Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


බංග්ලාදේශයේ දරුණු ගං වතුර හා නාය යාම්


2021-07-30 14341

 
(හේමන්ත තුසිත කුමාර)

 

දකුණු දිග බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරුවලට කඩා හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් දහස් ගණනක් ජනතාවකට උන් හිටි තැන් අහිමි වෙයි. වැසියන් 800,000 කට වැඩි සංඛ්‍යාවක් වාසය කරන කොක්ස් බසාර් දිස්ත්‍රික්කයේ කඳවුරු මතට අසාමාන්‍ය  වර්ෂාපතනයක් පතිත වූ බවත් ඉකුත් බදාදා(28) දිනයේදී දින 15ක පමණ වැස්සක් එකවර කඩා වැටී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි. මේ හේතුවෙන් නිවාස 2500ක් පමණ හානියට පත්ව ඇත. ගං වතුරට අමතරව නාය යාම් ද සිදුව ඇති බැවින්  තත්ත්වය වඩාත් දරුණු වී ඇත. පීඩාවට පත් ජනතාව විශාල වශයෙන් ආහාර හිඟ කමෙන් ද පෙළෙයි. 

Advertiesment