Monday 24th of March 2025

English Tamil
Advertiesment


විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට


2021-11-15 14359

 

විස්සයි විස්ස ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉරිදා(14) සමත් විය.කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබා දුන් අතර  නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී  ලකුණු 172ක් රැස් කළේය.

එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක කේන් විලියම්සන් ලකුණු 85ක් රැස්කළ අතර මාටින් ගප්ටිල් ලකුණු 28ක් රැස් කළේය.පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජොෂ් හේසල්වුඩ් කඩුලු 3ක් දවා ගත් අතර ඇඩම් සම්පා එක් කඩුල්ලක් දවා ගත්තේය.

දෙවනුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම  කඩුලු 2ක් දැවී පන්දුවාර 18යි පන්දු 5ක් තුළ ලකුණු 173ක් ලබා ගනිමින් තරගය ජයගැනීමට සමත් විය.එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මිචෙල් මාෂ් නොදැවී ලකුණු 77ක් රැස්කළ අතර ඩේවිඩ් වෝනර් ලකුණු 53ක් රැස් කළේය.පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් දවා ගත්තේය.

 ඒ අනුව මෙවර ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශුරයින් බවට පත් විය.

Advertiesment