Friday 4th of October 2024

English Tamil
Advertiesment


ලෝක ටෙස්ට් ක්‍රිකට් තරගාවලි


2019-07-03 14327

(නිලන්ති චන්ද්‍රසේන)

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ වන විට 2019 – 2023 දක්වා කාල පරාසය තුළ දී පැවැත්වෙන නව අනාගත තරග සැලසුම් නිල වශයෙන් මේ  වන විට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙහි විශේෂත්වය වන්නේ  පළමු වරට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියක් සංවිධානය කිරීමට තීරණය කර  තිබීමයි.

2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවට ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියක් හා තවත් අමතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගයක්  පැවැත්වීමට ද  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම  නව තරගාවලි රටාවන්ට අනුව කණ්ඩයම් 16 කට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවීමයි.

මෙම ක්‍රමය අනුව  වසර දෙකක් පුරා පවත්වන කලාපීය තරගාවලි, උප කලාපීය තරගාවලිවලට පසුව සාමාජික රටවලට ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි වලට සුදුසුකම් ලැබීමේ වරම් මෙන්ම වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමේ වරම් ද හිමි වේ.

Advertiesment