Monday 19th of May 2025

English Tamil
Advertiesment


සාම මනෝ විද්‍යාව වැදගත් වන්නේ ඇයි..?


2021-10-14 14408

 
(දේශප්‍රිය නානායක්කාර) 

 

The Roots Of Peace Psychology Are Often Traced To William James And A Speech He Gave At Stanford University in 1906. සාම මනෝ විද්‍යාව (Peace Psychology) යනු සාමය, ගැටුම්, ප්‍රචණ්ඩත්වය සහ යුද්ධයේ මනෝ විද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන මනෝ විද්‍යාව සහ සාම පර්යේෂණවල උප විෂයකි. 

සාම මනෝ විද්‍යාව අන්‍යෝන්‍ය සම්බන්ධිත කුළුණු හතරකින් එනම් පර්යේෂණ, අධ්‍යාපනය, භාවිතාව සහ ඒ වෙනුවෙන් පෙනී සිටිමින් ක්‍රියාත්මක වීම ආදියෙන් යුක්තය. අභිමතාර්ථ ඇත්තේ කොතනද එතැන බොහෝ විට ප්‍රතිවිරෝධී සහ විසංවාදී තත්ත්වයන් ඇති වේ. 

ජීවිතයේ අභිමතාර්ථ සම්බන්ධයෙන් ඇති විය හැකි පරස්පර විරෝධී තත්ත්වයන් වෙන් කළ නොහැකි සේ එකිනෙකට සම්බන්ධව පවතී. ගැටුම් වැළැක්වීම සහ ගැටුම් ඇති වීම ආදී අවස්ථාවලදී ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සදහා සාම මනෝ විද්‍යාත්මක දැනුම ඉතා වැදගත්ය.
 

Advertiesment