ආණ්ඩුව ඔවුන්ගේ කූඨ ව්‍යවස්ථා සම්පාදන වැඩ සටහන හකුළා ගත්තත් මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම සදහා අප නගන හඬ අප අත නෑරිය යුතුයි. චිලී රටෙන් ශ්‍රී ලංකාවේ අපට උගත හැකි සහ අපේ ආස්වාදයට හේතු වන ක්‍රියාවලියක් මේ වන විට සිදු වෙමින් තිබෙනවා. ඒ රටේ තිබෙන්නෙත් අපේ වගේ 1980 ඒකාධිපති ෆිනොචෙගේ පාලන කාලයේ හදා ගත්ත 15 වතාවක් සංශෝධනය කරපු අවලස්සන ව්‍යවස්ථාවකි.
2019 ඔක්තෝබර් 25 වනදා නව මහජන ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල සන්ධානයක කැදවීමක් අනුව මිනිස්සු මහජන ව්‍යවස්ථාවක් වෙනුවෙන් පාරට බැහැලා උද්ඝෝෂණය කළා. එදින සාන්තියාගෝ නගරයට එකතු වුණ මහ ජනයාගේ සංඛ්‍යාව ලක්ෂ 12 ක් ලෙස වාර්තා වුණා. එතැන් සිට එම එකතුව මහ පාරේ කෙරෙන උද්ඝෝෂණ වැඩ සටහනක් බවට පත් වුණා. ප්‍රශ්නෙ දුර දිග යාම වළකා ගැනිම සදහා ආණ්ඩුව ව්‍යවස්ථා සම්පාදනයකට අවසානයේ එකඟ වුණා.
ව්‍යවස්ථා සම්පාදනයට අදාළ මූලික ප්‍රශ්න දෙක විසඳා ගැනීම සදහා ජන මත විචාරණයක් පවත් වන ලෙස එවිට මහ ජනයා ඉල්ලා සිටියා. ආණ්ඩුවේ කැමැත්ත වුණේ ව්‍යවස්ථා සංශෝධනයකට සහ එම කාර්යය පාරිලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රධාන කොට ගෙන කැඳ වන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමයි.
එහෙත් 2020 ඔක්තෝබර්වලදී ඒ සදහා පැවති ජනමත විචාරණයෙන් සීයට 78 ක් අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් අනුමැතිය දුන්නා. තවත් සීයට 79 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැති මහජන නියෝජිතයින්ගෙන් පමණක් සමන් විය යුතු ව්‍යවස්ථා සභාවකින් නව ව්‍යවස්ථා සම්පාදනය සිදු විය යුතු බවට ඡන්දය දී තිබුණා.
ඒ නිසා ව්‍යවස්ථා සභාවට මහ ජන නියෝජිතයන් තෝරන ජන්දයක් 2021 මැයි 15 සහ 16 යන දින දෙකේ පැවැත් වුණා. තේරී පත්වු නියෝජිතයන්ගෙන් සීයට 62ක් ස්වාධීන පුද්ගලයින් වුණා. තෙරී පත්වූ නියෝජිතයින්ගෙන් සීයට 49.50 ක් කාන්තාවන් වුණා. ව්‍යවස්ථා සම්පාදනයකට 50% ක් කාන්තාවන් සහභාගී වන ලොව පළමු ව්‍යවස්ථා සම්පාදනය ලෙස සැලකිය හැක්කේ එම ව්‍යවස්ථා සම්පාදනයයි.
Lanka Newsweek © 2024