Thursday 13th of February 2025

English Tamil
Advertiesment


IMF නොයන ලෙසට ජනපතිට උපදෙස් අඥානයා කවුද..?


2021-12-17 14359

 

ඔහු රටට-ජනපතිට කළේ විශාල හානියක් 

 

රටම කපෝතියි-බැංකු කඩා වැටෙයි 

 

ඉතුරුම් ගිණුම්වල තැන්පතු වාෂ්ප වෙයි 

 

උද්ධමනය දරා ගන්න බැරි වෙයි 

 

 

ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලට ගොස් අවශ්‍ය ණය පහසුකම් ලබා ගෙන තරමක පීඩාකාරි තත්ත්වයකට යමින් වුවද ගෙවුම් ශේෂ අර්බුදය විසදා ගත හැකි තත්ත්වයක තිබුණත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නොගොස් එම අර්බුදය විසඳා ගත හැකි වෙනත් ක්‍රම ඇති බව කියා එම වැඩ සටහන සදහා ජනාධිපතිවරයා එකඟ කර ගත් පුද්ගලයා කවරෙකු වුවද ඔහු දැන හෝ නොදැන රටට-ජනතාවට පමණක් නොව සිය ජනාධිපතිටද සිදු කර තිබෙන්නේ විශාල හානියක් යැයි දේශපාලන, සමාජ ආර්ථික විශ්ලේෂක සහ ප්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අවධාරණය කර සිටියි.

රටේ උද්ගත වී ඇති දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුදය සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් දේශපාලන, සමාජ ආර්ථික විශ්ලේෂක සහ ප්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා මෙසේ ද කියා සිටියි. 

"ජනාධිපතිවරයා බලයට පත් වූයේ විශාල ජන වරමකිනි. එහෙත් එම ජන වරම මේ වන විට තිබෙන්නේ හොඳටම වාෂ්පවූ තත්ත්වයකය. මේ තරම් ඉක්මනින් මේ තරම් විශාල ප්‍රමාණයකට අප්‍රසාදයට පත්වූ ශ්‍රී ලංකාවේ වෙනත් පාලනයක් නැති තරම්‍ ය. රටේ අර්බුදය තිබෙන්නේ පාලනය කළ නොහැකි මහා කඩා බිද වැටීමක මුව විටය. 

ගෙවුම් ශේෂ අර්බුදය තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලට ගොස් අවශ්‍ය ණය පහසුකම් ලබා ගෙන තරමක පීඩාකාරි තත්ත්වයකට යමින් වුවද එම අර්බුදය විසදා ගත හැකි තත්ත්වයකය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නොගොස් එම අර්බුදය විසඳා ගත හැකි වෙනත් ක්‍රම ඇති බව කියා එම වැඩ සටහන සදහා ජනාධිපතිවරයා එකඟ කර ගත් පුද්ගලයා කවරෙකු වුවද ඔහු දැන හෝ නොදැන රටට පමණක් නොව සිය ජනාධිපතිටද කර තිබෙන හානිය අති විශාලය. 

එම මෝඩ විනාශකාරි  ප්‍රතිපත්තිය නිසා මුළු රටම කඩා බිඳ වැටුණ, ක්‍රියාකාරී හැකියාව මුළුමනින් අහිමි කර ගත්, අසමත් සහ අරාජික තත්ත්වයට පත් කිරීමට හේතු වනු ඇත. නුදුරු අනාගතය පිළිබදව පෙනෙන්නට තිබෙන චිත්‍රය  ඉතා නරකය. ශ්‍රී ලංකාවේ බැංකු ක්‍රමය ද මුළුමනින් කඩා බිඳ වැටෙන තත්ත්වයකට පත් විය හැකිය. ඒ සමග ඉතිරි කිරීමේ ගිණුම්වල තිබෙන තැන්පතු වාෂ්ප වී යන තත්ත්වයක් ඇති විය හැකිය. උද්ධමනය ඉසිලිය නොහැකි මහා බරක් බවට පත්වී භාණ්ඩ මිලදී ගැනීම සදහා අවශ්‍ය මුදල්වල ප්‍රමාණයද භාණඩවල තරමටම විශාල වන තත්ත්වයක් ඇති කිරීමට හේතු විය හැකිය. විදුලිය සහ ප්‍රවාහනය සදහා නැතුවම බැරි ඉන්ධන සැපයුම බිඳ වැටීමත් සමග ක්‍රමයේ බිඳ වැටීම පරිපූර්ණ කිරීමට හේතු වනු ඇත."
 

Advertiesment