1949 චීන විප්ලවයේ ජයග්‍රහණයත් සමග එරට පාලනය කළ කුවොමින්තාන් පකෂයේ නායකයා වූ චියන් කායි ෂෙක් තායිවානයට පලා ගොස් එහි පාලන බලය පිහිටු වන ලදී.ඇත්තෙන්ම ඒ පැත්තෙන් ගත හොත් තායිවානය යනු චීන මහජන සමුහාණ්ඩුවට අයිති දුපතකි.නමුත් මේ දක්වා චීනයට තායිවානය සිය පාලන බලයට නතු කිරීමට නොහැකි වී ඇත.
චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇති පරිදි තායිවානය මහා ජන චීනයේ කොටසක් බවට පත්වීම කිසි සෙත් ම මග හැරිය නොහැකි තත්ත්වයකි. චීන කොමියුනිස්ට් පක්ෂය තායිවානය පිළි ගන්නේ මහ ජන චීනයට අයත් පළාතක් ලෙසය. කිසිදා චීනය විසින් තායිවානය පාලනය නොකළ ද අවශ්‍ය වුව හොත් බලය යොදා එම රට යටත් කර ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රතිඥා දී ඇත.
මේ අතර චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අත්සන් කර ඇති ගිවිසුමකට අනුව ඇමරිකා එකසත් ජනපදය මහ ජන චීනය නීත්‍යානුකුලව පිළි ගන්නා අතර තායිවානය සහ අනෙකුත් ප්‍රාදේශීය ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් තර්ජන සහ බලය පාවිච්චි කිරීමෙන් තොරව විසඳා ගත යුතුය.
ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් ඓතිහාසික කාල පරිච්ඡේදයක් මුළුල්ලේම චීනය වෙනුවට තායිවානය පිළි ගනිමින් චීනයේ පැවැත්මට බරපතළ ලෙස දේශපාලන අභියෝග එල්ල කළ ද චීනයේ ආර්ථික සහ දේශපාලන ප්‍රගතිය නිසාම ඔවුන්ගේ ඒ ප්‍රතිපත්තිය අසාර්ථක භාවයට පත් වෙමින් තිබේ.
තත්ත්වය මෙසේ තිබියදී චීන මහ ජන විමුක්ති හමුදාව තායිවානයේ ගුවන් ආරක්ෂිත කලාපයට 2021 ඔක්තෝබර් 04 වැනි සඳුදා අහස් යානා 56ක් යවා ඇත. ඊට පෙර ඉරිදා අහස් යානා 16ක් ද, සිකුරාදා අහස් යානා 38ක් ද, සෙනසුරදා අහස් යානා 39ක් ද යවා තිබුණි.කෙටි කාලයක් ඇතුළත මෙසේ අහස් යානා යැවීම නිසා තායිවාන සමුද්‍ර සන්ධියේ එම කොටස බලවත් අස්ථායි කරණයට භාජනය වෙයි.
මෙහි බරපතළ තත්ත්වය වන්නේ තායිවානයට එමගින් ගෙන එනු ලබන දේශපාලන සහ ආර්ථිකමය අස්ථායිකරණයයි. එමෙන්ම මේ ප්‍රදේශය ඇමරිකා එක්සත් ජනපදය සහ එහි මිතුරන් වන ඔස්ට්‍රේලියාව, ජපානය සහ නවසීලන්තය ද, මහ ජන චීනය අතර ද බල පොරය අතිශයින්ම උග්‍ර අතට හැරීම අනිවාර්ය වේ. චීනය සමග යුද්ධයකට පැටලුණ හොත් ඇමරිකාවට අත් වන ඉරනම පිළිබඳව ඇමරිකාවේම සමහර කොටස් සැ ක පළ කරමින් සිටියි.
Lanka Newsweek © 2024