Monday 20th of January 2025

English Tamil
Advertiesment


ශ්‍රී ලංකා-නෙදර්ලන්ත T20 ක්‍රිකට් තරඟය අද


2021-10-22 14346

 

(හේමන්ත තුසිත කුමාර)

 

2021 විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වන හා අවසන් ක්‍රිකට් තරඟය සිකුරාදා(22) නෙදර්ලන්ත කණ්ඩායම සමගින් පැවැත්වේ. එම තරඟය පස්වරු 7.30ට සාර්ජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ඇරඹීමට නියමිතය. මේ වන විට ශ්‍රී ලංකාව සහභාගී වූ තරඟ දෙකම ජයගෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායමට දසුන් ශානක නායකත්වය ලබා දෙන අතර පීටර් සීලර් නෙදර්ලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දෙයි. පසුගිය දිනවල පීටර් සීලර් ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කරමින් කතා කර තිබු අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ලෙස දෝෂ දර්ශනයට ලක් විය. පසුව ඔහු ඒ පිළිබඳව සමාව ද අයැද  සිටියේය.

Advertiesment