ඉන්දියාවේ නවදිල්ලි හි මුඩුක්කු ප්‍රදේශයක ජීවත් වූ 9 හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.හින්දු ආගමේ පහත් ලෙස සලකන කුලයන්ගෙන් එකක් වන දලිත් ප්‍රජාවට අයත් මෙම දැරිය ඉරිදා(01) රාත්‍රියේ දිල්ලි ආදාහනාගාරය අසලදී මියගොස් සිටියදී සොයා ගත් බව දිල්ලි පොලිසිය පවසයි.
දරුවා ඉරිදා සවස තමන් ජීවත් වූ නවදිල්ලි මුඩුක්කුව අසල පිහිටි ආදාහනාගාරයක සිසිලනයෙන් වතුර ගෙන ඒමට ගිය අතර නැවත නිවසට පැමිණ නැත. ආදාහනාගාරයේ වැඩ කරන හින්දු පූජකයා දැරිය සිසිලන යන්ත්‍රයෙන් ජලය ලබා ගැනීමට යාමේදී අහම්බෙන් විදුලි සැර වැදී මිය ගිය බව දෙමාපියන්ට පවසා ඇත.සිරුර හමුවන විට දරුවාගේ ශරීරයේ තැලීම් තුවාල සිදුවී ඇති බවත් තොල් නිල් පැහැති වී ඇති බවත් ඇඳුම් පැළඳුම් තෙත්ව තිබූ බවත් දකින්නට තිබුණි. .
ඉන්පසු දැරියගේ දෙමව්පියන් පූජකවරයා සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු විසින් ඇයව දූෂණය කර මරා දැමූ බවට චෝදනා කළෝය.ඒ හේතුවෙන් මේ පිළිබඳව කිසිවක් පොලිසියට නොකියන ලෙස පූජකවරයා දෙමව්පියන්ට පවසා ඇත.ඉන්පසුව වහාම ආදාහනය කිරීමට එකඟ වන ලෙස සැකකරුවන් දෙමව්පියන්ට බලපෑම් කළ අතර ඔවුන්ගේ අපරාධය පිළිබඳ සාක්ෂි විනාශ කිරීම සඳහා ඔවුන් ඇගේ සිරුර ඉක්මනින් පුළුස්සා දැමූහ.
මේ වන විට ආදාහනාගාරයේ පූජකවරයා ඇතුළු 4 දෙනෙකු දූෂණය කිරීම, ඝාතනය කිරීම සහ සාක්ෂි විනාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.දරුවා ඝාතනය කිරීමේ පුවත පළ වූ දා සිට නවදිල්ලි අගනුවර විරෝධතා උත්සන්න වෙමින් පැවති අතර සිසුන්, සමාජ ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් නිරීක්ෂකයින් ඇතුළු දහස් ගණනක් ජනයා විරෝධතා සඳහා රැස් වූහ.
පෙළපාළි ගිය අය සැකකරුවන් එල්ලා මරා දමන ලෙස ඉල්ලමින් පින්තූර සහිත පුවරු ඔසවමින් විරෝධය දැක්වුවෝය . තවත් සමහරු ඉන්දියාවේ පුරුෂාධිපත්‍යය, කුල පීඩනය සහ ස්ත්‍රී දූෂණ රැල්ල හෙළා දුටුවෝය. බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින් පවා සිද්ධිය සම්බන්ධයෙන් කෝපයෙන් හා කනගාටුවෙන් ට්විටර් පණිවුඩ නිකුත් කර ඇත.
Lanka Newsweek © 2024