Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


එජාපය 75 ට දැවී යයි 


2021-09-06 14346

දෙවැනි ඉනිම ආරම්භ කරනවා ද, නැද්ද යන්න පිළිබඳව නායකයා තීන්දු කළ යුතුයි

 

එජාපයේ ප්‍රතිපත්තිය වන්නේ "සම හැකියාවනට සම අවස්ථා" 

 

එම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළ සෑම අවස්ථාවකම පක්ෂය පරාද වුණා 

 

ආරක්ෂා කළ විට දිනුවා 

 

 

"දැන් අපි සියලු දෙනා එකට එකතු වී සිටින බැවින් අපි එය එක්සත් ජාතික පක්ෂය කියලා හඳුන්වමු” එහෙම කිව්වේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන්ය. "මම අද ප්‍රකාශ කරනවා තමුන්නාන්සේලාට...එක්සත් ජාතික පක්ෂය දැන් සමාජවාදී පක්ෂයක්. අපිට තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදයක්."
එහෙම කිව්වේ ජේ.ආර් ජයවර්ධනයන්ය.

ගාමිණී දිසානායකයන් එක්සත් ජාතික පක්ෂය හැර යන්න ඔන්න මෙන්න තිබියදී පුවත්පතකට මෙහෙම කිව්වාය. ප්‍රශ්නය - ඔබ  කැබිනෙට්ටුවෙන් නෙරපා තිබියදීත්, වත්මන් එක්සත් ජාතික පක්ෂයෙන් සහ වෘත්තීය සමිතිවලින් ඉවත දමා තිබියදීත් තවදුරටත් එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරන්නේ ඇයි..?

ගාමිණී දිසානායක - එක්සත් ජාතික පක්ෂය කෙරෙහි මගේ පවතින ආකල්පය තවත් අයගේ ක්‍රියාවන් මත රැඳී පවතින්නක් නොවේ. එය කිසිවිටකත් මට කරන ලද්දක් මත රැඳෙන්නක් නොවේ. ඒ සියල්ල සහමුලින්ම මාගේ ඇතුළාන්තයේ බැඳීම් සහ මා නියෝජනය කරන ජනතාවගේ සිතුම් පැතුම් හා අභිලාෂයන් මත රැඳී පවතින්නක්.“

මගේ දේශපාලන මහගෙදර මේ මොහොතේ සිය 75 වන උපන් දිනය සමරනවා. මේ අවස්ථාවේ දී උඩින් තියෙන සියල්ල මට මතක් වෙනවා."එක්සත් ජාතික පක්ෂයේ සමාජ ප්‍රතිපත්තිය වන්නේ, "සම හැකියාවනට සම අවස්ථා" කියන සංකල්පයයි. එම ප්‍රතිපත්තිය අනුගමනය කරනතාක් එක්සත් ජාතික පක්ෂය දිනුවා. එම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළ මොහොතේ සිට එක්සත් ජාතික පක්ෂය පරාජය සොයා ගියා.
 
එක්සත් ජාතික පක්ෂය එදා සිය 70 වැනි උපන් දිනය සමරණ කොට මගේ මිත්‍ර චාමර ලක්ෂාන් කුමාර මෙහෙම ලිව්වා. "එජාපය නොදැවී 70යි"
අද මට මෙහෙම හිතෙනවා. "එජාපය 75 ට දැවී යයි" දෙවෙනි ඉනිම ආරම්භ කරනවාද යන්න ඔවුන් තීන්දු කළ යුතුයි.
මට දේශපාලනය කියා දුන් එක්සත් ජාතික පක්ෂයට සුබ උපන් දිනයක් වේවා..!

 
 -හරින් ප්‍රනාන්දු-
සමගි ජන බලවේගය
පාර්ලිමේන්තු මන්ත්‍රී 
 
Advertiesment