Monday 27th of September 2021

English Tamil
Advertiesment


ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ගැන කොමිසමේ යෝජනා..!


2021-07-21 6029

 

(හේමන්ත තුසිත කුමාර)

 

අඟහරුවාදා(20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම්  සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති  පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා සභාපතීත්වය දරණ මෙම කොමිසමේ සෙසු සාමාජිකයෝ ලෙස විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සහ යාපනය හිටපු නගරාධිපති යෝගේෂ්වරී පත්කුණරාජා යන මහත්ම මහත්මීන්  වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නො වන කොමිසම් සභාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බව අතුරු වාර්තාව මඟින් දී ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9,11 සහ 13 වගන්ති කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති කොමිසම, වඩා ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා තුනක් අතුරු වාර්තාව මඟින් ඉදිරිපත් කර ඇත.

9 වන වගන්තිය මඟින් රැඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීමේදී අවම මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් රඳවා තබාගන්නා පුද්ගලයන්ට අධි චෝදනා ගොනුකර නඩු අසා නිම කිරීමත්, 11 වන වගන්තිය යටතේ වූ රැඳවුම්කරුවන් බන්ධනාගාරය තුළ රඳවා තබා ගැනීම වෙනුවට විශේෂ ආරක්ෂාවක් යටතේ සිය නිවසේ හෝ ගම් ප්‍රදේශය තුළ රඳවා තබා ගැනීමට ඇති හැකියාව පෙන්වා දී ඇත.

13 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට උපදෙස් දීමට අවම වශයෙන් තිදෙනෙකුගෙන් සමන්විත, සියලු ජාතීන් නියෝජනය කෙරෙන උපදේශන සභාවක් පත් කිරීමේ වැදගත්කම කොමිසම අතුරු වාර්තාව මඟින් යෝජනා කර ඇත.

 

Advertiesment