Sunday 13th of October 2024

English Tamil
Advertiesment


ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් කල ඉල්ලීම


2021-08-05 14330

 


(හේමන්ත තුසිත කුමාර)

 

ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා(04) කොවිඩ්-19 එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබා දීම අත්හිටුවන ලෙස ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ අවම වශයෙන් සැප්තැම්බර් මස අවසානය වන තුරු බූස්ටර් මාත්‍රාව ලබා දීම ප්‍රමාද කළහොත් පොහොසත් සහ දුප්පත් ජාතීන් අතර එන්නත් මාත්‍රා බෙදී යාමේ දැඩි අසමානතාවය සමනය කිරීමට උපකාරී වන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පැවසුවේ මෙම පියවර ගත හොත්  “සෑම රටකම ජනගහනයෙන් අවම වශයෙන් සියයට 10 ක් වත් එන්නත් ලබා ගැනීමේ ” ඉලක්කය කරා යාමට එය උපකාරී වනු ඇති බවයි.

නිල දත්ත සම්පාදනයකට අනුව, 2019 අග භාගයේදී වෛරසය මුලින්ම මතුවූ දා සිට මේ දක්වා ලොව පුරා කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 4,247,231 ක් වත්  මිය ගොස් ඇත. දරුණු ලෙස පීඩාවට පත් රට එක්සත් ජනපදය වන අතර එහි  614,295 ක් මියගොස් ඇත.මේ අතර බ්‍රසීලය මරණ 558,432 ක් සහ ඉන්දියාව මරණ  425,757 ක් වාර්තා කරයි.
 

Advertiesment