Monday 19th of May 2025

English Tamil
Advertiesment


ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරඟයට


2021-11-12 14357

 

2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.ඒ ඩුබායිහිදී පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී පකිස්ථාන කණ්ඩායම කඩුලු 5කින් පරාජය කිරීමත් සමගයි.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4ට  ලකුණු  176 යි.එහිදී මොහොමඩ් රිස්වාන් ලකුණු 67ක් සහ ෆකාර් සමාන් ලකුණු 55ක් රැස් කළේ ය.පන්දුයැවීමේදී මිචෙල් ස්ටාක් කඩුලු දෙකයි.

ලකුණු 177ක ඉලක්කයක හඹායෑමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුළු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. ඩේවිඩ් වෝනර් ලකුණු 49යි. ෂාදබ් ඛාන් කඩුළු 4යි. 

පන්දුවාර 18.3 වන විට පකිස්ථානය දෙසට ජග්‍රහණය නැඹුරු වී තිබුණත් මැතිව් වේඩ්ගේ උඩ පන්දුව හසන් අලි අතින් ගිලිහී ගිය අතර එත් සමගම ඊළඟ පන්දු තුනේදී ඔහු විසින් 6 පහර තුනක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාවට ජය ගෙන දෙන ලදී. ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සුදුසුකම් ලැබීය.

Advertiesment