Tuesday 30th of November 2021

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු T20 තරඟය අද


2021-09-10 5759

 

(හේමන්ත තුසිත කුමාර)

 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු T20 තරඟය අද(10) කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පස්වරු 7:00ට පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගත් පිතිකරුවකු හා කඩුලු රකින්නකු වන කුසල් පෙරේරා T20 කණ්ඩායමට කැඳවා ඇති අතර ඔහු අද තරඟයට ක්‍රීඩා කරනු ඇතැයි බොහෝ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තුව වේ.එමෙන්ම ජාත්‍යන්තර T20 ප්‍රබලයන් දෙදෙනෙකු වන ඩේවිඩ් මිලර් සහ ක්වින්ටන් ඩිකොක් දකුණු අප්‍රිකානු සංචිතයට කැඳවා ඇත. 

පසුගිය දකුණු අප්‍රිකානු එක්දින තරඟාවලිය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකාව අද තරඟයට හොඳ ආත්ම විශ්වාසයකින් ක්‍රීඩා කරනු ඇත. අයි සී සී T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල දකුණු අප්‍රිකාව මේ වන විට 5 වන ස්ථානයේත්, ශ්‍රී ලංකාව 9 වන ස්ථානයේත් පසු වේ.

එමෙන්ම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයේ T.ශම්සි (දකුණු අප්‍රිකාව) ද දෙවන ස්ථානයේ  වනිඳු හසරංග(ශ්‍රී ලංකාව) ද පසු වන අතර ඔවුන්ට තම ස්ථානය තීරණය කර ගැනීමට මෙම තරඟාවලියේ දක්ෂතා වැදගත් වනු ඇත. 

Advertiesment