Monday 27th of September 2021

English Tamil
Advertiesment


උතුරේ ආර්ථික අගහිඟකම් නිසා ගණිකා වෘත්තිය වැඩි වෙලා


2021-09-14 5793

 

උතුරු පළාතේ වසංගතයට අමතරව දුප්පත්කම විශාල වශයෙන් වැඩිවී ඇති බවත් කොවිඩ් වසංගතය හමුවේ ආණ්ඩුව උතුරු ප්‍රදේශයේ ජනතාවට අඩු සැලකිල්ලක් දක්වා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා චෝදනා කර සිටියි.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඒ බව කියා සිටියේ අඟහරුවාදා(14) බත්තරමුල්ල, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී වන අතර එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

රටේම දුප්පත්කම 6.7%ක් හැටියට තිබුණත් කිලිනොච්චියේ 10.9%ක් වෙනවා. දුප්පත්කම නිසා පිඩාවට පත්වන ජනතාව කොවිඩ් වසංගතය හමුවේ බලවත් පීඩාවට පත්වී සිටිනවා. ඒ වගේම සමාජ ආර්ථික ප්‍රශ්න නිසා යාපනය දිස්ත්‍රික්කයේ මැර කණ්ඩායම් පවා බිහිවී තිබෙනවා.

ඔවුන් මැඩ පැවැත්වීමට පොලීසිය අසමත් වී තිබෙනවා. මේ නිසා උතුරු ප්‍රදේශයේ ජනතාව නැවත වටයකින් භීතියට පත්වී සිටිනවා. තව පැත්තකින් ආර්ථික අගහිඟකම් නිසා ගණිකා වෘත්තිය වැඩි වී තිබෙනවා.

සමහර ගණිකා මඩම්වලට පොලිසිය ආරක්‍ෂාව දෙනාවද කියන ප්‍රශ්නයත් ජනතාවට තිබෙනවා. මේ නිසා මේ ජාවාරම් පිටුපස දේශපාලන බලවේග තිබෙන බව ජනතාවට පැහැදිලි වී තිබෙනවා. 
කොරෝනාව විසින් ජනතාවගේ දරිද්‍රතාවය වැඩිකර තිබුණත් පොදුවේ ඊට වඩා ව්‍යසනයක් බවට දුප්පත්කම පත්වී ඇති බව තහවුරු වෙනවා.

කාන්තා ගෘහ මූලිකාවන් සිටින පවුල් 28,000ක්, ආබාධිත 7,000ක් වගේ පිරිසක් උතුරේ ඉන්නවා. නමුත් මෙ අයට කොරෝනා සහනාධාර පවා ලැබෙන්නේ නැහැ. නමුත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ පුතුන් උතුරට ගිහින් මාධ්‍ය සංදර්ශන පවත්වනවා.

පසුගිය අගෝස්තු මාසයේදී කොළඹට පැමිණි 20ක් පරීක්‍ෂාවට ලක්කළා. වැලිඔය ප්‍රදේශය කොවිඩ් වලින්  තොර බවට මුලදී කීවා. නමුත් එහි සිට කොළඹට ගෙන ආ සිවිල් ආරක්‍ෂක භටයන්ගෙන් 10කට කොරෝනා ආසාදනය වෙලා. ඊට පස්සේ 10 දෙනෙක් අහඹු ලෙස පරීක්‍ෂාවට ලක් කෙරුණා.

ඒ  10ම ආසාදිතයෝ. මේ ආකාරයට සිවිල් ආරක්‍ෂක භටයන් විශාල පිරිසක් කොළඹ රාජකාරිවලට යොදවා ආසාදිතයින් බවට පත්වුණාම නැවත වැලිඔයට ගිහිල්ලා දානවා. දුප්පත් ගොවියන් සහ වෙනත් අඩු ආදායම් ලබන පවුල්වල සාමාජිකයන් මේ ආකාරයෙන් සිවිල් ආරක්‍ෂකයන් හැටියට රාජකාරී කිරීම තුළ කොවිඩ් ආසාදනය වීමෙන් ඔවුන්ගේ මුළු පවුල්වලටම රෝගය වැලඳීමේ අනතුරක් තියෙනවා.

මේ නිසා වැලිඔය ප්‍රදේශයේ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් එයින් පිට ප්‍රදේශවල රාජකාරීවලට නොයොදන ලෙස ජනතාව ඉල්ලා සිටිනවා. මේ වැනි අහිංසක ඉල්ලීම් විශාල ප්‍රමාණයක් උතුරු නැගෙනහිර ජනතාවට තිබෙනවා. ඒ ඉල්ලීම් හෝ ඉටුකර දෙන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. 
 

Advertiesment