Sunday 23rd of January 2022

English Tamil
Advertiesment


රටේ ණය අර්බුදය උග්‍ර වීමට බලපා ඇති හේතු මෙන්න..!


2021-12-19 1360

 

ණයට හොර කරලා-රාජ්‍ය ණය අඩු කර පෙන්වලා 

 

2015-2019 අතර ගෙන ඇති ණය 42.8%කින් ඉහළ ගිහින් 

 

එම ණයවලින් 89.8%ක් ම පොළිය  

 

 

2015 - 2019 වසරවල රටේ ණය අර්බුදය උග‍්‍ර වීමට බලපා තිබෙන ප‍්‍රධානම හේතුව ඊට පෙර වසරවල ගත් ණයවලට පොළී ගෙවීමට සිදුව තිබීම බව "Verité Research" ආයතනය ප‍්‍රකාශයට පත් කර තිබෙන නවතම වාර්තාවක දැක්වේ.

එම වාර්තාවට අනුව, 2015-2019 අතර කාලයේ ශී‍්‍ර ලංකාවේ ණය ප‍්‍රමාණය 42.8%කින් ඉහළ ගොස් තිබෙන අතර, එම ප‍්‍රමාණයෙන් 89.8%ක් ම ගෙවුණු  වසරවල ගත් ණයවලට ගෙවීමට සිදුව තිබෙන පොළිය වන බව ද එම වාර්තාව හෙළිදරව් කර සිටින අතර මෙම පොළී ගෙවීම්වල පිරිවැය ගණනය කිරීම සඳහා "Verité Research" ආයතනය ඇස්තමේන්තු ගත කිරීමක් ද සිදු කර තිබේ.

මෙම ගණනය කිරීම්වල දී, රාජ්‍ය ගිණුම්කරණ කි‍්‍රයාවලියේ පවතින දුර්වලතාවයන් අධ්‍යනය කරමින් රාජ්‍ය ආයතනවල ණය ප‍්‍රමාණය කොපමණදැයි හඳුනා ගැනීමට "Verité Research" ආයතනය සිදු කර ඇති විමර්ශනවල දී පෙනී ගොස් තිබෙන්නේ පුත්තලම ගල් අගුරු බලාගාරය ඉදිකිරීම සඳහා 2014 වසරේ දී, චීනයේ එක්සිම් බැංකුවෙන් ලබා ගත් ඩොලර් මිලියන 828ක මුදලක්, රජයේ ගිණුම් පොත්වලින්, ශී‍්‍ර ලංකා විදුලි බල මණ්ඩලයේ ගිණුම් පොත්වලට මාරු කොට එම වසරේ රාජ්‍ය ණය ප‍්‍රමාණය අඩු කොට පෙන්වා ඇති බවය.

මේ ආකාරයටම, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ලබා ගත් ඩොලර් මිලියන 951ක මුදලක් ද, මධ්‍යම රජයේ ගිණුම් පොත්වලින්, ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ ගිණුම් පොත්වලට මාරු කර, රජයේ ණය ප‍්‍රමාණය අඩු යැයි පෙන්වා දී තිබෙන අතර එසේ කර තිබෙන්නේ 2014 වර්ෂයේදීමය. 

මෙසේ අවිධිමත් ගිණුම් ක‍්‍රම අනුගමනය කිරීම හරහා, රාජ්‍ය ණය ප‍්‍රමාණය පවතින ප‍්‍රමාණයට වඩා අඩු කොට පෙන්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මුළු රටම ණය උගුලක පැටලී ජනතාව අන්ත අසරණ වී ඇති බව ද "Verité Research" ආයතනය පෙන්වා දෙයි. 

Advertiesment