Sunday 13th of October 2024

English Tamil
Advertiesment


රුසියාවේ නැවතත් කොවිඩ් වැඩි වෙයි


2021-10-29 14328

 

රුසියාවේ අගනුවර වන මොස්කව් නගරය බ්‍රහස්පතින්දා(28) සිට දින 10 ක අර්ධ අගුලු දැමීමකට ලක් විය.  බ්‍රහස්පතින්දා (28), රුසියානු රජයේ කොවිඩ් කාර්ය සාධක බලකාය නවතම තොරතුරු වාර්තා කල අතර එම තොරතුරු වලට අනුව වාර්තාගත ආසාදන සහ මරණ ප්‍රමාණයක් වාර්තා විය. එලෙස ආසාදිතයින්  40,096 ක් සහ  මරණ 1,159 ක් ගතවූ පැය 24 තුළ පමණක් වාර්තා විය.

එන්නත් කිරීමට රුසියානුවන් දිගින් දිගටම දක්වන අකමැත්ත සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනය විවෘතව දෝෂාරෝපණය කරයි. වසංගතය ආරම්භයේ සිට රුසියානු නිලධාරීන් මරණ 235,000 කට වඩා ලියාපදිංචි කර ඇත. ස්වාධීන විශ්ලේෂකයින් පවසන්නේ  සත්‍ය සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවට සාක්ෂි උපුටා දක්වා ඇත.

වසංගතය හොඳින් පාලනය කර ඇති බවට බලධාරීන් නැවත නැවතත් සහතික වුවත් පසුව  හදිසියේම සීමා කිරීම් නැවත හඳුන්වා දී ඇත්තේ කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හිස එසවීමත් සමගය.

Advertiesment