එක්සත් ජනපදය විසින් මීට පෙර සිදු කල ගනුදෙනු වලට වඩා ඉහළ මිලකට ෆයිසර් සමාගමෙන් සහ හවුල්කරු බයෝ එන් ටෙක් එස්ඊ සමාගම වෙතින් අතිරේක Covid-19 එන්නත් මාත්‍රාවන් මිලියන 200 ක් මිලදී ගෙන ඇත.
ෆයිසර් ආයතනයට අනුව මාත්‍රාවක් සඳහා මීට පෙර කළ ගනුදෙනු වලදී ගෙවූ ඩොලර් 19.50 සිට ඩොලර් 24ක් දක්වා ඉහල දැමූ මිලකට එක්සත් ජනපදයට විකුණනු ලැබේ . මෙම ගනුදෙනුවෙන් පසුව එක්සත් ජනපදය මිලදී ගත් මුළු මාත්‍රා ප්‍රමාණය බිලියනයක් වේ.
වසර අවසාන වන විට මාත්‍රාවන් මිලියන 110 ක් ලබා දීමට අපේක්ෂා කරන බවත්, ඉතිරිය ලබන අපේ‍්‍රල් මාසය අවසන් වන විට ලබා දීමට අපේක්ෂා කරන බවත් අදාළ සමාගම් පවසයි. ෆයිසර් ආයතනය පැවසුවේ එක්සත් ජනපදයට නව ප්‍රභේද සඳහා යාවත්කාලීන කළ එන්නත් ලබා ගැනීමට අවස්ථාව ඇති බවය. ෆයිසර් සමාගම දකුණු අප්‍රිකාවේ සොයා ගත් බීටා ප්‍රභේදය ඉලක්ක කරගනිමින් මේ වන විට පර්යේෂණ සිදුකරමින් පවතී.
Lanka Newsweek © 2024