‘සෝබර්ස්-තිසේරා’ කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සඳුදා (08) උදෑසන ශ්‍රී ලංකාවට ලඟා විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ක්‍රෙග් බ්‍රැත්වේට් නායකත්වය සපයයි.
තරඟාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරඟාවලිය ආරම්භයට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙපිළ බෙදී සිව්දින පුහුණු තරගයකට කොළඹදී සහභාගි වේ. ඉන් පසුව පළමු තරඟය නොවැම්බර් 21-24 දක්වා දිනවල දීත් දෙවන තරඟය නොවැම්බර් 29-දෙසැම්බර් 03 දක්වා දිනවලදීත් පැවැත්වීමට නියමිතය.
අවසන් වරට කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරඟාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ 2015/16 තරඟ සංචාරයේ දී ය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම – ක්‍රෙග් බ්‍රැත්වේට් (නායක), ජෙරමින් බ්ලැක්වුඩ් (උප නායක), කෘමා බොනර්, රොස්ටන් චේස්, රකීම් කෝන්වෝල්, ජොෂුවා ද සිල්වා, ශැනන් ගේබ්‍රියල්, ජේසන් හෝල්ඩර්, ෂායි හෝප්, කයිල් මේයර්ස්, වීරසාමී පෙරුමාල්. කෙමාර් රෝච්, ජේඩ්න් සීල්ස්, ජෙරම් සොලොසානෝ. ජොමෙල් වොරිකන්.
Lanka Newsweek © 2024