දේශපාලන සමාජීයකරණ ක්‍රියාවලිය වඩා ආකර්ෂණීය වනුයේ නව්‍ය මානයකින් දේශපාලන,සමාජ, ආර්ථික, සාංස්කෘතික, බහු සාංස්කෘතික සහ නෛතික යනාදී සාර්වාංශික කේෂ්ත්‍රයන් නියෝජනය වීමේ සමුහ ලක්ෂණ අනුවය.
සමුහයට පොදු වු අරමුණු හෙවත් අපේක්ෂණ පැවැතිමද ඉතා වැදගත් කාරණයකී. සංසත්තික ස්වභාවය, (Group Cohesiveness) සාමුහික විඥානය හෙවත් අපි යන හැඟිම දේශපාලනිකව සංවිධානය කිරිම ඉතාමත් වැදගත්ය. විධිමත් හෝ අවධිමත් ජන සමාජයක අන්තර් ක්‍රියා සුසාධ්‍යකරණයට හෙවත් සුසර කිරීමට (Facilitation) සමුහ චර්යාවන් වඩාත්ම තීරණාත්මක බව නොකිව මනාය.
විවිධ සංගීත භාණ්ඩ රාශියක නාදය එකතුවීමෙන්, එක් සංගීත භාණ්ඩයකින් නිකුත්වන නාදයට වඩා ශක්තිමත් මිහිරි හඬක් උත්පාදනය වන්නා සේ තනි පුද්ගල ප්‍රතිචාරවලට වඩා සමුහයක ප්‍රතිචාර ශක්තිමත් විය යුතුය. ඒ සඳහා විෂය බද්ධ නිර්නායක, පුද්ගල බද්ධ නිර්නායක සහ සමාජ පංති ව්‍යුහයන් පිළිබඳව පවතින තත්ත්වය ආර්ථික සාධක මත ආගුණිතය කිරිම ඉතා වැදගත්ය.
අනෙක් අතට මහා සංස්කෘතිය සහ උප සංස්කෘතිකයන් කරුණු සහිතව ආකර්ෂණීයව ආමන්ත්‍රණය විය යුතුය. මහා සංස්කෘතිය අභ්‍යන්තරයේ ප්‍රාදේශීය උප සංස්කෘති ලෙස ජාතිය, ආගම, ජන වර්ගය , ගිහි පැවිදි බව, පුමතිරි බව, සුවිශේෂ කුල ගෝත්‍ර, මුඩුක්කු සමාජ, අපචාර කල්ලි, විවිධ රැකියා කේෂ්ත්‍ර, වයස් කාණ්ඩ ආදී වශයෙන් ක්‍රියාත්මකය.
හාර්වඩ් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාඥ Robert King Merton ට අනුව ජන සමුහයක උප සංස්කෘතික වර්ග කිහිපයක් වනුයේ, ප්‍රාදේශීය උප සංස්කෘති, ජන වාර්ගික උප සංස්කෘති, වෘත්තීයමය උප සංස්කෘති, ආගමික උප සංස්කෘති, ග්‍රාමීය සහ නාගරික උප සංස්කෘතිකයන් ය. උක්ත සමස්තයේ ජීවත් වන බහු ජනයාට ඔබේ කණ්ඩායමේ දේශපාලන පණිවිඩය ආකර්ෂණීය සේම ප්‍රායෝගිකව අවබෝධ විය යුතුය.
-We live in a world in which politics has replaced philosophy-
Lanka Newsweek © 2024