බ්‍රහස්පතින්දා (29) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති තෙවැනි විස්සයි විස්ස තරඟය ජය ගැනීමත් සමග සමස්ත තරඟාවලියේ ජය 2-1ක් ලෙස ශ්‍රී ලංකාවට හිමි විය. මේ තරඟයේ ඉතා වැදගත් සිදුවීම් ගණනාවක් විය.
තෙවැනි විස්සයි විස්ස තරගයේදී ඉන්දියාව ලබා ගත් මුළු ලකුණු සංඛ්‍යාව 81 කි.එය ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර මීට පෙර වාර්තා කළ අඩුම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාව වුයේ 2016 දී පූනේහි දී ලබා ගත් ලකුණු 101ය.
එමෙන්ම ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයකදී පන්දුවාර 20ම ක්‍රීඩා කර ලබා ගත් දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව වේ.මෙතෙක් අඩුම ලකුණු සංඛ්‍යාව බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුළු 7ක් දැවී ලබාගත් ලකුණු 79 වේ. 2010 දී සිම්බාබ්වේට එරෙහිව තරඟයකදී එය වාර්තා විය.
වනිදු හසරංගගේ ලකුණු 9 ට කඩුලු 4, පිරිමි විස්සයි විස්ස තරඟයක දී ඉන්දියාවට එරෙහිව පන්දු යවන්නෙක් වාර්තා කළ හොඳම පන්දු යැවීමයි. එය මීට පෙර ඉන්දියාවට එරෙහිව 2016 ලෝක විස්සයි විස්ස තරඟාවලියේදී නවසීලන්තය වෙනුවෙන් මිචෙල් සැන්ට්නර් විසින් නාග්පූර්හිදී ලකුණු 11ට කඩුළු 4ක් ලබා ගැනීම අභිබවා යාමකි.
පිරිමි විස්සයි විස්ස තරඟයකදී උපන් දිනයේ දී හොඳම පන්දු යැවීම දැක්වූ ක්‍රීඩකයා වනිඳු හසරංග ය. පිරිමි විස්සයි විස්ස තරඟයකදී උපන් දිනයේ දී කඩුලු 4 ක් දවා ගත් දෙවන ක්‍රීඩකයා ද ඔහු ය. ඉම්රාන් තහීර් මීට පෙර සිය 35 වන උපන්දිනය සැමරූ 2014 දී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 21 කට කඩුලු 4 ක් ලබා ගන්නා ලදී.
ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ පළමු විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය මෙය වේ. 2008 දී ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසුව ඉන්දියාවට එරෙහිව ඕනෑම ආකෘතියකින් ශ්‍රී ලංකාව තරඟාවලියක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය වේ.
තෙවැනි විස්සයි විස්ස තරගයේදී ඉන්දියාවට කිසිදු හයේ පහරක් එල්ල කිරීමට නොහැකි වූ අතර එසේ ඉන්දියාවට විස්සයි විස්ස තරඟයකදී හයේ පහරක් එල්ල කිරීමට නොහැකි වූ පළමු වතාව වේ. ඔවුන් විස්සයි විස්ස තරඟයක දී ලබා ගත් අඩුම හතරේ පහර සංඛ්‍යාව තුන්වන තරඟයේදී වාර්තා වූ අතර එය හතරේ පහර 4කි.
ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් මැඩ පවත්වා ගත් 3.30ක ලකුණු ලබා ගැනීමේ වේගය මෙතෙක් පිරිමි විස්සයි විස්ස තරගයකදී කණ්ඩායමේ මුළු දඟ පන්දු යවන්නන් වාර්තා කළ දෙවැනියට අවම(හොඳම) ලකුණු ලබා ගැනීමේ වේගයයි. (අවම පන්දුවාර 10ක් යැවූ).මීට පෙර බංග්ලාදේශය 2014 දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව හොඳම ලකුණු ලබා ගැනීමේ වේගය වාර්තා කළ අතර,එය 3.08 ක වේගයක් විය. බංග්ලාදේශ දඟ පන්දු යවන්නන් ඕවර 12.1 ක් යවා ලකුණු 37 ක් පමණක් ලබා දී 3.08ක් ලකුණු ලබාගැනීමේ වේගයක් වාර්තා කරන ලදී.
තුන්වන විස්සයි විස්ස තරගයේ කණ්ඩායම් දෙකේ ලකුණු ලබා ගැනීමේ වේගයන් එකතු කල විට ලැබෙන අගය(4.72) මෙතෙක් දෙවැනියට වාර්තා කල, අඩුම ලකුණු ලබා ගැනීමේ අගය වේ. මීට පෙර 2010 දී බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ අතර පැවති විස්සයි විස්ස තරගයකදී 4.61 ක අඩුම ලකුණු ලබාගැනීමේ වේගයක් වාර්තා කර ඇත.
Lanka Newsweek © 2024