Tuesday 30th of November 2021

English Tamil
Advertiesment


පැමිණෙන සංචාරකයින් සෞඛ්‍ය අංශවල අධීක්ෂණයෙන් තොරයි


2021-09-14 5765

 


(හේමන්ත තුසිත කුමාර)
 

අධීක්ෂණයකින් තොරව මෙරටට විදේශීය  සංචාරකයින් ගෙන්වීම මගින් අප රට නැවතත් විශාල අනතුරකට ලක්වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා මෙසේ අදහස් දැක්වීය.

"බොහෝ විට සංචාරකයින් ලෙස පැමිණෙන්නේ ඉන්දියානුවන් . ඔවුන් දින 14ක් පමණ ලංකාවේ ගතකර මද පෙරදිග රටවල් කරා ගමන් කරනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා මේ සංචාරකයින් අධීක්ෂණයට ලක් නොවේ. ඔවුන් සංචාරක මණ්ඩලය හා ඔවුන්ගේ ඒජන්ත වරු හරහා තමයි ගෙනයන්නේ.

ඔවුන් කුමන ස්ථානයකට යනවාද කුමන ස්ථානයක කටයුතු කරනවාද යන්න සෞඛ්‍ය අංශ දැනුවත් නැහැ. මෙය භයානක තත්වයක් . අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය තවම ලංකාවට ඇවිත් නෑ . මෙවැනි අනාරක්ෂිත ලෙස හැසිරීම නිසා තමයි ඩෙල්ටා ප්‍රභේදයත් ලංකාවට ආවේ. එයින් සිදුවූ හානිය සුළුපටු නැහැ. ඉතින් සංචාරකයින් ලංකාවට ගෙන්වනවා නම් සෞඛ්‍ය අංශවල දැඩි අධීක්ෂණය යටතේ එය සිදුවිය යුතුයි."

Advertiesment