Friday 4th of October 2024

English Tamil
Advertiesment


රටේ විදේශ සංචිතය ඩොලර් මිලියන 2,833.5 ට බැහැලා 


2021-08-17 14325

රාජ්‍ය බැංකුවලට ලැබෙන්නේ ඩොලර් අවශ්‍යතාවයෙන් 10%ටත් අඩුවෙන් 

 

ඩොලර් නැතිව වාරයේ කන්ටේනර් ගොඩ ගැහිලා 

 

(ලුම්බිණි ප්‍රමෝද්‍යා ලියනගේ)

 

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතය මේ වන විට ඩොලර් මිලියන 2,833.5 දක්වා අඩු වී ඇතැයි දේශපාලන-ආර්ථික විශ්ලේෂක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.   

රාජ්‍ය බැංකුවලට මාසිකව ලැබෙන්නේ එම බැංකුවල ඩොලර් අවශ්‍යතාවයෙන් 10% කටත් අඩු ප්‍රමාණයක් වන අතර ඩොලර් නොමැති නිසා වරායේ කන්ටේනර් තොගයක් ගොඩ ගැසී ඇතැයි කියන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා  ද තත්ත්වය එසේ තිබිය දී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මාස තුනකින් ලැබෙන ඩොලර් බිලියන 2.6 ක් ගැන දවල් සිහින දකිමින් සිටින බව ද සඳහන් කරයි. 

රටේ අභිවෘද්ධියට වැදගත් වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත (IMF)යනවා ද, නැද්ද යන්න පිළිබඳව නොව රටට බඩු ගෙන්වා ගැනීමට අවශ්‍ය ඩොලර් සොයා  ගත හැකිද යන්න පිළිබඳව යැයි ද රජිත් කීර්ති තෙන්නකෝන් මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

Advertiesment