දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා තුන්වන විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී කුසල් පෙරේරා ආබාධයකට ලක්වීම හේතුවෙන් විස්සයි 20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම පිළිබඳව විශාල අවිනිශ්චිත තත්ත්වයක් උදා වී ඇත.
කොවිඩ් -19 රෝගයෙන් සුවය ලබා නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි කුසල්ට ආබාධයක් හේතුවෙන් ඉන්දියානු තරඟාවලිය ද අහිමි විය.කණ්ඩායමේ වෛද්‍යවරයෙක් වන දමින්ද අත්තනායක මහතා පවසා ඇත්තේ ලෝක කුසලානය සඳහා කුසල් පෙරේරා ක්‍රීඩා කරනවාද නැද්ද යන තීරණය තවමත් වැට උඩ බවය.ඔහුගේ සුවය පිළිබඳව ඉදිරි කාලයේදී නිරීක්ෂණය කර ඒ පිළිබඳව නිවැරදි තීරණයකට වෛද්‍ය කණ්ඩායමට එළඹිය හැකි වේ. කෙසේ වෙතත් එම තීරණය සැප්තැම්බර් 23 වන විට ගත යුතුය.
මේ අතර තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුශංක එම තරඟයේදීම පන්දු රැකීමේදී සිදු වූ වම් උරහිසේ අස්ථි බිඳී යාමක් හේතුවෙන් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමෙන් ඉවත් වී ඇත. ලහිරු මධුශංක වෙනුවට ලෝක කුසලාන සංචිතයට ආදේශක ක්‍රීඩකයෙකු නම් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවනු ඇත.
ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නම් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය ක්‍රීඩා කර ඉදිරියට පැමිණිය යුතුය.ශ්‍රී ලංකාව තම සුදුසුකම් ලැබීමේ වටයේ දී නැමීබියාව(ඔක්18) , අයර්ලන්තය(ඔක්20) සහ නෙදර්ලන්තය(ඔක්22) සමඟ ක්‍රීඩා කරයි.
පිතිකරණයෙන් ඉතා පසු බෑමකට ලක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් පෙරේරා නොමැතිව ලෝක කුසලානය ක්‍රීඩා කරන්නට සිදු වුවහොත් එය බලවත් පාඩුවක් වනු ඇත.
Lanka Newsweek © 2024