Wednesday 8th of December 2021

English Tamil
Advertiesment


චීන ආර්ථිකය පසුබෑමක


2021-10-18 5810

 
(හේමන්ත තුසිත කුමාර)

 

2021 තුන්වන කාර්තුවේ දී(ජුලි සිට සැප්තැම්බර්) චීනයේ ආර්ථික වර්ධන වේගය 4.9% ක් තරම් මන්දගාමී වී ඇත.පසුගිය වසරේ ජුලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී චීනයේ වාර්තා වූ ආර්ථික වර්ධන වේගය 7.9%ක් වූ අතර පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ වාර්තා කර ඇත්තේ ඉතා පහල ආර්ථික වර්ධන වේගයකි.

චීනය බලශක්ති අර්බුදයකට මැදිව ඇති අතර සමහර ප්‍රදේශවල විදුලිය විසන්ධි වීම හේතුවෙන් කර්මාන්තශාලාවල නිෂ්පාදනය අඩාල වී ඇති ද වාර්තා වේ.විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කරන ගල් අඟුරු මිල ද වාර්තාගත ලෙස ඉහළ මට්ටමක පවතී. මේ මස මුලදී චීන රජය විසින් ගල් අඟුරු නිෂ්පාදනය වේගවත් කරන ලෙස ද නියෝග කළේය.

 

 

බලශක්ති අර්බුදය හේතුවෙන් නිෂ්පාදන කටයුතු ඇණහිටීම, බඩු තොග නැව්ගත කිරීම ප්‍රමාද වීම වැනි හේතු චීනයේ කුඩා පරිමාණ නිෂ්පාදකයින්ට ද බලපා ඇති අතර එමඟින් නිෂ්පාදන ඇනවුම් කප්පාදු කිරීමටත් සමහර ඇණවුම් අහිමි කිරීමට වෙනත් රටවල ඇනවුම්කරුවන් විසින් ඉල්ලා ඇත.

කෙසේ වෙතත් චීන රජය පවසා ඇත්තේ 6%කට වඩා වැඩි වාර්ෂික ආර්ථික වර්ධන වේගයක ඉලක්කයක් සපුරා ගැනීම සඳහා චීනය ගමන් කරමින් සිටින බවයි.

 

 

Advertiesment