Sunday 13th of October 2024

English Tamil
Advertiesment


යුරෝපා රටක ගංජා වැවීමට සහ භාවිතයට අවසර


2021-10-23 14331

 

(හේමන්ත තුසිත කුමාර)

 

Luxembourg රජය ගංජා(cannabis) වැවීම සහ භාවිතය නීතිගත කරන පළමු යුරෝපීය රට බවට පත් වීමට නියමිත බව සිකුරාදා(22) ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කළේය. (Luxembourg රාජ්‍යය ප්‍රංශය ,ජර්මනිය ,බෙල්ජියම යන රට වලට මැදිව පවතී.)

නව නීතිය යටතේ ලක්සම්බර්ග්හි 18 ට වැඩි වැඩිහිටියන්ට ගංජා භාවිතා කිරීමට ඉඩ ලබා දෙන අතර, එක් නිවසකට පැල හතරක් දක්වා වැවීමට ඉඩ ලබා දෙයි. ඒ අනුව ගංජා නිෂ්පාදනය හා පරිභෝජනය මුළුමනින්ම නීත්‍යානුකූල කළ යුරෝපයේ පළමු රට බවට Luxembourg පත් වේ.කෙසේ වෙතත්, ප්‍රසිද්ධියේ ගංජා පරිභෝජනය කිරීම නීති විරෝධී ලෙස පවතිනු ඇත.

ගංජා වල මනෝ ක්‍රියාකාරී සංඝටකය වන Tetrahydrocannabinol (THC) ප්‍රමාණයේ සහ මට්ටම් වල සීමාවන් නොමැතිව නව වෙළඳාම යටතේ වෙළඳාම් කිරීමට ද අවසර දෙනු ඇත.

මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට Luxembourg රජය ගත් උත්සාහයක ප්‍රතිපලයක් ලෙස මෙලෙස ගංජා නීතිගත කිරීම හැඳින්විය හැක. දැනට පවතින නීති විරෝධී ගංජා වෙළඳපොල නියාමනය කිරීමට රජයට දැන් හැකි වනු ඇත.

 


 

Advertiesment