Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


වෙඩි තබා ඇත්තේ සංගීතය වාදනය කළ නිසයි


2021-11-01 14327

 

සිකුරාදා රාත්‍රියේ නැඟෙනහිර ඇෆ්ගනිස්ථානයේ මංගල භෝජන සංග්‍රහයක දී අමුත්තන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇත්තේ සංගීතය වාදනය වීම නිසා බව තලෙයිබාන් සංවිධානය පවසයි.

වෙඩි තැබීමට පෙර තලේබාන් සාමාජිකයන් යැයි කියාගත් ප්‍රහාරකයින් තිදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් ඉරිදා මාධ්‍ය හමුවකදී වාර්තාකරුවන්ට පැවසීය.

Nangarhar පළාතේ Surkh Rod දිස්ත්‍රික්කයේ පැවති පිළිගැනීමේ උත්සවයකට තුවක්කුකරුවන් ප්‍රහාරය එල්ල කළ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇත.

තලේබාන් ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ සංගීතය වාදනය කිරීම නිසා කිසිවෙකු ඝාතනය කිරීමට අවසර නොමැති බවත්, මෙම සිද්ධිය පුද්ගලික ආරවුලක් නිසා සිදුවූවක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

සැකකරුවන් තලේබාන් සාමාජිකයන් යැයි කියා සිටි අතර වෙඩි තැබීමට පෙර සංගීතය නවත්වන ලෙස ඉල්ලා ඇත. නමුත් ඔවුන් තලේබාන් සංවිධානයේ ද  නැද්ද යන්න තහවුරු නොකරන ලදී. සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති නමුත් තුන්වැන්නා පැන ගොස් ඇත.

විවාහ උත්සව සහ අනෙකුත් ප්‍රසිද්ධ උත්සවවලදී සංගීතය වාදනය කිරීම තලේබාන් සංවිධානය අනුමත නොකරන නමුත්, අගෝස්තු මාසයේ බලයට පත් වූ දා සිට තලේබාන් සංවිධානය එය තහනම් කරමින් නියෝගයක් නිකුත් කර නැත.

කෙසේ වෙතත්, අගෝස්තු මස අගදී ජන ගායක Fawad Andarabi  ඔහුගේ නිවසින් ඇදගෙන ගොස් තලේබාන්වරුන් විසින් මරා දමන ලදී. එමෙන්ම  රටේ සංගීතඥයන් පවසා ඇත්තේ  ඔවුන්ගේ සංගීත භාණ්ඩ වාදනය නොකරන ලෙස ඔවුන්ට තලේබාන්  සංවිධානය දැනුම් දුන් බවයි.

1996 සිට 2001 දක්වා ඇෆ්ගනිස්ථානයේ ඔවුන්ගේ පෙර පාලන කාලයේ දී තලේබාන්වරු බොහෝ සංගීත සම්ප්‍රදායන් තහනම් කළහ.

 

 

Advertiesment