Political ecology embraces complex systems thinking and points to the limitations of adopting a narrow definition of the natural environment and treating local and global environments as independent from one another.
දේශපාලන පරිසරය (Political ecology) යනු පාරිසරික ගැටලු සහ වෙනස්කම් සමඟ දේශපාලන, සංවර්ධන ආර්ථික සහ සමාජ සාධක අතර සබඳතා අධ්‍යනය කිරීමය. මානව විද්‍යාව, වන විද්‍යාව, සංවර්ධන අධ්‍යනයන්, පාරිසරික සමාජ විද්‍යාව, පාරිසරික ඉතිහාසය සහ භූ ගෝලීය විද්‍යාව යන ක්ෂේත්‍රයන් දේශපාලන පරිසර අධ්‍යනයට ඇතුළත් වී ඇත.
දේශපාලන පරිසර විද්‍යාව යන යෙදුම ඇමරිකානු මහාචාර්යවරයෙකු වන තෝමස් ජේ බැසට් (THOMAS J. BASSETT) විසින් 1988 දී භූ ගෝලීය ප්‍රකාශනයක් ලෙස භාවිතා කර ඇත. භූගෝල විද්‍යාඥයෙකු වන මහාචාර්ය මයිකල් වොට්ස් (Michael J. Watts) ප්‍රකාශ කරනුයේ ස්වභාවික පාරිසරික සම්පත්වලට දේශපාලන බලයේ බලපෑම මුදා හරින ප්‍රමාණය අනුව පරිසර සුරක්‍ෂණ ක්‍රියා සක්‍රිය කළ යුතු බවයි. අද්‍යතන දේශපාලන ආර්ථිකයේ කේන්ද්‍රීය ක්ෂේත්‍රය වනුයේද දේශපාලන පාරිසරික දැනුමයි.
තමා පාලනය කර ගන්නා අන්දම අවබෝධ කර ගැනීමට පෙර ස්වභාව ධර්මය පාලනය කිරීමට මිනිසාට ලැබී ඇති අයිතිය නිවැරදිව ක්‍රියාත්මක වනවාද නැද්ද යන කාරණය මත මිනිසාගේ අනාගතය රැදී ඇත. ඒ අනුව ස්ථිර වශයෙන්ම දේශපාලනය යනු ඉතා තීරණාත්මක සමාජ ක්‍රියාවලියකි .
Lanka Newsweek © 2024