Friday 21st of March 2025

English Tamil
Advertiesment


පේරු නව ජනාධිපති දිවුරුම් දීම


2021-07-31 14412

 
(හේමන්ත තුසිත කුමාර)
 

වාමාංශික හිටපු ගුරු සංගම් නායකයෙකු වන පේද්‍රෝ කැස්ටිලෝ පේරු රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස  මේ වන විට දිවුරුම් දී ඇත. කොරෝනා වයිරස් අර්බුදයට මුහුණ දීම, රජය ගොඩනැගීම, රට එක්සත් කිරීම ඇතුළු විශාල ප්‍රශ්ණ ගණනාවක් ඔහු ඉදිරියේ පවතී.

කැස්ටිලෝගේ දක්ෂිණාංශික ප්‍රතිවාදියා වූ කයිකෝ ෆුජිමෝරි ඡන්ද 44,000 කින් පරාජයට පත් කරමින් ජුනි මාසයේදී පැවති ජනාධිපතිවරණ මැතිවරණයෙන් පසු සති ගණනාවක පැවති අවිනිශ්චිතතාව නිමා කරමින් ඔහු දිවුරුම් දුන්නේය.

පේරු හි ජනාධිපතිවරයා බවට පත් 51 හැවිරිදි කැස්ටිලෝ හිටපු ග්‍රාමීය පාසල් ගුරුවරයෙකු වේ. පේරු හි දේශපාලන හෝ ආර්ථික ප්‍රභූ පැලැන්තිය සමඟ කිසිදු සම්බන්ධයක් නැති අයෙකු මෙලෙස ජනාධිපතිවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ දශක කිහිපයකට පසුවය. ඔහු ජනාධිපතිවරයා ලෙස පේරු රාජ්‍යය දුප්පත් මිනිසුන් නොමැති රටක් බවට පත් කරන බවට පොරොන්දු විය. 

Advertiesment