් කිරීම නැවැත්වීමට ද සිදු වනු ඇත. 

ඒ හේතුවෙන්ම එළඹෙන 2022 ජනවාරි 15 වෙනිදායින් පසු බොහෝ දුරට දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමක් සිදු කිරීමට සිදු වනු ඇත. මේ වන විටත් දිවයින පුරා ප්‍රදේශ කිහිපයක නොදන්වා විනාඩි 45 ක පමණ කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කරමින් පවතී. එසේ නොදන්වා විදුලිය කප්පාදු කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන නීති විරෝධී ක්‍රියාවකි.

 

 

Advertiesment