වසර 200 කට ආසන්න බ්‍රිතාන්‍ය පාලනය අවසන් කරමින් 1947 අගෝස්තු 15 දින ඉන්දියාවට නිදහස ලැබුණි. 2021 අගෝස්තු 15 දින ඉන්දියාව සිය 75 වන නිදහස් දිනය සමරන්නේ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමේ ප්‍රීතිය සනිටුහන් කිරීමේ සුපුරුදු අභිමානයෙනි. ඉන්දියානු නිදහස් සටන පළමුවන ලෝක යුද්ධ සමයේ ආරම්භ වූ අතර එහි නායකත්වය මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධි විසින් දරන ලදී.
ඉන්දියානු නිදහස් පනත් කෙටුම්පත බ්‍රිතාන්‍යට 1947 ජූලි 4 දින ඉදිරිපත් කරන ලද අතර එය දෙසතියකින් සම්මත විය. 1947 අගෝස්තු 15 වන දින ඉන්දියාවට බ්‍රිතාන්‍ය පාලනය අවසන් කිරීමට හැකි විය. ඉන් පසු ඉන්දියාව සහ පාකිස්තානය දෙකට බෙදීමත් සමඟ ඉන්දියාව නිදහස් රටක් බවට පත් විය.
ඉන්දියාවේ නිදහස් අරගලයට දායක වූ ශ්‍රේෂ්ඨ නිදහස් සටන් කරුවන් අතර මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු, සර්දාර් වල්ලබ්බායි පටෙල්, භගත් සිං, චන්ද්‍ර ෂේඛර් අසාද්, සුභාෂ් චන්ද්‍ර බෝස් සහ තවත් බොහෝ අය වෙති.
බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා බොහෝ නිදහස් සටන් කරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කල සටන ඉතා ගෞරවනීය වේ. නිදහස් දිනය ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයක් වන අතර, එදිනට සාමාන්‍යයෙන් රට පුරා ජාතික වර්ණ සහිත කොඩි එසවීම, පෙළපාලි සහ සංස්කෘතික උත්සව පැවැත්වීම සිදු කෙරේ.
ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු 1947 අගෝස්තු 15 වන දින දිල්ලියේ රතු කොටුවේ ලාහෝරි දොරටුවට ඉහළින් ඉන්දියානු ජාතික ධජය එසවූ අතර, එතැන් සිට වත්මන් අගමැතිවරයා දක්වා එය කර ගෙන යනු ලබන සම්ප්රදායක් බවට පත්ව ඇත.
Lanka Newsweek © 2024