Monday 18th of October 2021

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාව ගැන යුරෝපා හවුල කනස්සලු වුණා


2021-10-11 5732

 

මානව හිමිකම් සහ නීතියේ උත්තරීතරභාවය බිඳ වැටිලා 

 

යහපාලන ආණ්ඩුව දිනා දුන් ජයග්‍රහණ ආපස්සට හරවනවා 

 

යහපාලන රජය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රටට ත් ජනතාවට ත් දිනා දුන් ජයග්‍රහණ වත්මන් රජය එකෙන් එක ආපස්සට හරවන බව යුරෝපා හවුලේ සාමාජිකයින් ප්‍රකාශ කල බවත් අද රටේ ආණ්ඩුව මරණයට පත්ව ඇති හෙයින් ඉතුරුව ඇත්තේ දානය දීමට පමණක් බවත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.    

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ සඳුදා(11) විපක්‍ෂනායක කාර්යාලයේ දී පැවැති මාධ්‍ය පමුවේ දී වන අතර එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

මිත්‍රවරුනි පසුගිය දිනවල අපි යුරෝපා හවුලේ සාමාජිකයන් හමු වුණාම ඔවුන් පැහැදිලිවම කිව්වා වත්මන් රජය යහපාලන ආණ්ඩුවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රටත් ජනතාවත් ලබාගත් ජයග්‍රහන එකින් එක වත්මත් රජය ආපස්සට හරවනවා කියලා.

ඇත්ත වශයෙන්ම ලංකාවේ සිදුවන හැම දෙයක්ම පිලිබඳව ඔවුන් අවධානයෙන් ඉදලා තිබුණා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ මේ රටේ බලය විවිධ පුද්ගලයන් අතර බෙදුවා. අගමැතිතුමාට, පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට, ව්‍යවස්ථාදායක සභාවට, බලය තිබුනා. බලතල සියල්ල බෙදලා තිබුණේ. 20 වෙනි සංශෝධනයෙන් පස්සේ විමධ්‍යගත කරපු බලතල සියල්ලම විධායකය යටතට අරගෙන තියෙනවා. අද අපේ රටේ ප්‍රශ්නවලට මුල මේකයි. කණ්ඩයමක් හැටියට මේ රජය වැඩ කරන්නේ නෑ.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ රටේ මානව හිමිකම් සුරක්‍ෂිත වුනා. නිතීයේ උත්තරිතරභාවය ආරක්‍ෂා කරන්න කටයුතු කෙරුවා. අපි අත්සන් කරලා තියෙන ජාත්‍යන්තර ප්‍රඥප්ති අනුව මානව හිමිකම් වගේම නිතීයේ උත්තරිතරභාවය රකින්න අපි බැදිලා තියෙනවා.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ තිබුන ස්වාධින කොමිෂන්වල බලතල අහෝසි කරලා. ඒ සියලු බලතල අද විධායක යටතට අරගෙන තියෙනවා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විධායකයට විවිධ තනතුරු සදහා පත්කිරිම් කරන්න බලතල තිබුණා. නමුත් ව්‍යවස්ථාදායක සභාවට ඒ එවන නම පිළිගත්නේනේ නෑ වෙන නමක් එවන්න කියලා කියන්න බලයක් තිබුණා.

ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් නොව උසස් නිළතල සියල්ලක්ම නිතීපති, පොලස්පති, රාජ්‍ය සේවා නිලධාරින්, ඒ සෑම නිලධාරියෙක්ම විධායකය නම් කලාම ව්‍යවස්ථාදායක සභාවට බලය තිබුණා ඒ නම පිළිගත්න හෝ නොපිලිගෙන වෙන නමක් එවන්න කියන්න ඒ නිදහස තිබුණා. නමුත් අද එහෙම නෑ. අද විධායකය කියන සෑම නමක්ම ව්‍යවස්ථාදායක සභාව අනුමත කරන්න ඕනේ. නඩුකාරවරු, රාජ්‍ය සේවා නිලධාරින්ට වැඩ කරන්න අද නිදහසක් නෑ. අපේ රටේ අධිකරණයේ ඉන්න අය රාජ්‍ය සේවයේ ඉන්න අය ඉතා හොද අය ඒ අයට නිදහස තිබුණා නම් ඔවුන් හොදට වැඩ කරනවා.  

යුරෝපා හවුලේ සාමාජිකයින් අපේ රටින් පිටවිමට පෙර ප්‍රකාශයක් කලා. එකේ කියනවා මානව හිමිකම් සහ නිතීයේ උත්තරිතරභාවය ගැන ඒ අය කණස්සලලෙන් පසුවන බව. අද අපිට දකින්න ලැබෙනවා විධායකය කියනවා මගෙන් අඩුපාඩු සිදු උණා ඒක මම දන්නවා කියලා. ඇයි මෙහෙම උනේ?. මේක උනේ ඔක්කෝම බලතල ඔහුගේ අතට ගත්ත නිසයි.

19 වෙනි සංශෝධනය මගින් ගරු අගමැතිතුමාට තිබුණ බලතල, පාර්ලිමේන්තුවට තිබුන බලතල, කැබිනට් එකට තිබුණ බලතල, ව්‍යවස්ථාදායක සභාවට තිබුණ බලතල සියල්ලම අද විධායක ජනාධිපතිතුමාගේ අතට අරගෙන කණ්ඩායම් හැගිමක් නෑ. තනියම එක පුද්ගලයෙකු විතරක් යන ගමනක්.

20 වෙනි සංශෝධනය මගින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් තිබුණ කණ්ඩායමක් හැටියට වැඩකිරිම සම්පුර්ණයෙන්ම අහෝසි කෙරුවා. එදා 19 ගේනකොට මම සභානායක. එක්සත් ජාතික පක්‍ෂයට මන්ත්‍රිවරු 45 හිටියේ නමුත් අපිට පුළුවන් උනා 19 වන සංශෝධනය හදලා පාරිලිමේන්තුවේ විපක්‍ෂයත් එක්ක කථා කරලා ඒ සියලුදෙනාගේම සහයෝගය ලබාගන්න.

විපක්‍ෂය එදා 19 වන සාශෝධනයට සංශෝධන ගේනවා. අපි ඒවා බහුතරයක් පිළිගත්තා. අන්න එහෙමයි වැඩ කරන්න ඕනේ. නමුත් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට විපක්‍ෂයෙන් වචනයක්වත් ඇහුවේ නෑ. පාර්ලිමේන්තුවට එනකල් අපි දන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා. එහෙම රටක් පාලනය කරන්න පුළුවන්ද?.

ඊයේ ගරු ජනාධිපති තුමා කියලා තිබුණා නව ව්‍යවස්ථාවක් සහ නව මැතිවරණ ක්‍රමයක් පිළිබදව. නමුත් අද කාලීන ප්‍රශ්ණ මේවාද?. එතුමා කොහොමද ව්‍යවස්ථාවක් හදන්න කටයුතු කරන්නේ?. ඕනෑම රටක ව්‍යවස්ථාවක් හදන්නේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවකින් මේ අය කොහොමද ව්‍යවස්ථාවක් හදන්නේ?.

ජනාධිපතිවරයාට නඩු කථා කරපු නිතීඥ මහත්වරු කිහිපදෙනෙක්ටම මේ වැඩේ පවරලා. පෞද්ගලික කොන්ත්‍රාක්තුවක් පවරලා වගෙයි. පාර්ලිමේන්තුව තුල කිසිම සංවාදයක් නෑ. අපි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ පාර්ලිමේන්තුව තුල සියලු කණ්ඩායම් සාකච්ඡා කරලා. විපක්‍ෂය, ආණ්ඩුවේ සියලුදෙනා එක්ක කථා කරලා. 

නව ව්‍යවස්ථාවක් හදන්න පෞද්ගලික නිතීඥ කණ්ඩායමකට භාරදීලා තියෙනවා. ඔබ දන්නවාද මේ අය අපට එන්න කිව්වා අපේ අදහස් දැනගන්න. අපේ නිතීඥවරුන්ට මොනවද මේ අය කිව්වේ 13 වන වයවස්ථා සංශෝධනය ගැන කථා කරන්න එපා. ඒ කියන්නේ පලාත් සභා ඒවා ඇරෙන්න ඕන දෙයක් කථා කරන්න කිව්වා.

අද ඉන්දියාවට පොරොන්දු වෙනවා පලාත් සභා තියන්නත්, 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නත්. නමුත් එදා 20 සංශෝධනය හදනකොට ඒ පෞද්ගලික නිතීඥ මහත්වරු මොකක්ද කිව්වේ?. 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කථා නොකර ඕන දෙයක් කථා කරන්න කිව්වා. එහෙම පුළුවන්ද?. එකයි මම කියන්නේ තනියම වැඩ කරන්න ගිහිල්ලා අද මුළු රටම අමාරුවේ දාලා තියෙනවා. 

රටක් වශයෙන් අපි එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රඥාප්ති වලට අත්සන් කරලා තියෙනවා මානව හිමිකම් සහ නිතීයේ උත්තරිතරභාවය ආරක්‍ෂා කරන්න. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරලා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තිබුණ බලතල නැවත ගෙනාවේ නැත්නම් මේ රජයට ජාත්‍යන්තරයේ පිළිගැනිමක් කොහෙත්ම නෑ.

අද රජයට බලපාන විශාලතම අභියෝගය තමා ජාත්‍යන්තර සහයෝගය. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් යෝජනාව පරාදයි. යුරෝපා හවුලේ පලමු වටයේ ඡන්දය පරාදයි. ඉදිරියේදි මොනවා වෙයිද කියන්න බෑ. අපි කියන්නේ මානව හිමිකම් හා නිතීයේ උත්තරිතරභාවය ආරක්‍ෂා කලොත් පමණයි. ජාත්‍යන්තකර අතර පිළිගැනිමක් එන්නේ.

2015 යහපාලන ආණ්ඩුව ආවාම යුරෝපා හවුල කිව්වා 2015 අපේ යෝජනා ගැන පුදුම උනා කියලා. විධායක ජනාධිපතිතුමා බලතල සියල්ල අත්හරින්න හිටියේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමා එවා අඩු කෙරුවේ. විධායකය බලතල සියල්ල අගමැතිතුමාට, පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක සභාවට පැවරුවා. ඒ වාගේම සුළු ජාතින්ට දක්වන ආකල්පය සංහිදියාව ගැන විශ්වාසයක් තිබුණා.  

අද කොටින්ම ආණ්ඩුවක් නෑ. අද මිළ පාලනයක් නෑ. වත්මන් රජය බලයට එනකොට ජනතාවට තිබුන වරප්‍රසාද අද නෑ දුන්න පොරොන්දු ඉටුකරලත් නෑ. ඒ වගේම ජිවත් විමේ අයිතියත් අද නැත්තටම නැති කරලා. එම නිසා අපි රජයට කියනවා වහාම ප්‍රජාතන්ත්‍රවාදි රටක අවුරුදු දෙකෙන් දෙකට මොකක් හරි මැතිවරණයක්  එනවා. පලාත් පාලන, පලාත් සභා, ප්‍රාන්ත මැතිවරණයක් තියෙනවා.

ව්‍යවස්ථාව හදන්නේ එහෙමයි. ඉන්දියාවෙත් එහෙමයි. අපි රජයට කියනවා ජනාධිපතිවරයා පත්වෙලා අවුරුදු දෙකෙන් මැතිවරණයක් තියලා ජනමතය විමසන්න. නමුත් ජනාධිපතිවරයාගේ ඊයේ කථාව ඇහුවාම මට නම් හිතෙන්නේ ලබන වසරේදි මේ අය මැතිවරණයක් තියන්නේ නැති බවයි. 

අද ජනතාවට ජිවත් වෙන්න බෑ. දෙවේල නොවේ එක වේලක් කාලයි ජනතාව අද ජිවත් වෙන්නේ. අද ජනතාව කියනවා ජිවත් වෙන්න අමාරු බව මේ තත්වය තමා රට පුරා තියෙන්නේ ජනතාවට දුන්නු පොරොන්දු මේවාද?. සෞභාග්‍යයේ දැක්ම අද පුස්සක් බවට පත්වෙලා. 


ප්‍රශ්නය - ජනාධිපතිවරයා කියලා තියෙනවා මැතිවරණයක් පැවැත්විය යුතුයි නමුත් අධිකරණය කියලා තියෙනවා නේද පරණ ක්‍රමයටවත් තියන්න බෑ. කියලා?.

පිළිතුර     - පැරණි ක්‍රමයට තියන්න පුළුවන් එක වගන්තියයි ඕන. එක වගන්තියක සංශෝධනයක් ගෙනල්ලා කියනවා අපි අනුපාත ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පනත බලාත්මක කරන්න කියලා. එච්චරයි. එහෙම ගෙනාවානම් අපිත් ඒකට සහයෝගය දෙනවා. කල් දාන්නේ නැතිව මැතිවරණ තියන්න.

ප්‍රශ්නය - ජනාධිපතිතුමා කියනවා මගේ අතින් යම් අතපසුවිම් උනා, අත්දැකිම් අඩුකම නිසයි කියලා මෙවැනි බලයක් තියාන ඇයි ඔහොම කියන්නේ?.

පිළිතුර     - ඇත්ත වශයෙන්ම පලපුරුද්ද තියෙන්න ඕනේ. ජනාධිපතිතුමාට උවමනාව තිබ්බා මම නෑ කියන්නේ නෑ. උවමනාව තිබ්බට මදි පලපුරුද්ද තියෙන්න ඕන. සියලු බලතල තමන් යටතට ගත්තා කියලා රටක් පාලනය කරන්න බෑ. සියළුදෙනා එක්ක සුහදතාවයෙන්, කණ්ඩායම් හැගීමෙන් වැඩ කරන්න ඕනේ. මේච්චර හොද උසස් අය ඉදිද්දි හැම තැනටම ආමී එකෙන් දාලා මේ රට මේච්චර කල් දිවුවේ රජයේ නිලධාරින්ගේ සහයෝගයෙන්.

ප්‍රශ්නය     - දුෂණය පිටු දකිනවා කියලත් එතුමා කියනවා?.

පිළිතුර     - ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා නෑ. පසුගිය කාලය තුල ප්‍රබල නඩු තිබ්බ කීදෙනෙක් නිදහස් කෙරුවාද?. පට පට ගාලා නිදහස් වෙලා. 

ප්‍රශ්නය     - ඊයේ අපි නොහිතපු විදියට භාණ්ඩ මිළ වැඩි උනා. ගෑස්, පාන් පිටි, සිමෙන්ති වගේ දේවල්?.

පිළිතුර     - වෙළදපල ආර්ථිකය මෙහෙවන්න, වෙළදපල ආර්ථිකය තුලත් මිළ පාලනයක් කරන්න පුළුවන් වෙළදපලට පමණයි. මේකට හමුදා නිලධාරින් දාලා බඩු මිළ පාලනය කරන්න බෑ. අපේ ආණ්ඩුව කාලේ ජිවන වියදම් කොමිටිය නිතර රැස් උනා. මොකක්ද ඒ අය කෙරුවේ හාල් අඩුනම් වහාම හාල් ඇණවුම් කරනවා පිටරටින්.

වෙළෙන්දෝ මොකද කරන්නේ එතකොට මිළ අඩු කරනවා. ඒ වගේ සක්‍රියව දායකත්වය මේකට තියෙන්න ඕන. අද මිළ පාලනයක් නෑ. මිනිස්සුන්ට ජිවත් වෙන්න විදියක් නෑ. අද ආණ්ඩුව මැරිලා දැන් ඉතිං දානේ දෙන්න විතරයි තියෙන්නේ. අද වෙළෙන්දෝ වෙළදපල පාලනය කරනවා. එකට ඉඩ දෙන්න බෑ. ඒකට රජය මැදිහත් වෙන්න ඕන.

 

Advertiesment