Wednesday 8th of December 2021

English Tamil
Advertiesment


චීනයේ යුද මානසිකත්වය නිසා ලොවම අනතුරේ 


2021-11-19 5808

 

චීනයේ ජාතික-ආරක්ෂක උපාය මාර්ගවලින් හෙළි වෙයි

 

2027 වන විට න්‍යෂ්ටික බෝම්බ 700ක් සහ 2030 වන විට අධි බල බෝම්බ 1,000ක් චීනය සතු වෙයි 

 

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි  

 

චීන උපාය මාර්ගය වන්නේ 2049 වර්ෂය වන විට "චීන ජාතියේ මහා පුනර්ජීවනය" සාක්ෂාත් කර ගැනීම යැයි අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විශේෂ වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියි.

චීනය සිය අරමුණ සාක්ෂාත් කර ගැනීමට යන්නේ, බීජිංහි අධිකාරීවාදී පද්ධතියට සහ ජාතික අභිලාශයන්ට වඩාත් වාසිදායක වන ලෙස ජාත්‍යන්තර පිළිවෙළ  සංශෝධනය කිරීම, අමෙරිකානු ගෝලීය බලපෑමට සහ බලයට සම වන ලෙස හෝ එම බලය අභිභවා යාම වගේම ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂක හවුල්කාරීත්වය සහ අමෙරිකානු සන්ධාන විස්ථාපනය කිරීම මඟින්ය. 

චීනය සිය ආරක්ෂක ප්‍රතිපත්තිය ලෙස දක්වා ඇත්තේ රටේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අභිලාෂයන් සුරක්ෂිත කිරීම වන අතර චීනයේ මිලිටරි උපාය මාර්ගය "ක්‍රියාකාරී ආරක්ෂාව" යන සංකල්පය මත පදනම් වේ.

දළ වශයෙන් මිලියන දෙකක පමණ සාමාජිකයින්ගෙන් යුත් නිත්‍ය බලකායක් ඇති චීන විමුක්ති හමුදාව සිය හැකියාවන් නවීකරණය කිරීමට සහ වැඩිදියුණු කිරීමට උත්සාහ කරමින් සිටින බව පෙන්වා දෙන අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව එහි අරමුණ වන්නේ ඒකාබද්ධ බලවේගයක් ලෙස ගොඩබිම්, ගුවන් සහ සමුද්‍ර මෙහෙයුම් සේම අභ්‍යවකාශය, ප්‍රති අවකාශය, ඉලෙක්ට්‍රොනික යුද්ධ සහ සයිබර් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමය. 

අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව චීනයේ මහජන විමුක්ති නාවික හමුදාව සංඛ්‍යාත්මකව ලොව විශාලතම නාවික හමුදාව වන ආතර චීනය සතුව ඇති නැව් සහ සබ්මැරීන සංඛ්‍යාව දළ වශයෙන් 355 කි.

චීන නාවික හමුදා සබ්මැරීනවලට දිගු දුර ගොඩබිම් ඉලක්ක වෙත නිරවද්‍ය ලෙස ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇති බව ද පෙන්වා දෙන අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව වාර්තාවේ චීනය සබ්මැරීන විනාශ කිරීමේ යුද හැකියාවන් සහ ආරක්ෂාව සඳහා නිපුණතා වැඩි දියුණු කිරීමට කටයුතු කරමින් සිටින බවද හෙළිදරව් කර ඇත. 

අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, ඉදිරි දශකයේ දී චීනය සිය න්‍යෂ්ටික බලය නවීකරණය කිරීමට, විවිධාංගීකරණය කිරීමට සහ පුළුල් කිරීමට ක්‍රියා කරමින් සිටින අතර 2027 වන විට න්‍යෂ්ටික බෝම්බ 700ක් සහ 2030 වන විට අධිබල බෝම්බ 1,000ක් චීනය සතු වනු ඇති බවය. 

Advertiesment